27 April 2024
#විදෙස්

දැන් තියෙන උද්‍යානවල තිරසාරභාවයක් නෑ

එක් එක් පුද්ගලයින්ගේ සිතුවිලි මත නිර්මාණය වු වත්මන් උද්‍යානවල තීරසාරභාවය නොමැති බව භූදර්ශන නිර්මාණය උද්‍යානවේදී නිහාල් වීරසිංහ මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ භු දර්ශනය පිළිබඳ මේ වන විට විශාල ඉල්ලුමක් තිබෙන බවත් ශ්‍රී ලංකාවේ ඉතිහාසය පුරාම භු දර්ශන කලාවක් තිබුණ බව ඔහු පැවසිය.

නමුත් වර්තමානයේ උද්‍යාන වාණිජ උද්‍යානය පමණක් බවත් එහි තිරසාරභාවයක් නොමැති බව හෙතෙම කියා සිටියේය.

පැරණි උද්‍යාන තුළ තීරසාර භාවය තිබු බවත් ඒවා බෞද්ධ සාහිත්‍ය තුළ පවා මෙම උද්‍යාන අලාංකාරය පිළිබඳ සඳහන් විය. බුදු හාමුදරුවන් පවා මේ පිළිබඳ සාකච්ඡා කර ඇති බව දැනගන්නට ලැබී තිබේ. මංගල සුත්‍ර යේ පවා මේ පිළිබඳ සඳහන් වන්නේ පතිරූප දේස වාසෝජ යන ගාථාවෙහි.

එදා සිටම ජනතාවට තිරසාර උද්‍යාන සැදීමේ සංකල්පය පැවැති නමුත් වර්තමානයේ මෙම තිරසාර උද්‍යාන නොමැති බව ඉතා නිසැකයෙන්ම කිව හැකි බව ඔහු පැවසිය.

වර්තමානයේ තිබෙන්නේ හුදු සංකල්ප උද්‍යාන පමණක් වන අතර කවුරුන් හෝ දේශපාලනඥයෙකු, පුද්ගලයෙකු තමන් දැකපු දෙයක් එය ප්‍රතිනිර්මාණ කිරීමට ගොස් සාර්ථක නොවුන අවස්ථා දකින්නට ඇති බව ඔහු කියා සිටියේය.

 

 සාකච්ඡා කළේ – තරින්ද ඇල්විටිගල 

Leave a comment

Your email address will not be published. Required fields are marked *