27 April 2024
#දේශීය

වෙසක් උත්සවය චාම්ව සමරන්න – සමස්ත ලංකා ශාසානාරක්ෂක බල මණ්ඩලය

සාමය සමගිය සමාදානයෙන් යුතුව ඉවසිමෙන් සිහි බුද්ධීයෙන් ප්‍රඥාවෙන් යුතුව බෞද්ධ ප්‍රතිපත්තිවලට මුල්තැන දෙමින් මෙවර වෙසක් උත්සවය සමරන ලෙස සමස්ත ලංකා වාසි ජනතාවගෙන් ඉල්ලාසිටින බව සමස්ත ලංකා ශාසනාරක්ෂක බල මණ්ඩලයේ ලේඛකාධිකාරි ,මාතලේ බලකඩුව අනුරුධ අරණාධිපති මුගුලුවෙල අනුරුද්ධ නාහිමියෝ පවසති. 

නිවේදනයක් නිකුත් කරමින් උන්වහන්සේ කියා සිටියේ ආර්ථික සමාජයිය දේශපාලනමය හෝ විවිධ හේතුන් මත ශ්‍රි ලංකාවාසි බෞද්ධ පින්වතුන් හට පුරා වසර තුනක් අප තිලෝගුරු ගෞතම බුදුරජාණන් වහන්සේගේ තෙමගුල සිහිකරන වෙසක් උත්සවය පෙර වර්ෂවලදි මෙන් අති උත්කර්ෂවත් ලෙස පැවැත්විමට අපහසු වුවද කරුණාව,මෛත්‍රිය ඉවසිම,පෙරදැරි කරගනිමින් ආමිස හා ප්‍රතිපත්ති පුජාවන්ට මුල්තැ දෙමින් දාන ශිල භාවනි වැඩසටහන් තම විහාරස්ථාන තුළ තමන්ට හැකි පමණින් හා සුදුසු ආකාරයට සිදු කිරිමට පියවර ගන්නා ලෙසද උන් වහන්සේ ඉල්ලා සිටියි.

 

මාතලේ මහේෂ් කිර්තිරත්න

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *