• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රට ගොඩනැගීමට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන්න – ජනපති

11 March 2024
in දේශීය, පුවත්
රට ගොඩනැගීමට නැවත එක්සත් ජාතික පක්ෂය සමඟ එක්වන්න – ජනපති
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

රට ණය බරින් බේරාගෙන අනාගත පරපුර වෙනුවෙන් සුරක්ෂිත රටක් ගොඩනැගීමට එක්වන ලෙස එක්සත් ජාතික පක්ෂය හැර ගොස් සමගි ජන බලවේගය සමඟ එක්වු සියලුදෙනාට ආරාධනා කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ඊයේ (10) පස්වරුවේ කුලියාපිටිය නගර සභා ක්‍රීඩාංගණයේ පැවති එක්සත් ජාතික පක්ෂ පළමු මහජන රැළිය අමතමිනි.

රට වෙනුවෙන් එකතු වී වැඩ කිරීමට කැමති ජනතා හමුව “සැබෑව” තේමාව යටතේ මෙම ජන හමු මාලාව සංවිධානය කර තිබෙන අතර කුලියාපිටියේ පැවති පළමු රැළිය පැවැත්විණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එහිදී වැඩිදුරටත් අදහස් පල කලේය “ අද විශාල පිරිසක් මෙම ක්‍රීඩාංගණයට රැස්ව සිටිනවා. ඔබ සියලුදෙනාට මම ස්තූතිය පුද කරනවා. අසීරු කාලයේ ඔබ සියලුදෙනා මට සහාය ලබා දුන්නා. ඒ අසීරු කාලය අවසන් වන විට ඉදිරියට යාම සඳහා ජාතික එකඟත්වයක් ඇති කරගත යුතු සමයක අද මට ඔබ සියලුදෙනා ඇමතීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඔබ මෙතනට පැමිණෙන්නේ මගේ බලාපොරොත්තු ඉෂ්ට කරන්න නොවෙයි. ඔබේ බලාපොරොත්තු ඉෂ්ට කර ගැනීම සඳහායි. අසීරු කාලයකින් පසුව අපට තිබෙන අනාගතය කුමක්ද යන ප්‍රශ්නය ඔබේ සිතේ තිබෙනවා. තවමත් අපට යම් අසීරුතා තිබෙනවා. අපි සියලුදෙනා එකතුවී පටු දේශපාලන බේදයකින් තොරව ඉදිරියට යමු කියා ප්‍රකාශ කිරීමටයි මම මෙතනට පැමිණියේ. මම ආණ්ඩුව භාරගත් අවස්ථාවේ රට මේ තත්ත්වයට ගෙන ඒමට හැකිවනු ඇතැයි අපේකෂා කළේ නැහැ. අද අපි බංකොලොත්භාවයෙන් නිදහස්වීමට නියමිතව තිබෙනවා. බොහෝ අය සිතුවා මේ සඳහා වසර පහක්වත් ගතවනු ඇතියි කියලා. දැන් ජාතය්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් මෙරටට පැමිණ සිටිනවා. අප ඔවුන් සමග සහ නිල වශයෙන් ණය ලබාගත් රටවල් සමඟ සාකච්ඡා කර එහි පළමු ගිවිසුමට මැයි හෝ ජූනි මාසයේ දීඅත්සන් තැබීමට බලාපොරොත්තු වෙනවා. ඉන් පසුව බංකොලොත් නැති රටක් ලෙස අපට සහන ලබා ගැනීමට හැකියාව ලැබෙනවා. මෙම ගමනනේ දී ජනතාවට සහන ලබාදීමට අපට හැකි වෙනවා. ඒ වගේම මේ වසරේ රජයේ සේවකයන්ගේ වැටුප් වැඩි කිරීමට අපට පුළුවන් වෙලා තිබෙනවා. එළැඹෙන සිංහල හින්දු අලුත් අවුරුද්දේ සිට රුපියල් දස දහසක් ඔවුන්ට වැඩිපුර ලැබෙනවා. ඒ වගේම අස්වැසුම වැඩපිළිවෙළ හරහා සමෘද්ධිය වගේ තුන් ගුණයක් ප්‍රතිලාභ ලබා දෙනවා. එය ඉදිරියේදී ලක්ෂ 24කට ලැබෙනවා. එම සියලු පවුල්වලට මෙම සිංහල හින්දු අලුත් අවුරුද්දට සහල් කිලෝ ග්‍රෑම් 20ක් ලබාදීමට අප කටයුතු කරනවා. ඒ වගේම ඉඩම් බලපත්‍ර තිබෙන සියලුදෙනාට සින්නකර ඉඩම් අයිතිය ලබාදිමට අපි කටයුතු කරනවා. කොළඹ තට්ටු නිවාස 50,000ක සිටින ජනතාව වෙනුවෙන් නිත්‍යානුකුල අයිතිය ලබා දෙනවා. අසීරු කාලයක් ගත කළත් ජනතාවට සහන ලබාදීමේ විප්ලවයක් ඇති කිරීමට අප කටයුතු කර තිබෙනවා. ඒ වගේම කෘෂි නවීකරණ වැඩසටහන හරහා වසර 10කින් රටේ කෘෂිකර්මාන්තය නවීකරණය කර අපනයන කර්මාන්තවලින් මුදල් උපයා ගැනීමට අපි අපේක්ෂා කරනවා. ඒ වගේම අපි අල්ලස් දූෂණ සඳහා කොමිසමක් ඇති කළා. මම කිසි අවස්ථාවක එම කිසිවකට අතගැසුවේ නැහැ. වැරදිකාරයන්ට නඩු දාන්න. ඒක මට ගැටලුවක් නොවෙයි. ඒ වගේම පාර්ලිමේන්තුවේ කමිටු පත් කළා. ඒ වගේම කාන්තාවන් වෙනුවෙන් කාන්තාවන් සවිබල ගැන්වීමේ පනත් කෙටුම්පත සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවීය සමානාත්මතාව පිළිබඳ පනත් කෙටුම්පත ගෙන ඒමට කටයුතු කරනවා. එමෙන්ම ස්ත්‍රීන් සඳහා සමබර අයවැයකරණය සහ කාන්තා ප්‍රචණ්ඩත්වය පිළිබඳ පවතින නීති සංශෝධනය කිරීමට ද අප කටයුතු කරනවා. එමෙන්ම සෑම පොලිසියකම කාන්තාවන් සහ දරුවන් වෙනුවෙන් වෙනම ඒකකයක් පිහිටුවීමට කටයුතු කරනවා. මේවා සිදුකළේ රටේ සාමාන්‍ය ජනතාවගේ දියුණුව වෙනුවෙන්.

මම ජනාධිපති ධූරයේ වගකීම භාරගත් පසුව මට සහාය දුන් එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනාට මම ස්තූතිවන්ත වෙනවා. ඒ වගේම පටු පක්ෂ බේදයෙන් තොරව මට සහාය ලබාදුන් පොදු ජන පෙරමුණේ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ, ජනතා විමුක්ති පෙරමුණේ ඇතුළු සියලුදෙනාට මම ස්තුතිවන්ත වෙනවා. අපට තිබෙන්නේ පටු දේශපාලනය නොවෙයි. අපි වෙහෙසිය යුත්තේ මේ රට ගොඩගැනිම සඳහායි. 2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී අපි බෙදුනා. නමුත් මම ප්‍රකාශ කළේ එක්සත් ජාතික පක්ෂය ලෙස අප සත්‍ය ප්‍රකාශ කර ඉදිරියට යමුයි කියලා. අපි සැලසුම්සහගතව කටයුතු කළොත් අපට ටික කාලයකින් ආණ්ඩුවක් ගොඩනගාගත හැකි බව මම එදා පෙන්වා දුන්නා. නමුත් බොහෝ අය ඊට විරුද්ධ වුණා. ඇතැම් අය සිතුවේ ඡන්දයක් දිනන්න නම් බොරු පොරොන්දු දෙන්න ඕන කියලා. මේ මතය තුළ එක්සත් ජාතික පක්ෂය බෙදුනා. ඇතැම් අය සමගි ජන බලවේගයට ඡන්දය දුන්නා. ඇතැම් අය ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියා. ඇතැම් අය අපි වෙනුවෙන් ඡන්දය ලබා දුන්නා. මම ඒ සියලුදෙනාටම කියනවා අද තිබෙන්නේ එක පක්ෂයයි. ඒ එක්සත් ජාතික පක්ෂයයි. අපි ඉදිරිපත් වෙන්නේ ඩී.එස්. සේනානායක මහතා නිදහස ලබා දුන් මේ රට ආරක්ෂා කර ගැනිමට වගේම ජේ.ආර්. ජයවර්ධන මැතිතුමා ඇති කළ ඒ ආර්ථිකය ඉදිරියට ගෙන යාම සඳහායි කියලා. ඒ සඳහායි මම ඔබ සියලුදෙනාගේ සහාය ඉල්ලා සිටින්නේ කියලා.
ප්‍රතිපත්ති ප්‍රකාශය මගින් මම එදා ප්‍රකාශ කළේ කුමක්ද කියා මෙහිදී සිහිපත් කිරීමට කැමතියි. “විදේශ ආදායම් හරහා රටට ලැබෙන ඇමරිකන් ඩොලර් මිලියන 7000ක පමණ ආදායමෙන් මේ වසරේදී අපට අහිමි වී යනු ඇත. ණය සහ සේවාවන් සඳහා මේ වසරේ ගෙවිය යුතු මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 3000කි. මේ නිසා ඉදිරි වසර දෙක තුළ ඇමරිකානු ඩොලර් මිලියන 6000ක් දේශීය ආර්ථිකය කාන්දුකරණයට අවශ්‍ය බව එක්සත් ජාතික පක්ෂය ගණන් බලා තිබේ. ලබන වසර තුළ ඇමරිකානු ඩොලර් මිලියන 3000ක් අවම වශයෙන් අවශ්‍ය වේ. ලෝකයේ බොහෝ රටවල් ජාත්‍යන්තර සහාය ලබා ගනිමින් මේ ආකාරයෙන් තම රටවල ආර්ථිකය යළි පණ ගැන්වීමට අවශ්‍ය මුදල් ප්‍රතිපාදන සලසාගෙන තිබේ. මෙලෙස ඇත්ත කථාකර ඉදිරියට යාම ගැන මම ආඩම්බර වෙනවා. සමගි ජන බලවේගය කිව්වේ සියලු දේ දෙනවා කියලා. ඒ අතර ජනතා විමුක්ති පෙරමුණ මේ විදියට ආර්ථිකය ගැන කථා කළා. “පුද්ගලික අංශයේ ක්‍රියාකාරි පාර්ශ්වකරුවෙකු ලෙස ආර්ථික ක්‍රියාවලියට සම්බනධ වන නිෂ්පාදන ආර්ථිකයක් තුළින් 2025 දී ඒක පුද්ගලික දළ දේශීය නිෂ්පාදිතය දෙගුණයක් කිරීම සඳහා වූ මග පෙන්වීම, දිරිගැන්වීම ඇතුළු යටිතල පහසුකම් හා බදු සහන සහිත උපාය මාර්ගික ජාතික ආර්ථික සැලැස්මකට අනුව ආර්ථිකය මෙහෙයවීමට වෘත්තිකයන්ගෙන් සැදුම්ලත් ස්වාධීන ආයතනයක් පිහිටුවීම”. රටේ කඩා වැටෙන ආර්ථිකය තුළ ඔබට ලැබෙන ආදායම දෙගුණයක් කිරිමට ස්වාධීන ආයතනයක් පිහිටුවනවා කියලා ඔවුන් ප්‍රකාශ කළා. ඉන්පසුව 2021 දී ඔවුන්ප්‍රකාශ කළේ “ අපි සැලැස්මක් හදනවා ඊළග වසර පහේ විදේශ විනිමය වැඩි කරන්නේ කොහොමද කියලා”. මේ තිබෙන විදේශ විනිමයත් නැති වෙන වෙලාවක කළ ප්‍රකාශයක්. මේ සැලැස්ම හදලා මොකක්ද කරන්නේ, මිරිස්, ලුනු, කූණිස්සෝ දාලා සම්බෝල හදනවද, මිරිස් කොහෙන්ද, කුණිස්සෝ කොහෙන්ද කියලා ඔවුන් සිතුවේ නැහැ. මෙවැනි සැලසුම් තමයි ඔවුන් ගෙනාවේ. රට ගොඩගැනීමට එක්සත් ජාතික පක්ෂය හැර වෙන කිසිවෙකුට සැලැස්මක් තිබුණේ නැහැ. මේ රටේ ආර්ථිකය කඩා වැටෙද්දි මම හිතුවා ආර්ථිකය කඩා වැටෙන්න දෙන්න බැහැ කියලා. ඒ නිසා මම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂවරියට කතා කළා. එතුමිය කිව්වා අපිට උදව් කරන්න කැමතියි කියලා. ලෝක බැංකුවෙනුත් එයම ප්‍රකාශ කළා. මමත් ගිහින් ජනාධිපතිවරයාව දෙවරක් මුණ ගැසුණා. මේ කරුණු ප්‍රකාශ කළා. නමුත් අවාසනාවකට ඇතැම් නිලධාරීන් ඊට විරුද්ධ වුණා. ඊළගට මැයි 09 සිදුවීම නිසා කුමක්ද සිදු වුණේ, මහින්ද රාජපක්ෂ අගමැතිතුමා ඉල්ලා අස්වුණා. සජිත් ප්‍රේමදාස මහත්මයා අගමැති ධූරය භාරගන්න බැහැ කිව්වා. අනුර දිසානායක මහත්තයා ඒක ඉල්ලුවෙත් නැහැ. මම ඔවුන් කිසිවෙකුටවත් දොස් කියන්නේ නැහැ. ඒ හේතුව ඔබ දන්නවා. ජනතා විරෝධයක් මැද කොහොමද ඔවුන් අගමැති ධූරය භාරගන්නේ. ඔවුන්ට ගාලු මුවදොර පිටියට යන්නවත් බැරි වුණා. ඒකයි සත්‍ය. එදා මම හිටියේ ෂැංග්‍රිල්ලා හෝටලයේ පැවති රංජිත් සියඹලාපිටිය මහත්මයාගේ දුවගේ විවාහ මංගල්‍ය උත්සවයට සහභාගිවෙමින්. එළියේ සිටී සියලුදෙනා දැන ගෙන හිටියා මම හෝටලයේ ඇතුලේ ඉන්නවා කියලා. කවුරුවත් ඇවිල්ලා මට යන්න කිව්වේ නැහැ. පසුව මම පිටත් වෙලා ගියා. එවිට නගර සභාව අසළ සිටි අය මෙන්ම කොම්පඤ්ඤ වීදිය පැත්තේ හිටපු අය එක්ක කථා කරලා මම ගියා. මොකද අපි සෑමවිටම සත්‍ය ප්‍රකාශ කළා. දුක් වින්දා. මිනිස්සු මුලා කළේ නැහැ. පරාජය භාර ගැනීමට සූදානම් වුණා. පසුව පොහොට්ටුවේ පසුපෙළ මන්ත්‍රීවරු මට කථා කළා. ජනාධිපතිවරයා මට කතා කළා. මම අගමැති ධූරය භාරගත්තා. වෙන කවුරුත්වත් හිටියේ නැහැ මේක භාරගන්න. පොහොට්ටුවට භාරගන්න බැහැ සජිත්, අනුර මේක භාර ගත්තේ නැහැ. ඒ වගේම සම්බන්ධන් මහත්මයා අසනීපයෙන් හිටියේ එතුමාට භාරගන්නත් බැහැ. ඒ නිසා මම අගමැති ධුරය භාරගෙන හිටපු ජනාධිපතිවරයාට කිව්වා පුළුවන්නම් විපක්ෂය එකතු කරගන්න කියලා. නමුත් ඔවුන්කැමති වුණේ නැහැ. මම මුදල් අමාත්‍යවරයා විදියට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට කථා කළා. එම අධාර උපකාර ලබාගත්තා. මේ අතර තමයි ජූලි 09 වනදා සිදුවීම ඇති වුණේ. මම දන්නේ නැහැ ඒ විරෝධය හිටපු ජනාධිපතිවරයාව පළවා හැරීමට ගෙන ආවද, මාව පළවා හැරීමට ගෙන ආවද කියලා. කෙසේ හෝ එදා ජනාධිපති නිවස වැටලු අවස්ථාවේ හිටපු ජනාධිපතිවරයා ධුරය හැර ගියා. මගේ නිවස ගිනි තැබුවා. නමුත් මම හිටියා. මොකද අපි එක්සත් ජාතික පාක්ෂිකයින්. හිටපු ජනාධිපතිවරයා භාරදුන් වගකීම මම භාරගත්තා. මම වැඩබලන ජනාධිපති ලෙස රජයේ ගොඩනැගිල්ලක දිවුරුම් දෙනවට රජයේ නිලධාරින් බිය වුණා. නමුත් වාලුකාරමයේ දී මම වැඩබලන ජනාධිපති ලෙස දිවුරුම් දුන්නා. මම මැතිවරණයකට යාමට සිතුවා. මම සිතුවා එක්සත් ජාතික පක්ෂයේ සියලුදෙනා මට සහයෝගය ලබාදෙයි කියලා. ආණ්ඩුවක් හදාගෙන ඉදිරියට යන්න පුළුවන් වෙයි කියලා. ඔවුන් එකතු වුණේ නැහැ. ඔවුන් අපිත් ඒකක ආවනම් අද එම කිහිපදෙනෙකුම ඇමතිකම්වල කටයුතු කරනවා. නැවත පැමිණ මනුෂ සහ හරින් මම පිළිගන්නවා. තවත් සමහර අය කිව්වා ඩලස් අලහප්පෙරුමට සහයෝගය ලබා දෙනවා කියලා. ජී.එල්. පීරිස් මට විරුද්ධ වුණේ එක්සත් ජාතික පාක්ෂිකයෙකුට ජනාධිපතිකම දෙන්න බැහැ කියලා. එක්සත් ජාතික පක්ෂයට දෙන්න බැහැ පොහොට්ටුවට දෙන්න කිව්වහම සජිත් ප්‍රේමදාසයි, සජබෙයි එයට එකතු වෙනවා. ඒකට ඔහු එකඟ වුණා. ඒ වගේම ඩලස් අලහප්පෙරුමගේ දෙවැනියා වෙන්න සූදානම් වුණා. මම මේ ආර්ථික අර්බුදයෙන් රට බේරගන්න සියලුදෙනාගෙන් සහය ඉල්ලුවා. මහින්ද රාජපක්ෂ මහතාට කතා කළ විට ඔහු කිව්වා රනිල් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල එක්ක කතා කරන්න පුළුවන් ඔයාට විතරයි ඔයා ඒක භාරගෙන කරන්න කියලා. අද මහින්ද රාජපක්ෂ හොද නැහැ කියන අය එදා මල් වට්ටි අරගෙන ගිහින් සහාය ඉල්ලුවේ. මම නිකන් දුරකථනයෙන් එතුමාට කතා කළේ. මහින්ද රාජපක්ෂ හොදයි ඡන්දය දෙනවනම්. ඒ නිසා ඔය බොරුව කරන්න එපා කියලා මම සමගි ජන බලවේගයට කියනවා. ඉන්පසුව මහින්ද රාජපක්ෂ හොඳ නැහැ අපි එන්නේ නැහැ කියලා කිව්වා. ඊට පස්සේ මහින්ද රාජපක්ෂගේ සට්ටන්බිරාළව ජී.එල්. පීරිස්ව ගත්තා. ඒ සට්ටන්බිරාළ කියන්නේ නැහැ මහින්ද හොද නැහැ කියලා. සට්ටන්බිරාළ හොදයි. මහින්ද හොද නැහැ. අද සමගි ජන බලවේගය තුළ ඉන්නේ සට්ටන්බිරාළයි, ගොඩ පෙරකදෝරුවයි. එක්සත් ජාතික පාක්ෂිකයන්ට එහි තැනක් නැහැ. පසුගිය 06 වනදා මම පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් කළ විට හර්ෂ ද සිල්වා මහත්මයා ඉල්ලීමක් කළා ණය ගණුදෙණුවලට අදාළ සාකච්ඡාවලදී අපවත් සම්බන්ධ කරගන්න කියලා. මම කිව්වා ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයින් පැමිණෙනවා එම සාකච්ඡා සඳහා සහභාගී විය හැකියි කියලා. ඒ අනුව මම මගේ ලේකම්වරයාට කිව්වා සදුදා පක්ෂ නායකයන් කැදවලා අපි මේ පිළිබද සාකච්ඡා කරමු කියලා. අපි ඒ සඳහා ලිපි යැවුවා. එවිට ගොඩපෙරකදෝරුවා ගිහින් විපක්ෂ නායකතුමාට කිව්වා හර්ෂ කියන ඒවා කරන්න එපා. මම කියන ඒවා කරන්න ඕන කියලා. අපි මේ සාකච්ඡා සදහා සහභාගිවෙන්නේ නැහැ කියලා. අද මගේ ලේකම්තුමාට ලිපියක් එවලා තිබෙනවා එම සාකච්ඡාවට සහභාගී වෙන්නේ නැහැ කියලා. ගොඩපෙරකදොරුවට යට වුණා. ඉතින් මේ පක්ෂය තුළ එක්සත් ජාතික පාක්ෂිකයින්ට තැනක් තිබෙනවද, එම සියලුදෙනා අද කොන් වෙලා සිටින්නේ. ඔවුන්ගේම මුදල් පිළිබඳ ප්‍රධාන මන්ත්‍රීවරයා පැත්තකට දමා තිබෙන විට කොහෙමද බලාපොරොත්තුවක් තබන්නේ. අද සමගි ජන බලවේගය සට්ටම්බිරාළගේ සහ ගොඩ පෙරකදෝරුවගේ කණ්ඩායමට හසු වී සිටින්නේ. එක්සත් ජාතික පක්ෂයේ මුලධර්ම එහි නැහැ. ඒ නිසා අපට ඡන්දය දුන් නොදුන් සියලු එක්සත්ජාතික පාක්ෂිකයින්ට මම කියන්නේ දැන් අප සමග එක් වෙන්න. අපි මේ රට ණය බරින් බේරගමු. අනාගත පරපුර වෙනුවෙන් යහපත් රටක් ගොඩනගමු. ඒ සඳහා අප එකතුවී වැඩ කරමු කියා ප්‍රකාශ කරමින් මම නිහඩ වෙනවා යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් කියා සිටියේය.

Post Views: 5,455
Previous Post

ජනතාවගේ ධනය කොල්ලකාන පාලකයින්ට දඩුවම් ලබා දිය යුතුයි – අනුර දිසානායක

Next Post

උඩරට ‍නර්තන කලාවේ වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කල යුතුයි – ඇමැති විදුර

editor ttvnews

editor ttvnews

Next Post
උඩරට ‍නර්තන කලාවේ වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කල යුතුයි – ඇමැති විදුර

උඩරට ‍නර්තන කලාවේ වෙස් ඇදුම් කට්ටලය ලෝක උරුමයක් බවට පත් කල යුතුයි - ඇමැති විදුර

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025

Recent News

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක  සිර දඬුවම්

හිටපු ප්‍රබල අමාත්‍යවරුන්ට වසර 20/ 25ක සිර දඬුවම්

29 May 2025
නිලධාරීන් 2නෙකුට වෙඩි තබා ඝාතනය කෙරේ

තවත් වෙඩි තැබිමක්

29 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

ට්‍රම්ප්ගේ තීරු බදු ප්‍රතිපත්තියට අමෙරිකානු අධිකරණ තීන්දුවක්

29 May 2025
කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

කුස්සියේ උයන්නයි දෙමව්පියෝ බලාගන්නයි නිළි රැජිනක් ගන්න බෑනෙ

29 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved