• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් අටවාගත් ජනාධිපතිවරයෙක් – ආචාර්ය හරිනි

24 August 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

69 ලක්ෂකගේ ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිට සිද්ධ වුණු දේ දිහා බැලුවාම රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනවරමක් නැති අටවාගත් ජනාධිපතිවරයෙක් බවත් ලෝකය ඉදිරියේ විහිළුවක් වී සිටින මේ ජනාධිපතිත් ආණ්ඩුවත් ගැන බයවිය යුතු නොමැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හරිනී අමරසූරිය මහත්මිය පැවසුවාය.

ඇය මේ බව පැවසුවේ ජාතික ජන බලවේගය විසින් ඊයේ (23) සංවිධානය කර තිබු මාධ්‍ය වහමුවකට එක්වෙමිනි.

එහිදී හරිනි අමරසුරිය මහත්මිය මෙසේ අදහස් පල කලේය ” විවිධ චෝදනා මත රටපුරා තුන්දාහකට අධික පිරිසක් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත්කර තිබෙනවා. ඊට අමතරව අන්තරයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ ඇතුළු පිරිසකට ත්‍රස්ත විරෝධී පනත යටතේ ක්‍රියාමාර්ග අරගෙන තිබෙන බව මාධ්‍ය වාර්තා කළා. ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් කමල් ගුණරත්න ප්‍රකාශ කර තිබුණේ ජනාධිපති මන්දිරයේ ෆූල් එකේ නාපු දේවල් මාධ්‍යයේ ප්‍රචාරය කිරීමෙන් අපේ රටේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට විශාල හානියක් වුණා කියලා. කමල් ගුණරත්න මහත්මයාගෙන් අපි අහන්නේ අපේ ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානි වෙන්නේ ෆූල් එකේ නාපු කෙනෙක්ද, ආණ්ඩුව විසින් කරන වැඩවලින්ද කියලයි. ජාත්‍යන්තර සංවිධානයක්, තානාපතිවරයෙක්, හෝ මාධ්‍ය ආයතනයක් ෆූල් එකේ ලාංකිකයන් නෑම හෙළාදැකීම කර ඇති බවත් අපි දැක්කේ නැහැ. නමුත් පසුගිය දවස් කිහිපය තුළ ජාත්‍යන්තර ඇම්නෙස්ටි ඉන්ටර්නැෂනල් සංවිධානය ඇතුළු සංවිධාන රැසක් වගේම යුරෝපා සංගමයත් ඇමෙරිකානු තානාපතිවරියත් මේ සිදුකරන මර්දනය ගැන විවිධ ප්‍රකාශ නිකුත් කර තිබුණා. ඉතාමත් භයානක නීතියක් වන ත්‍රස්තවිරෝධී පනත භාවිතා කිරීමෙන් වැළකී සිටින ලෙස ඔවුන් ඉල්ලා තිබුණා. ඇත්තටම ජාත්‍යන්තර ප්‍රතිරූපයට හානියක් වෙන්නේ කොතනින්ද කියන එක මොළේ තිබෙන ඕනෑම කෙනෙකුට තේරුම් ගන්න පුළුවන්. ලංකාව බංකොලාත් රාජ්‍යයක් හැටියට විතරක් නොවෙයි, මානව හිමිකම් ආරක්ෂා නොකරන, ප්‍රජාතන්ත්‍ර විරෝධී ආණ්ඩුවක් තිබෙන රටක් හැටියටයි ජාත්‍යන්තරය හඳුන්වන්නේ. අරගලකරුවන්ගේ හැසිරීම, පුරවැසියන්ගේ හැසිරීම නිසා නොවෙයි අවනීතිය භාවිතා කරන ආණ්ඩු නිසයි ප්‍රතිරූපයට හානි වෙන්නේ. ඒ වගේම මේ රටේ පාලකයන් කොතරම් දූෂිතද කියලත් ජාත්‍යන්තරයේ සාකච්ඡාවට ලක්වෙනවා. ත්‍රස්ත විරෝධී පනත පුද්ගලයන්ගෙන් පළිගන්න කොතරම් යොදා ගත්තාද කියලා අපි දන්නවා. සියලුම ජාත්‍යන්තර සංවිධාන විසින් හෙළාදැකීමට පෙර ලංකාව තුළ දීර්ඝකාලීනව මේ පනතට විරුද්ධව අරගලයක් දියත් කර තිබෙනවා. ඒ වගේම මර්දන නීති තුළින් රටේ ප්‍රශ්න නොවිසිඳෙන බව ආණ්ඩුවට අවධාරණය කරනවා. පටු න්‍යාය පත්‍රයක් වෙනුවෙන් ආණ්ඩුව ක්‍රියාකිරීම ඉතාමත්ම ලැජ්ජා සහගත දෙයක්. අපි ජනතාවට කියන්නේ 69 ලක්ෂකගේ ඡන්දයෙන් පත්වුණු ජනාධිපතිට සිද්ධ වුණු දේ දිහා බැලුවාම රනිල් වික්‍රමසිංහ කියන්නේ ජනවරමක් නැති අටවාගත් ජනාධිපතිවරයෙක් කියලයි. ලෝකය ඉදිරියේ විහිළුවක් වී සිටින මේ ජනාධිපතිත් ආණ්ඩුවත් ගැන බයවිය යුතු නැහැ. ජාතික ජන බලවේගයත් අපේ නීතිඥ කණ්ඩායමත් මේ සිදුවන දේවල් දිහා ඉතාමත් විමසිල්ලෙන් සිටිමන් මැදිහත් වෙනවා. ඒ නිසා කිසිසේත් බයවිය යුතු නැහැ. අපේ ප්‍රශ්න වෙනුවෙන් උද්ඝෝෂණ කරන්නත් අරගල කරන්නත් තිබෙන අයිතිය කිසිසේත්ම නවත්වන්න බැහැ කියලා අවධාරණය කරනවා. යැයි හරිනි අමරසුරිය මන්ත්‍රීවරිය වැඩිදුරටත් අදහස් පල කලේය.

Post Views: 9
Previous Post

ක්‍රෑර මර්දනයට අපි එරෙහි විය යුතුමයි – නීතිඥ හර්ෂණ

Next Post

තැන්න විද්‍යාලයෙන් බත් බැංකුවක්  

editor

editor

Next Post

තැන්න විද්‍යාලයෙන් බත් බැංකුවක්  

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025

Recent News

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

මෙරට ගුවන් යානයක් කඩා වැටෙයි

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved