• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීමට යෝජනාවක් තීරණයට පෙර මහජන අදහස් විමසීමක්

15 February 2026
in දේශීය, පුවත්
විදුලි ගාස්තු 13.56%කින් ඉහළ දැමීමට යෝජනාවක් තීරණයට පෙර මහජන අදහස් විමසීමක්
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter
2026 වසරේ අප්‍රේල් සිට ජුනි දක්වා වන දෙවැනි කාර්තුව සඳහා විදුලි ගාස්තු සියයට 13.56කින් ඉහළ දැමීමට ලංකා විදුලිබල මණ්ඩලය මහජන උපයෝගීතා කොමිසමට යෝජනා කර තිබේ. මෙම කාලසීමාව තුළ අපේක්ෂිත රුපියල් මිලියන 15,847ක මූල්‍ය හිඟය පියවා ගැනීම සඳහා මෙම ගාස්තු සංශෝධනය අත්‍යවශ්‍ය බව විදුලිබල මණ්ඩලය පෙන්වා දෙයි. විශ්‍රාම යන සේවකයින් සඳහා ගෙවිය යුතු රුපියල් මිලියන 1518ක මුදල සහ බලාගාර නඩත්තු කටයුතු සඳහා වැයවන පිරිවැය ද මෙම ගාස්තු ඉහළ දැමීමේ යෝජනාවට පදනම් වී ඇත.
වසරකට සිව් වතාවක් සිදුකරන ගාස්තු සංශෝධන ප්‍රතිපත්තිය යටතේ ඉදිරිපත් වූ මෙම යෝජනාව සම්බන්ධයෙන් අවසන් තීන්දුවක් ගැනීමට පෙර මහජන අදහස් විමසීමට මහජන උපයෝගිතා කොමිසම තීරණය කර තිබේ. මීට පෙර ජනවාරි – මාර්තු කාර්තුව සඳහා ඉදිරිපත් කළ සියයට 11.57ක ගාස්තු වැඩිකිරීමේ යෝජනාවට කොමිසමේ අනුමැතිය හිමි නොවූ පසුබිමක, මෙම නව යෝජනාව ඉදිරිපත්වීම විශේෂත්වයකි.
මේ අතර, ගල් අඟුරු ආනයනය ප්‍රමාද වීම හේතුවෙන් ඉදිරියේදී විදුලි උත්පාදන පිරිවැය තවදුරටත් ඉහළ යා හැකි බවට පිවිතුරු හෙළ උරුමයේ නායක උදය ගම්මන්පිල මහතා අනතුරු ඇඟවීමක් කර තිබේ. නොරොච්චෝලේ බලාගාරය පවත්වාගෙන යාමට අවශ්‍ය ගල් අඟුරු තොග ජූලි 31 වන විට අවසන් වීමට නියමිත අතර, නැවත ආනයනය කළ හැක්කේ සැප්තැම්බර් මැද භාගයේදීය. මෙම මාස එකහමාරක කාලය තුළ ඩීසල් බලාගාර මගින් විදුලිය නිපදවීමට සිදුවුවහොත්, ඒ ඒකකයකට රුපියල් 90ක් වැනි අධික පිරිවැයක් දැරීමට සිදුවන බවත්, එම බර ජනතාවට පැටවෙනු ඇති බවත් ඒ මහතා පෙන්වා දෙයි.
Post Views: 1
Previous Post

IRONMAN 70.3 සමඟ කොළඹ යළිත් ලෝක ක්‍රීඩා කරළියට

Next Post

හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම රු. ලක්ෂ 32 දක්වා ඉහළට

Editor TTV News

Editor TTV News

Next Post
හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම රු. ලක්ෂ 32 දක්වා ඉහළට

හැටන් ලංගම ඩිපෝවේ දෛනික ආදායම රු. ලක්ෂ 32 දක්වා ඉහළට

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඉන්දියා-පාකිස්තාන  ක්‍රිකට් තරගයට එරෙහිව  ඉන්දීය විපක්ෂයෙන් දැඩි විවේචන

ඉන්දියා-පාකිස්තාන ක්‍රිකට් තරගයට එරෙහිව ඉන්දීය විපක්ෂයෙන් දැඩි විවේචන

15 February 2026
ඇමරිකාවේදී මියගොස් සිටි ඉන්දීය සිසුවා ගැන ඔහුගේ කාමර සගයාගෙන් හෙළිදරව්වක්

ඇමරිකාවේදී මියගොස් සිටි ඉන්දීය සිසුවා ගැන ඔහුගේ කාමර සගයාගෙන් හෙළිදරව්වක්

15 February 2026
අද පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

අද පස්වරු 3න් පසු කොළඹ මාර්ග කිහිපයක රථ වාහන ධාවනය සීමා කෙරේ

15 February 2026
නීති පිළිසරණ පතා එන සැමට එකම ආකාරයට සලකන්න

නීති පිළිසරණ පතා එන සැමට එකම ආකාරයට සලකන්න

15 February 2026

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ජනාධිපතිගේ නිවස ඉදිරිපිටත් ඝාතන නාමල් රාජපක්ෂගෙන් චෝදනා

ජනාධිපතිගේ නිවස ඉදිරිපිටත් ඝාතන නාමල් රාජපක්ෂගෙන් චෝදනා

15 February 2026
ඉන්දියා-පාකිස්තාන  ක්‍රිකට් තරගයට එරෙහිව  ඉන්දීය විපක්ෂයෙන් දැඩි විවේචන

ඉන්දියා-පාකිස්තාන ක්‍රිකට් තරගයට එරෙහිව ඉන්දීය විපක්ෂයෙන් දැඩි විවේචන

15 February 2026
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved