• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් සංවර්ධන

රනිල්ගේ UK සංචාරයෙන් මෙරටට වාසි රැසක්

18 June 2018
in සංවර්ධන
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ ග්‍රාමීය මට්ටමේ පාලම් සහ රෝහල් ඉදිකිරීම ආදී කටයුතු වෙනුවෙන් බ්‍රිතාන්‍ය වෙළඳ හා ආයෝජන ඉඩ ප්‍රස්ථා පිළිබඳව සොයා බැලීමට අපේක්ෂා කරන බව බ්‍රිතාන්‍යයේ වෙළඳ ප්‍රතිපත්ති පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා පවසයි.

ඒ මහතා මේ බව කියා ඇත්තේ ලන්ඩනයේ සංචාරයක නිරත වු ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සමග පැවත්වූ සාකච්ඡාවේ දීය.

කොළඹ වරාය නගරයේ සංවර්ධන කටයුතු පිළිබඳව රාජ්‍ය – පුද්ගලික හවුල්කාරීත්වය ගොඩනැගීම සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය විශේෂඥ දැනුම ලබා දීම පිළිබදව ද රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු කරවීය.

මෙහිදී ජාත්‍යන්තර මූල්‍ය මධ්‍යස්ථානයක් වශයෙන් ඉදිරියේ දී වැදගත් වන කොළඹ වරාය නගරය තුළ, බ්‍රිතාන්‍ය පොදු නීතිය ක්‍රියාත්මක කිරීමේ හැකියාව සම්බන්ධයෙන් වන රජයේ යෝජනාව සහ ඒ සම්බන්ධයෙන් නිතීඥයින්ගේ සංගමය සමග පැවැත්වෙන සාකච්ඡා පිළිබඳව ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් රාජ්‍ය අමාත්‍ය ග්‍රෙග් හෑන්ඩ්ස් මහතා දැනුවත් කරන ලදී.

ටයිටේනියම් ඩයොක්සයිඩ් වැනි ශ්‍රී ලංකාවේ බහුලව පවතින ඛණිජ සම්පත් ආශ්‍රිතව ආයෝජනය කිරීමේ හැකියාවත්, ශ්‍රී ලංකාව වෙත මූල්‍යමය තාක්ෂණවේදය ලබාදීමට එංගලන්තයට ඇති හැකියාවත් සම්බන්ධයෙන් ද මෙහි දී වැඩිදුරටත් සාකච්ඡා කෙරිණි.

සිය සංචාරය අතරතුර දී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා එංගලන්ත හිටපු අග්‍රාමාත්‍ය ඩේවිඩ් කැමරන් මහතා ද හමු වී සාකච්ඡා පැවැත්වීය.

එහිදී, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, අතුරුදන් වූවන් පිළිබද කාර්යාලය පිහිටුවීම ඇතුලූ දේශපාලන ප්‍රවණතා මෙන්ම, චීන ආයෝජන මත හම්බන්තොට ප්‍රදේශයේ ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳවත්, මත්තල ගුවන් තොටුපොළ ආශ්‍රිත කටයුතු සඳහා ලබා ගැනීමට අපේක්ෂිත ඉන්දියානු සහභාගීත්වය පිළිබඳවත් ඩේවිඩ් කැමරන් මහතා දැනුවත් කළ වික්‍රමසිංහ මහතා, ත්‍රස්තවාදය පිටුදැකීමේ පනත සම්බන්ධයෙන් වූ සාකච්ඡා අවසන් අදියරේ පවතිද්දී අවාසනාවන්ත ලෙස අප අතරින් වියෝවුණු ශ්‍රීමත් ඩෙස්මන් ද සිල්වා මැතිඳුන් සහ සත්‍ය සෙවීම හා යුක්තිය පිළිබඳ කොමිෂන් සභාවේ කටයුතු වෙනුවෙන් එතුමා ඉටු කළ කාර්යභාරය ද සිහිපත් කර සිටියේය.

යාපනයේ ආර්ථිකය තවමත් යථා තත්ත්වයට පැමිණ නොමැති වීම පිළිබඳ සිය අවධානය යොමු කරමින් වික්‍රමසිංහ මහතා පවසා සිටියේ එල්.ටී.ටී.ඊ. සංවිධානය විසින් විනාශ කරන්නට යෙදුණු එහි සමාජ, ආර්ථික වියමන යළි ගොඩ නැගීම අප ඉදිරියේ ඇති අභියෝගය බවයි.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මෙම සංචාරය අතරතුර, එංගලන්ත පාර්ලිමේන්තු මන්ත්‍රී රනිල් ජයවර්ධන මහතා සමග ද සාකච්ඡා පැවැත්වීය.

එහිදී යාපනය – මන්නාරම අතර ඉදිවන දුම්රිය මාර්ගය, පුනරීන් නව නගරය, පලාලි ගුවන්තොටුපොළ සංවර්ධන කටයුතු වෙනුවෙන් ලැබෙන ඉන්දියානු ආයෝජන මෙන්ම ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය ආශ්‍රිතව ලැබීමට නියමිත ඉන්දියානු සහ ජපාන ආයෝජන පිළිබඳව රනිල් වික්‍රමසිංහ මහතා කරුණු පැහැදිලි කරන ලදී.

ත්‍රිකුණාමලය, මහනුවර, කොළඹ, හම්බන්තොට යන දිස්ත්‍රික්ක යා කරමින් සැපයුම් කේන්ද්‍රස්ථානයක් වශයෙන් සංවර්ධනය කිරීමේ කටයුතු ද, දෙද්දුව, කොග්ගල, ඉරණවිල හා වාලච්චේන යන නගර ආශ්‍රිතව සංචාරක නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතිය සම්බන්ධයෙන් ද මෙහිදී අදහස් හුවමාරු කර ගැනිණ.

වික්ටෝරියා වේල්ල ඉදිකිරීමේ කටයුතු වෙනුවෙන් එවකට එංගලන්ත අග්‍රාමාත්‍ය මාග්‍රට් තැචර් මැතිණිය යටතේ ශ්‍රී ලංකාවට ලබා දෙන ලද බ්‍රිතාන්‍ය ආයෝජන පිළිබඳව සිහිපත් කළ රනිල් ජයවර්ධන මහතා, ශ්‍රී ලංකාවේ පාලම් ඉදි කිරීමේ කටයුතු වෙනුවෙන් තාක්ෂණික දැනුම මෙන්ම සහාය ලබා ගැනීමට ඇති හැකියාව සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය සමාගම් කිහිපයක් සමග තමා සාකච්ඡා කළ බව ද සඳහන් කළේය.

 

Post Views: 1
Previous Post

සෙල්ලම් කරන්න එපා …… ! අකිල

Next Post

දැන් තියෙන උද්‍යානවල තිරසාරභාවයක් නෑ

editor

editor

Next Post

දැන් තියෙන උද්‍යානවල තිරසාරභාවයක් නෑ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

ජල සම්පාදන මණ්ඩලයෙන් කාරුණික ඉල්ලීමක්

9 July 2025
යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

යන්තම් ඔලුව උස්සන් ආවා විතරයි මේ බද්දෙන් ඔක්කොම ඉවරයි !

9 July 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

අද දන්සල් 8355ක්

අද දන්සල් 8355ක්

10 July 2025
කිරි පිටි මිල යළිත් ඉහළට

කිරි පිටි මිල යළිත් ඉහළට

10 July 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved