නව අග්රාමාත්යවරයා ලෙස එක්සත් ජාතික පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්රී රනිල් වික්රමසිංහ මහතා දිවුරුම් දීම අද (12) පස්වරු 6.30 ට බව එම පක්ෂයේ හිටපු මන්ත්රී අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි. ඔහු සිය ෆේස්බුක් ගිණුමෙහි එම පණිඩිවය සඳහන් කර ඇත.
රනිල් වික්රමසිංහ මහතා මෙවර අගමැති ධුරය ලබන්නේ හය වන වරටය. ඔහු 1993 මැයි 7 සිට 1994 අගෝස්තු 19 දක්වාත්, 2001 දෙසැම්බර් 9 සිට 2004 අප්රියෙල් 6 දක්වාත්,2015 ජනවාරි 9 සිට 2015 අගෝස්තු 17 දක්වාත්, 2015 අගෝස්තු 17 සිට 2018 ඔක්තෝම්බර් 26 දක්වාත් මෙරට අග්රාමාත්යවරයා ලෙස සිව් වරක් කටයුතු කර තිබේ.
2018 ඔක්තෝම්බර් මස 26 වැනි පත් වූ අග්රාමාත්ය මහින්ද රාපක්ෂ මහතා අග්රාමාත්ය ධූරයෙන් 2018 ඔන්තෝම්බර් මස 15 වැනි දින ඉල්ලා අස් වූ අතර, ජනාධිපති මෛත්රීපාල සිරිසේන විසින් යලිත් 2018 දෙසැම්බර් මස 16 වන දින පස්වන වරටත් අග්රාමාත්ය ධූරයේ පත් කරනු ලැබීය.