බාල ගල් අඟුරු භාවිතය හේතුවෙන් විදුලිබල මණ්ඩලයට දැරීමට සිදු වන අතිරේක පිරිවැය කිසිදු ලෙසකින් විදුලි පාරිභෝගිකයාගෙන් අය නොකිරීමට ශ්‍රී ලංකා මහජන උපයෝගීතා කොමිෂන් සභාව (PUCSL) තීරණය කර තිබේ. විදුලි ගාස්තු සංශෝධනය කිරීමේදී සලකා බලනු ලබන්නේ විදුලි ජනනය, සම්ප්‍රේෂණය සහ බෙදාහැරීම සඳහා වැය වන සාධාරණ පිරිවැය පමණක් බව එම කොමිසම අවධාරණය කරයි.
මහජන උපයෝගීතා කොමිෂන් සභාව වැඩිදුරටත් සඳහන් කරන්නේ පසුගිය විදුලි ගාස්තු සංශෝධන තීන්දුවේදී මෙන්ම ඉදිරියේදී ඉදිරිපත් වන ගාස්තු සංශෝධන යෝජනාවලදී ද මෙලෙස ගල් අඟුරු තත්ත්වය මත ඇති වන අතිරේක වියදම් හෝ වෙනත් අසාධාරණ පිරිවැයන් ඇතුළත් නොකිරීමට ඒකමතිකව තීරණය කර ඇති බවයි. මේ හරහා පාරිභෝගික ජනතාවට අසාධාරණ ලෙස විදුලි ගාස්තු ඉහළ යාම වැළැක්වීමට අපේක්ෂා කෙරේ.
















