• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රනිල් ජාතික නායකයා අපේ රට ආසියාවේත්, ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවී – මන්ත්‍රී වජිර

28 April 2024
in දේශීය, පුවත්
රනිල් ජාතික නායකයා අපේ රට ආසියාවේත්, ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවී – මන්ත්‍රී වජිර
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාති, ආගම්, කුලමල ආදී වශයෙන් බෙදී වෙන් නොවී ශ්‍රී ලාංකිකයින් ලෙස එකට එකතුව ක්‍රියා කරන්නේ නම් රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා අපේ රට ආසියාවේත්, ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවී යැයි එක්සත් ජාතික පක්ෂ සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා පවසයි.

මන්ත්‍රීවරයා මේ බව පැවසුවේ ගාල්ල, උළුවිටිකේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ ඊයේ (27) පැවැති මැයි පළමු වෙනිදාට එක්සත් ජාතික පක්ෂය පැවැත්වීමට සූදානම් කර තිබෙන මැයි දින රැළියේ සංවිධාන කටයුතු පිළිබඳ ගාල්ල, බද්දේගම සහ අක්මීමණ මැතිවරණ කොට්ඨාශවල එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන් දැනුවත් කිරීමේ අවස්ථාවේදීය.

එසේම මීට අවුරුදු තුනක පමණ කාලයක් පෝලිම්වල සිටි රටේ වැඩකරන කම්කරු ජනතාව ඇතලු සමස්ථ මහජනතාව මේ මොහොත වන විට තමන්ගේ වැඩබිම් කරා යමින් තමන්ගේ එදිනෙදා කටයුතු සාර්ථකව සිදුකරන බව මෙවර එක්සත් ජාතික පක්ෂ මැයි රැළිය මගින් පණිවිඩයක් දෙමින් ලෝකයට කියා සිටිමු යැයි හෙතෙම පැවසිය.

එහිදී තවදුරටත් අදහස් දැක්වූ ඒ මහතා “ අද අපි මෙතනට රැස්වෙලා සිටින්නේ එක්සත් ජාතික පක්ෂය විසින් මැයි පළමු වෙනිදාට පැවැත්වීමට සූදානම්කර තිබෙන මැයි රැළියේ සංවිධාන කටයුතු පිළිබඳ සාකච්ඡා කිරීමටයි. මෙතැනට අද රැස්වෙලා සිටින්නේ ගාල්ල දිස්ත්‍රික්කයේ ගාල්ල මැතිවරණ කොට්ඨාශයත්, අක්මීමණ මැතිවරණ කොට්ඨාශයත් ඒ වගේම බද්දේගම මැතිවරණ කොට්ඨාශයේත් සිටින මැයි දින රැළියේ සංවිධාන කටයුතු බාරගෙන ක්‍රියාකරන එක්සත් ජාතික පක්ෂ ක්‍රියාකාරීන්. අපි මේ ආකාරයේ මැයි රැළියක් පවත්වන්නේ වසර දෙකකට පමණ පසුවයි. පසුගිය අවුරුදුවලදී කිසිඳු දේශපාලන පක්ෂයකට මැයි දින රැළියක් හෝ වෙනත් රැළියක් පවත්වන්න සුදුසු වාතාවරණයක් රට තුළ තිබුණේ නැහැ. ඒ ගැන මහජනතාවට නැවත නැවත මතක් කර දෙන්න අවශ්‍ය නැහැ. මීට අවුරුදු දෙකකට පමණ උඩදී ජනතාව එක් වුණේ, රැස්වුණේ පෝලිම්වල. ගෙදර ඉන්න පිරිස වෙන් වෙන් වශයෙන් පෝලිම්වල තමයි කාලය ගත කළේ. එක් කෙනෙක් පෙට්ට්‍රල්, ඩීසල් පෝලිම්වල, තවත් කෙනෙක් ගෑස් පෝලිමේ, ගෙදර අම්මා හිටියේ තමන්ගේ ළමයට කිරිපිටි ටිකක් අරන් දෙන්න කිරිපිටි පෝලිමේ. නමුත් ඕන කෙනෙක්ට දැන් පේනවා එ් තත්ත්වය දැන් වෙනස් වෙලා තිබෙන බව. ඉතින් මේ තත්ත්වයට රට ගෙනාවේ රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකත්වයයි. රට අරාජික වෙලා සම්පූර්ණයෙන්ම කඩා වැටිලා තිබුණු වෙලාවේ රට බාරගන්න කිසිදු කෙනෙක් ඉදිරිපත් වුණේ නැහැ. ඒ සියලුදෙනාම තමන්ගේ පක්ෂයේ බෝඩ් ලෑලි ගලවන් හැංගිලයි හිටියේ. නමුත් රනිල් වික්‍රමසිංහ මැතිතුමා රට ගොඩනගන අභියෝගය බාර ගත්තා. එතුමාට විශ්වාසයක් තිබුණා මේ රට ගොඩගන්න පුලුවන් කියලා. එතුමා අගමැතිධූරයට පත්වුණු දා පටන් රටේ ජනතාව වෙනුවෙන් කැප වී ක්‍රියා කළා. එක්සත් ජාතික පක්ෂයේ නායකයින් අභියෝග බාරගන්නේ බයේ පැනලා කිසිදිනක පැනලා ගියේ නැහැ. ඒ කැපවීම් වල ප්‍රතිඵල අද භුක්ති විඳින්නේ මේ රටේ සමස්ථ මහජනතාවයි. අද කිසිකෙනෙක් පෝලිම්වල දුක් විඳින්නේ නැහැ. කිසි කෙනෙක් පෝලිම්වල මිය යන්නේ නැහැ. ඉතින් මෙවැනි පෙරළියක් කෙටි කාලයක් තුළ රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකායට අපේ රටේ සියලුම මහජනතාව කෘතගුණ දැක්විය යුතුයි. අද ඇතැම් දේශපාලන පක්ෂවල නයකයින් මේ රටේ පාලන බලය ඉල්ලන්නේ රට ගොඩනගන දැක්ම්වත් නොමැතිවයි. ඒ නිසයි මම සෑමවෙලාවකම මහජනයාට මතක් කරන්නේ ඔබ අවබෝධයෙන් ක්‍රියා නොකලොත් රට තිබුණු තැනටත් වඩා නරක තැනකට යළි ගමන් කරයි කියලා. ඒ තත්ත්වය වෙනස් කරන්න පුලුවන්ද කියලත් හිතා ගන්නත් අමාරුයි. ඒ කොහොම වුණත් එක්සත් ජාතික පක්ෂය මෙවර පවත්වන්න යන්නේ 1994 න් පසුව, ඒ කියන්නේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමාගේ ඝාතනයෙන් පසුව පවත්වන ඓතිහාසික මැයි දින රැළියයි. මේ රැළිය සදහා සහභාගී වෙන සෑම කෙනෙක්ටම වේදිකාව අසළට ඒමට නොහැකි වෙයි. නමුත් මේ සියලුදෙනාම කොළඹට පැමිණෙන්නේ, ජාතියේ ආරක්ෂාව සඳහා රනිල් වික්‍රමසිංහ මැතිතුමාව ආරක්ෂා කර ගත යුතුයි කියන පණිවිඩය රටට දෙන්න. ඒ සදහා සියලු සංවිධාන කටයුතු මේ වනවිට සංවිධානය වී අවසානයි. ආසන මට්ටමින්, දිස්ත්‍රික් මට්ටමින් ඒ සංවිධාන කටයුතු ඉතා හොඳට සිදුවී ගෙන යනවා. මම පසුගිය සතියේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ සංවිධාන කටයුතු පිළිබඳ සොයා බැලුවා. ජනතාව උනන්දුවෙන් මේ ක්‍රියාදාමය සඳහා එක් වී සිටිනවා. ඔවුන් පිළිගන්නවා රනිල් වික්‍රමසිංහ මැතිතුමා රටේ සියලුදෙනාවම ආරක්ෂා කරන බව. රටේ සිටින සමස්ථ මහජනතාවත්, වැඩ කරන කම්කරු ජනතාවත්, පෞද්ගික අංශයත්, රාජ්‍ය අංශයත් අවුරුදු දෙකක පමණ කාලයක් තිස්සේ සිටියේ මහා පාරේ. දැන් ඔවුන්ව වැඩ බිම්වලට යවලා රටේ ආර්ථිකය නැවත පණ ගන්වන්න පුලුවන් වාතාවරණය හදලා තිබෙන්නේ. ඉතින් අපි මෙවර මැයි දින රැළියෙන් ඒ පණිවිඩය ලෝකයට දෙන්න බලාපොරොත්තු වෙනවා. එසේනම් ජාති, ආගම් කුල අනුව බෙදෙන්නේ නැතිව, ශ්‍රී ලාංකිකයන් හැටියට එකමුතුව එක ගමනක් යා යුතුව තිබෙනවා. ඔබ එසේ නොබෙදි ක්‍රියා කරනවානම් රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා මේ රට නිවැරදි මාර්ගයේ ගෙන ගොස් ආසියාවේත්, ලෝකයේත් ඉහළ තැනක ඔසවා තබාවී. ඒ වගේම අද බොහෝ දෙනා ඩොලරයේ මිල පශල යාම ගැනත් විවිධ කතා කතිකා වෙනවා. මට මේ අවස්ථාවේ මතක් වෙනවා මම එදා කියපු කාරණයක්. ඒ තමයි එදා මම කිව්වා රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකත්වයට මේ රට බාර දුන්නොත් ඩොලරය රුපියල් 250 ට පමණ ගෙනෙයි කියලා. එදා බොහෝ දෙනා මට හිනා වුණා. නමුත් අද ඒ දේ සැබැවක් වී තිබෙනවා. එසේනම් අපි සියලුදෙනාම එකතු වී රනිල් වික්‍රමසිංහ නැමති ජාතික නායකයා මේ ගෙන යන වැඩපිළිවෙලට සහයෝගය දී රට ඉදිරියට ගෙන යාමට එකතු වෙමු. ඒ පණිවිඩය මේ මැයි දින රැළිය හරහා ලෝකයට දෙමු යැයි කියා මා ඔබෙන් ඉල්ලා සිටිනවා යැයි මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 9,609
Previous Post

රටේ ආර්ථිකයේ ඉදිරි ගමන් මඟ ජනතාව තීරණය කළ යුතුයි – ජනපති

Next Post

‘සමගි රටක් අනගි හෙටක්‘ තේමාවෙන් සජබ මැයි දින රැළියට සියලු කටයුතු සූදානම් – මුජිබර් රහුමාන් 

editor ttvnews

editor ttvnews

Next Post
පොහොට්ටුවේ අපේක්ෂකයා රනිල් – මුජිබර් රහුමාන් 

‘සමගි රටක් අනගි හෙටක්‘ තේමාවෙන් සජබ මැයි දින රැළියට සියලු කටයුතු සූදානම් - මුජිබර් රහුමාන් 

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

ගුවන් අනතුරින් මිය ගිය ගණන සහ තවත් තොරතුරු

9 May 2025
නව පාප් වහන්සේ Robert F. Prevost

නව පාප් වහන්සේ Robert F. Prevost

9 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

මහින්දගේ ප්‍රධානත්වයෙන් දේශපාලන රැස්වීමක්

9 May 2025
රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

රට පුරා වේගයෙන් පැතිරෙන වෛරසය ගැන දැනගමු

9 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved