29 April 2024
#දේශීය #පුවත්

තරුණයන්ට නිදහස් දේශපාලනයකට අවශ්‍ය පරිසරය සකස් කල යුතුයි – මන්ත්‍රී පාඨලී

තරුණයන්ට නිදහසේ දේශපාලනය කිරීමට අවශ්‍ය පරිසරය සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව එක්සත් ජනරජ පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මන්ත්‍රිවරයා මේ බව පැවසුවේ පසුගිය ඉරිදා බත්තරමුල්ල අපේ ගම පරිශ්‍රයේ පැවති එක්සත් ජනරජ පෙරමුණේ තරුණ සමුළුව අමතමිනි.

ඊට අවශ්‍ය පරිසරය සැකසීම වැඩිහිටියන්ගේ වගකීමයි. එක්සත් ජනරජ පෙරමුණ යටතේ තාරුණ්‍යයේ නිදහස සහ නිර්මාණශීලීත්වයට අවකාශ සැලසෙන බව රණවක මහතා අවධාරණය කලේය.

එමෙන්ම වර්තමාන පාර්ලිමේන්තුවේ වයස අවුරුදු 40 ට අඩු සාමාජිකයන් ගණන 26 ක් අතර අවුරුදු 60 ත් 90 ත් අතර 57 දෙනෙක් පාර්ලිමේන්තුවේ සිටි බවත් කාන්තා නියෝජනය ද අවම බව හෙතෙම පැවසිය.

රටට නව පෙරළියක් අවශ්‍ය කාලයක් එළැඹ රණවක මන්ත්‍රීවරයා අවධාරණය කලේය. කෙසේ වෙතත් තාක්ෂණය සහ නවෝත්පාදනය නව එළැඹෙනු ඇති බවත් අනාගත තරුණ පරපුරට ද ලොව ජයගත හැක්කේ තාක්ෂණය සහ නවෝත්පාදනය මගින් වන අතර ඊට ඔවුන් යොමු කෙරෙන පරිසරයක් සැකසීම වගකීමක් බව රණවක මහතා අවධාරණය කරයි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *