ඇමරිකාව පුරා ව්‍යාප්ත වූ දරුණු ඔපියොයිඩ් (Opioid) මත්ද්‍රව්‍ය අර්බුදයට වගකිවයුතු ප්‍රධානතම සමාගමක් වන ‘පර්ඩියු ෆාමා’ සමාගමට එරෙහිව ඇමරිකානු ඩොලර් බිලියන 5.5ක දඩයක් සහ දඬුවම් නියම කිරීමට නිව් ජර්සි ෆෙඩරල් අධිකරණය ඊයේ (28) පියවර ගත්තේය. රජයේ නියාමකයින් නොමඟ යවමින් සහ වෛද්‍යවරුන්ට අල්ලස් ලබා දෙමින් අධික ඇබ්බැහිකාරී ඔක්සිකොන්ටින් ඖෂධය අලෙවි කළ බවට එම සමාගම මීට පෙර වරද පිළිගෙන තිබුණි.
මෙම ඓතිහාසික තීන්දුවත් සමඟ, බංකොලොත් වී ඇති පර්ඩියු ෆාමා සමාගම විසුරුවා හැරීමටත්, එහි වත්කම් භාවිත කරමින් පීඩාවට පත් වූවන් වෙනුවෙන් ඇමරිකානු ඩොලර් බිලියන 7.4ක වන්දි එකඟතාවයක් ක්‍රියාත්මක කිරීමටත් මඟ පෑදී තිබේ. කෙසේ වෙතත්, වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් අධිකරණයේදී ප්‍රකාශ කළේ සමාගමේ හිමිකරුවන් වන සැක්ලර් (Sackler) පවුලේ සාමාජිකයින්ට හෝ විධායක නිලධාරීන්ට සිරදඬුවම් නියම නොවීම යුක්තිසහගත නොවන බවයි. මෙම නඩු තීන්දුවත් සමඟ මැයි 01 වනදා සිට පර්ඩියු ෆාමා සමාගම සිය ව්‍යාපාරික කටයුතු නවත්වා, ඇබ්බැහිවීම් සඳහා ප්‍රතිකාර කරන ලාභ නොලබන ආයතනයක් ලෙස ප්‍රතිසංවිධානය වීමට නියමිතය.














