• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විකල්ප යෝජනා තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට සූදානම් – ජනපති

26 January 2024
in දේශීය, පුවත්
විකල්ප යෝජනා තිබේ නම් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ සාකච්ඡාවකට සූදානම් – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුම ඉදිරියට ක්‍රියාත්මක කරන්නේ කෙසේද යන්න පිළිබඳව එහි කළමණාකාර අධ්‍යක්ෂවරිය සමඟ සාකච්ඡාවකට එක්වන ලෙස පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ආරාධනා කළේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ කොළඹ රේගු මූලස්ථානයේ දී අද (26) පෙරවරුවේ පැවති ජාත්‍යන්තර රේගු දින සැමරුම් උත්සවය අමතමිනි.
2023 වසරේ ලද තීරු බදු ආදායම වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුවේ සියලු සාමාජිකයන්ට ස්තූතිය පිරිනැමීමට ද ජනාධිපතිවරයා මෙහිදී කටයුතු කළේය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන ගිවිසුමෙන් ශ්‍රී ලංකාව ඉවත් වුවහොත් රටේ ආර්ථිකය පිළිබඳ නැවත විශ්වාසයක් තැබිය නොහැකි බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සියලු දෙනා එක්ව පොදු එකඟතාවයකින් රට ජයග්‍රහණය කරා මෙහෙයවිය යුතු බවද කියා සිටියේය.

පොරොන්දු දේශපාලනයෙන් සිදු වූයේ රටේ ආර්ථිකය විනාශ වීම බවත්, මැතිවරණයකට සූදානම් වනවා නම් රට ගොඩනැගිය හැක්කේ කෙසේද යන්න පිළිබඳ සැලැස්මක් සියලු දේශපාලන පක්ෂ වෙත තිබිය යුතු බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය.

රේගු බදු, වැට් බදු සහ ආදායම් බදු ලෝකයේ සෑම රටකම ප්‍රධාන ආදායම් මූලාශ්‍ර තුන බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රාජ්‍ය ආදායම ඉහළ නංවා ගැනීමට රේගු සේවාව වඩාත් කාර්යක්ෂම කිරීමේ අවශ්‍යතාවයද අවධාරණය කළේය.

ඉදිරියේ දී රජය හඳුන්වා දෙන නව නීති මෙන්ම නවීකරණ වැඩසටහන හරහා රාජ්‍ය ආදායම් උපයා දෙන සියලු දෙපාර්තමේන්තු පරිවර්තනයකට ලක්වනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා “ රේගු දෙපාර්තමේන්තුව ශ්‍රී ලංකා රජය සතු පැරණිතම දෙපාර්තමේන්තුවක් ලෙස සැලකෙනවා. මීට වසර 2000කට පමණ පෙර, පැරණි මාන්තෙයි වරායේ රේගු බදු එකතු කළ බවට වාර්තා සහ සාක්ෂි තිබෙනවා.ඉතින් එදා සිට අනුරාධපුර යුගයේදී, කෝට්ටේ යුගයේදී මෙන්ම මහනුවර යුගයේ සිට අද දක්වාම මේ රටේ පැවැත්මට රේගු ආදායම විශාල දායකත්වයක් ලබා දී තිබෙනවා. 2022 වසරේ දී අප මුහුණ දුන් ආර්ථික අර්බුදයෙන් ගොඩ ඒම සඳහා ලබා දුන් දායකත්වය වෙනුවෙන් රේගු දෙපාර්තමේන්තුවට මම පළමුව ස්තූතිවන්ත විය යුතුයි. රේගු බදු, වැට් බදු සහ ආදායම් බදු ලෝකයේ සෑම රටකම ප්‍රධාන ආදායම් මූලාශ්‍ර තුන වෙනවා.අද ජාත්‍යන්තර වෙළෙඳ ගිවිසුම්, කලාපීය වෙළෙඳ ගිවිසුම්, නිදහස් වෙළෙඳ ගිවිසුම් කියන මේ සියල්ල සමඟ රජයේ ආදායම් වැඩි කර ගන්නේ කෙසේද කියා අපගේ අවධානය යොමු කළ යුතුයි. ඒ සඳහා වර්තමාන රේගු සේවාව වඩාත් කාර්යක්ෂම විය යුතුයි. අපට ඔබගේ දෙපාර්තමේන්තුවට අමතර කාර්ය මණ්ඩලයක් ලබා දීමට නොහැකි වුවත්, ආදායම කොපමණ වැඩි දියුණු කරගත හැකිද කියා ඔබගේ කාර්ය සාධනයෙන් පෙන්නුම් කර තිබෙනවා. මෙහිදී අප තව බොහෝ දුර යා යුතු අතර ළඟදීම ගෙන ඒමට නියමිත නව නීති ද ඇතුළුව රේගු සහ අනෙකුත් ආදායම් දෙපාර්තමේන්තු සම්පූර්ණයෙන් නවීකරණය කිරීමට රජය කැපවී සිටිනවා. මෙය ආර්ථික අර්බුදයෙන් රට ගොඩගැනීමට ගන්නා ක්‍රියාමාර්ගවල කොටසක් බව කිව යුතුයි. 2023 වසරේ අප ගත් තින්දු තීරණ නිසා 2022 වසරේ සිදු වූ ආර්ථික කඩා වැටීමෙන් ගොඩ ඒමට මාර්ගය සැකසී තිබෙනවා. නමුත් තවම එය අවසන් වී නැහැ. මෙම වසර අවසන් වන විට රටේ ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 12%ක් බවට පත් කර ගැනීමට අප බලාපොරොත්තු වෙනවා. 2026 වන විට එය 15%ක් බවට පත් කරගත යුතුයි. එසේ නම් අප දැනට තිබෙන ආර්ථිකයෙන් ආදායම් උපයා ගත යුතුයි. ආදායම් ඉහළ නංවා ගැනීමට නම් ආර්ථිකයක් නිර්මාණය කරගත යුතුයි. මේ ආර්ථික දියුණුව උදා කරගත හැක්කේ කෙසේද යන ප්‍රශ්නය අද අප හමුවේ තිබෙනවා. පැරණි ආර්ථික ක්‍රමය අනුව තවදුරටත් රට ඉදිරියට ගෙන යන්න බැහැ. හැමදාම ණය ගැනීමෙන් සිදු වුණේ රටේ ආර්ථිකය කඩා වැටීමයි. මේ ආර්ථික ක්‍රමය වෙනස් කළ යුතුයි. අප තවම සිටින්නේ අසීරු කාලයක. 2021 වසරේදී අපට අත්‍යාවශ්‍ය භාණ්ඩ තිබුණේ නැහැ. අපට බෙහෙත්, පොහොර, ඉන්ධන තිබුණේ නැහැ. නමුත් අද ඒවා තිබෙනවා. ඒවාට යම් කිසි මුදලක් ගෙවිය යුතුව තිබෙනවා. තවම සියලු දෙනාට ජීවන බර දැනෙනවා. ආර්ථිකය දියුණුවීමත් සමඟ තමයි මේ ප්‍රශ්න අඩු වෙන්නේ. 2022 වූ ආර්ථික හානිය එක පෑන් ඉරකින් ඉවත් කර දමන්න පුළුවන් නම් මම කැමතියි. නමුත් එය සිදු කළ නොහැකියි. එසේ නම් අප අලුත් ආර්ථිකයකට යා යුතුයි. එහිදී තරගකාරී වෙළෙඳපොළක් සමග අපනයන ඉහළ නංවාගෙන විදේශ විනිමය ඉහළ නංවා ගැනීමට කටයුතු කළයුතුයි. පෙබරවාරි 03 වනදා අප තායිලන්තය සමඟ ගිවිසුමක් අත්සන් තබනවා. තායිලන්තය අපේ රට වගේම ථේරවාදී බෞද්ධ රටක්. නමුත් ඔවුන් ගියේ එක මාර්ගයක. අප ගියේ තවත් මාර්ගයක. එහි වෙනස තමයි අද දක්නට ලැබෙනවා. අප ගනු ලබන පියවර සමඟ අනාගතයේ මේ රටේ ඇතිවන ආර්ථිකය කුමක්ද යන්න සිතා බැලිය යුතුයි. ඒ පිළිබඳව අප සාකච්ඡා කළ යුතුයි. දේශපාලන පක්ෂ ඒ සම්බන්ධව කථා කළයුතුයි. මැතිවරණයකට යනවා නම් කොහොමද මේ රටේ ප්‍රශ්න විසඳන්නේ කියා ඔවුන් දැන ගත යුතුයි. හඳෙන් හාල් ගේනවා වැනි ක්‍රමයට එය සිදුකළ නොහැකියි.රජය ගෙන යන වැඩපිළිවෙළ සමඟ එකඟද, එය වෙනස් කරනවාද කියා සාකච්ඡා කළ යුතුයි. අප දැන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමකට එළැඹ තිබෙනවා. ඒ ගිවිසුම රටවල් 15-20ක් සමඟ මෙන්ම තවත් රටවල් ගණනාවක් සමඟ අත්සන් කරන්න තිබෙනවා. අපට එතනින් ඈත් වෙලා යන්න බැහැ. අප කොහොමද මේක පිළිගන්නේ. මේ පිළිබඳ අද අප සියලුදෙනා එක්ව සාකච්ඡා කළ යුතුයි. නමුත් එය සිදු වන්නේ නැහැ. තවමත් අපේ දේශපාලනය පපඩම් වගේ. තාච්චියට දානවා, පිපුනු විට අරගෙන කනවා. ඊළග දවසේ තව එකක් දානවා. පසුව අමතක වෙලා යනවා. අප සමාජ මාධ්‍ය පිළිබඳ කෙටුම්පත ගෙන ආ අවස්ථාවේ ඇතැම් පාර්ශ්ව ඝෝෂා කළා.මේ රටේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය නවත්වනවා කියා ඝෝෂා කළා, නමුත් එය සම්මත වුණා. දැන් ඒක අමතකයි. ඒ වගේම දැන් ත්‍රස්ත විරෝධී පනත ගෙන ඒමට සූදානම් වී සිටිනවා. එවිටත් මේ රටේ අයිතිවාසිකම් නැහැ, ඔක්කොම හිරේ දාන්න යනවා කියලා ඝෝෂා කරයි. ඊට පස්සේ ඒකත් අමතකයි. ඒ වගේම ටීආර්සි පනත ගෙන එන විට නිදහස් අධ්‍යාපනය නැති කරනවා කියා ඝෝෂා කරයි. ඊට පස්සේ එයත් අමතක වෙනවා. මේක පපඩම වගේ උඩට ඇවිත් යට යනවා විතරයි. මේ දේශපාලනය මට අවසන් කරන්න බැහැ. නමුත් අපේ රට මේ තත්ත්වයට පත් වුණේ මේ නිසා බව අමතක නොකළ යුතුයි. මෙම තත්ත්වයෙන් ඈත් වී ඉදිරියට යාමට අපට ශක්තියක් තිබිය යුතුයි. එය ඔබේ අනාගතය පමණක් නොවෙයි, ඔබේ දරුවන්ගේද අනාගතයයි. ඒ නිසා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ ගිවිසුමට එකඟද, නැද්ද, ඊට සංශෝධන අවශ්‍යද කියා අප සියලු දෙනා එක්වෙලා සාකච්ඡා කරමු කියා මා පාර්ලිමේන්තුවේ සිටින සියලු දේශපාලන පක්ෂ නායකයන්ට ආරාධනා කරනවා. අනතුරුව ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකාර අධ්‍යක්ෂවරියට මෙරටට පැමිණෙන ලෙස ආරාධනා කරන්න මම සූදානම්. අප සියලු දෙනා එකට වාඩි වී එතුමිය සමග සාකච්ඡා කරමු. වෙනස් අදහස් තිබෙනවා නම් කොහොමද ඒක කරන්නේ කියලා කියන්න. එම සංශෝධන හොඳනම් මමත් එය පිළිගන්නවා. ඒ වගේම දැන් ගිවිසුමක් තිබෙනවා. අප ඒ අනුව කටයුතු කළයුතු බවත් සිහි තබා ගත යුතු යැයි ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේය.

මුදල්, ආර්ථික ස්ථායිකරන සහ ජාතික ප්‍රතිපත්ති රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය, ජාතික ආරක්ෂාව පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හා ජනාධිපති කාර්ය මණ්ඩල ප්‍රධානි සාගල රත්නායක, මුදල් අමාත්‍යාංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන, රේගු අධ්‍යක්ෂ ජනරාල් සරත් නෝනිස්, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ ආර්. ඩී. පෙරේරා, සහකාර රේගු අධ්‍යක්ෂ සුදත්ත සිල්වා යන මහත්වරුන් මෙන්ම රේගු දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් ඇතුළු ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Post Views: 119
Previous Post

යල කන්නයේ බඩඉරිඟු වගාවට SAPP ව්‍යාපෘතියෙන් රුපියල් බිලියන 04ක් – කෘෂි ඇමැති මහින්ද

Next Post

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස සිට – රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර

editor ttvnews

editor ttvnews

Next Post
උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස සිට – රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර

උමාඔය ව්‍යාපෘතිය යටතේ මෙගාවොට් 120ක විදුලි ධාරිතාවක් පෙබරවාරි මස සිට - රාජ්‍ය අමාත්‍ය ශෂීන්ද්‍ර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved