• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් සහ සජිත්ගේ දුෂ්ට උත්සාහයක් – අගමැති මහින්ද හෙළිකරයි !

23 March 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

නීති තර්ක හරහා ආණ්ඩුවේ මුදල් හිරකොට කොරෝනා මර්ධන ව්‍යාපෘතිය අඩාල කිරීමේ දුෂ්ඨ උත්සාහය හෙළා දකින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කරයි.

ඔහු අද (23) විශේෂ  නිවේදනයක් නිකුත් කරමින් මේ බව සඳහන් කරයි.

එහිදී මූලිකව අගමැති මහින්ද රාජපක්ෂ මහතා චෝදනා කර සිටින්නේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ සහ සමගි ජන බලවේගය නායක සජිත් ප්‍රේමදාස වෙතය.

අගමැති මහින්ද රාජපක්ෂ මහතා නිකුත් කල සම්පූර්ණ නිවේදනය පහත දැක්වෙයි.

අග්‍රාමාත්‍යවරයාගේ නිවේදනය 

කොරෝනා වෛරසය ලංකාවේ තවදුරටත් පැතිරීම වැලැක්වීමට මුලු රට පුරාම ඇඳිරිනීතිය පැනවූ දිනයේම, එනම් 2020 මාර්තු 20 වන සිකුරාදා එ.ජා.ප නායක රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ නිවේදනයක් නිකුත් කරමින් පවසා සිටියේ, තමන් නායකත්වය දුන් පසුගිය ආන්ඩුව 2020 වසර වෙනුවෙන් අයවැයක් සම්මත නොකොට 2020 අප්‍රේල් 30 වනදා දක්වා පමණක් බලපවත්වන අතුරු සම්මත ගිණුමක් සම්මත කොට තිබීම හේතුවෙන් අප්‍රේල් 30 වනදායින් පසු, මොනම දෙයකටවත් මුදල් වියදම් කිරීමට ආණ්ඩුවට නෛයිතික බලයක් නැතිවෙන බවයි.  සජිත් ප්‍රේමදාස හිටපු විපක්‍ෂ නායකවරයාත්, මුහුණුපොත හරහා මේ තර්කයම ඉදිරිපත් කරමින් සිටි.

පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන අවස්ථාවක රජයේ සේවාවන් පවත්වාගෙන යෑම සඳහා අවශ්‍ය කරන මුදල් ඒකාබද්ධ අරමුදලෙන් නිකුත් කිරීමට ශ්‍රී ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තිය යටතේ ජනාධිපතිවරයාට බලය පැවරේ. මේ නිසා කොරෝනා වෛරසය මර්දන ව්‍යාපෘතිය හා රජයේ සෙසු සේවාවන් පවත්වාගෙන යෑම සඳහා මුදල් ප්‍රතිපාදන තිබේද නැත්ද යන්න ගැන මහජනතාව කිසිඳු බියක් ඇතිකරගත යුතු නැත.

පසුගිය පෙබරවාරි 20 වෙනිදා, යහපාලන ආණ්ඩුවේම බෙහෙත් හා පොහොර වැනි අත්‍යාවශ්‍ය භාණ්ඩ සැපයුම්කරුවන්ට හිඟ මුදල් ගෙවා සැපයුම අඛණ්ඩව පවත්වාගෙන යෑම සඳහා අපි යෝජනාවක් ඉදිරිපත් කළද, පාර්ලිමේන්තුවේ බහුතරය හිමිව සිටි සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ඇතුලු පාර්ශවය අලුත් ආණ්ඩුව අපහසුතාවයට පත් කොට දේශපාලන වාසි ලබා ගැනීම සඳහා එයට විරුද්ධ විය.  

රටේ අත්‍යාවශ්‍ය සේවාවන් පවත්වාගෙන යෑමට අපිට මුදල් සොයා ගැනීමට හැකිවූයේ පාර්ලිමේන්තුව විසිරුවා හැරීමෙන් පසු, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150(3) වගන්තියෙන් ජනාධිපතිවරයාට ලැබෙන මුදල් බලතල නිසාය. මේ රටේ එකම කොරෝනා ආසාධිතයෙක්වත් නැති අවස්ථාවක 2020 මාර්තු 02 වනදා, ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(1) වගන්තිය අනුව  පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය.

ඊට දින දහයකට පසු ලංකාවේ පළමු කොරෝනා රෝගියා සොයා ගැනීමත් සමඟම සජිත් ප්‍රේමදාස ප්‍රමුඛ විපක්‍ෂය කලේ පාර්ලිමේන්තු මැතිවරණය කල් දැමිය යුතු යැයි හඩ නැගීමය. අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 70(5) (අ) වගන්තියට අනුව පාර්ලිමේන්තුව විසිරුවා හරින ගැසට් පත්‍රයේම පාර්ලිමේන්තු මැතිවරණය පවත්වන දිනයත් අලුත් පාර්ලිමේන්තුව මුල් වරට රැස් වන දිනයත් නියම කළ යුතු වේ.

එම ප්‍රකාශය නිකුත් කළ පසුව, මොනම තත්වයක් යටතේවත් ඡන්දය පවත්වන දවස කල් දැමීමට ජනාධිපතිවරයාට බලය නැත. 1981 අංක 1 දරණ පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 24(3) වගන්තියට අනුව යම්කිසි අනපේක්‍ෂිත හෝ හදිසි තත්වයක් නිසා ඡන්දය පවත්වන දිනය කල් දැමීමේ බලය ලැබෙන්නේ මැතිවරණ කොමිසමටය. ඒ අනුව මැතිවරණ කොමිසම ඡන්දය පවත්වන දිනය කල්දමා ඇත.

මේ ආකාරයට මැතිවරණය පවත්වන දිනය කල් දමා තිබීමෙන්, ව්‍යවස්ථාවේ 150(3)  වගන්තිය යටතේ පාර්ලිමේන්තුව විසිරුවා හැර තිබෙන කාලය තුළ ජනාධිපතිවරයාට හිමි මුදල් බලතල කිසිවක් වෙනස්වන්නේ නැත. කොරෝනා වෛරස් උවඳුරෙන් දේශපාලන වාසි ලබා ගැනීමට එ.ජා.පයේ පාර්ශව දෙක තරඟයක නියැලී සිටින බව අපට පෙනේ. පසුගියදා පිටරට සිට ශ්‍රී ලංකාවට පැමිණ, නිරෝධායනයට යෑමට නොහැකි යැයි කියා ගුවන්තොටුපලේදී කලබල කළ පිරිස් දිරිගන්වමින් සජිත් ප්‍රේමදාස විපක්‍ෂ නායකවරයා ආණ්ඩුවේ නිරෝධායන වැඩ පිළිවෙලට අකුල් හෙලූ ආකාරය මුලු රටම දුටුවේය.

අලුත් ආණ්ඩුවේ මුදල් සැපයුම කපා හැරීමට යහපාලන පාර්ශවය පසුගිය මාසයේ පාර්ලිමේන්තුව තුළ ගත් උත්සාහය වැරදුනු පසු, දැන් ජනාධිපතිවරයාට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන්ම ලබා දී ඇති මුදල් බලතල ගැන නීති තර්ක ඉදිරිපත් කොට, දරුණු වසන්ගතයක් මධ්‍යයේ රට අකර්මණ්‍ය කිරීමට ගන්නා මේ උත්සාහය අපි හෙළා දකිමු.

අවස්ථාවාදී පාර්ශව රටට එරෙහිව දියත් කරන මෙවන් කුමන්ත්‍රණ හමුවේ වුවත්, ජනතාව කොරෝනා වෛරස් උවදුරෙන් ගලවා ගැනීමට තම ජීවිතත් පරදුවට තබා දිවා රෑ නොබලා වෙහෙසෙන වෛද්‍යවරුන්, හෙදියන් ඇතුළු සියලුම සෞඛ්‍ය කාර්‍යමණ්ඩල වලටත්, ත්‍රිවිධ හමුදාවේ සියලු සාමාජිකයන්ටත්, අත්‍යාවශ්‍ය සේවා සපයන සෙසු පිරිසටත් මම මේ අවස්ථාවේදී මාගේ ප්‍රණාමය පුද කර සිටිමි. 

මහින්ද රාජපක්‍ෂ

අග්‍රාමාත්‍ය

Post Views: 1
Previous Post

නවසීලන්තය මාසයකට වහයි !

Next Post

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරන නිවේදනය නිකුත් කරයි !

editor

editor

Next Post

ඇඳිරි නීතිය තවත් දීර්ඝ කරන නිවේදනය නිකුත් කරයි !

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025

Recent News

විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

සජබයෙන් පොර කෑවට අපි බය නෑ – (NPP) ව්‍රායි කැලී බල්තසාර්

12 June 2025
ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

ජීවිත තුනක් අහිමි කරමින් තවත් මාරක අනතුරු කිහිපයක්

12 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

විදුලි ගාස්තුව ඉහළට (breaking)

මගීන් 240ක් සමඟින් ගුවන් යානයක් අනතුරක

12 June 2025
වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

වගාපාළුවන් ගේ වාර්තාව ආවා !!!

12 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved