• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භුමිතෙල් නිකුත් කිරීම අද සිට – ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් කීර්ති

29 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ධීවරයන්ගේ භුමිතෙල් ගැටලුව විසඳනු ලැබූ යාන්ත්‍රණයම භාවිතා කර ඉදිරි දින 03 තුළ ලංකාවේ සියළුම කෘෂිකාර්මික ප්‍රදේශ වෙත භුමිතෙල් නිකුත් කිරීම අද (29) සිට ආරම්භ කරන බව ජනාධිපති අධ්‍යක්ෂ ජෙනරාල් (ප්‍රජා කටයුතු) කීර්ති තෙන්නකොන් මහතා පවසයි.

2022 නොවැම්බර් 1 වනදා සිට 19 වනදා දක්වා දිනකට භුමිතෙල් බවුසර් 29 බැගින් බෙදාහැර තිබූ අතර, නව වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමෙන් පසුව නොවැම්බර් 23 සිට නොවැම්බර් 27 දක්වා බවුසර් 229ක් (දෛනික සාමාන්‍ය 45.8) ධීවරයින් හා ගොවීන් වෙත නිකුත් කර ඇති අතර එය 17% ක වැඩිවීමක් බව තෙන්නකෝන් මහතා පැවසිය.

වී, තේ, පොල්, කුරුඳු, අර්තාපල්, එළවළු, පළතුරු, ධාන්‍ය, මල් සහ විසිතුරු පැල, සත්ව ආහාර හා තෘණ වගාකරුවන්ගේ ද අවශ්‍යතාවන් කෙරෙහි ද අවධානය යොමු කරමින් කෘෂි අවශ්‍යතාවන් සඳහා භුමිතෙල්, ඩීසල් සහ පෙට්‍රල් බෙදාහැරීම සඳහා පූර්ණ ක්‍රමවේදයක් පළාත් හා දිස්ත්‍රික්ක මට්ටමින් සකස් කරන ලෙස ද ජනාධිපති ප්‍රජා කටයුතු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා අදාළ නිලධාරීන් වෙත පසුගිය සතියේ උපදෙස් දී ඇත.

ප්‍රදේශීය ලේකම් කොට්ඨාශයේ කේෂ්ත්‍ර නිලධාරීන් මගින් තහවුරු කළ අවශ්‍යතාවයන් පිළිබඳ සැලකිලිමත් වන ලෙස ද, ගොවීන්, කෘෂි ව්‍යාපාර, සුළු හා මධ්‍ය පරිමාණ වගාකරුවන්, ගොවිතැනට සම්බන්ධ සියළු සැපයුම් ජාලා වෙත අරපිරිමැස්මෙන් නමුත් කිසිවෙකු අත් නොහැරෙන ලෙස ඉන්ධන සැපයීම රජයේ ප්‍රතිපත්තිය බව ද තෙන්නකෝන් මහතා පවසයි.

පළාත් කෘෂිකර්ම, සමූපකාර අමාත්‍යාංශ, සත්ව නිෂ්පාදන, ඛනිජ තෙල් සංස්ථාවේ බෙදාහැරීමේ කළමනාකරුවන් හා එක්ව ඩීසල්/පෙට්‍රල්/භුමිතෙල් අවශ්‍යතාව අනුමත සීමාවන් තුල සැපයීම කෘෂිකර්ම, වැවිලි අමාත්‍යාංශ, ගොවිජන සේවා සහ අනෙකුත් දෙපාර්තමේන්තු ඒකාබද්ධ සැලසුම් නොවැම්බර් 28 දින වන විට සකස් කර අවසන් කෙරෙනු ඇත.

විශේෂයෙන්ම වගා කන්නයේ එක් එක් අදියරේ දී, එක් එක් කලාප වෙත ඉන්ධන (ඩීසල්/පෙට්‍රල්/භුමිතෙල්) අවශ්‍යතාවය වෙන් වෙන්ව කාල වකවානු සහිතව සැලසුම් කිරීම සිදුවන්නේ ප්‍රථම වතාවටය. පසුගිය වසර 5 තුල එක් එක් ඉන්ධන පිරවුම්හලේ අලෙවි දත්ත මත පදනම්ව අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය පිළිබඳ විධිමත් අධ්‍යයනයක් ද මේ වන විට ජාතික මට්ටමෙන් සිදු කෙරේ.

ඉන්ධන අන්තර් පළාත්/දිස්ත්‍රික්ක හුවමාරු භාණ්ඩයක් ද බව සලකා, කෘෂිකර්ම, අපනයන, වැවිලි භෝග, මල් හා විසිතුරු වගා ඇතුළු වෙනත් සෑම කෘෂි කේෂ්ත්‍රයක්ම ආවරණය වන පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නැංවේ. වගා අස්වනු නෙලීමේ යන්ත්‍ර සඳහා ඉන්ධන ලබාදීමේ දී සහ භුමිතෙල් භාවිතයෙන් ක්‍රියාත්මක වන වතුර පොම්ප සඳහා ඉන්ධන සැපයීමේ දී පසුගිය කන්නයේ අති වූ ගැටළු වළක්වා ගැනීමට නව වැඩසටහනේ අරමුණ වී තිබේ.

ප්‍රමාණවත් ඉන්ධන තොග තිබිය දී ධීවරයින්ට භුමිතෙල් හිඟයක් ඇති වූයේ ක්ෂේත්‍ර සමීක්ෂණයකින් තොරව අවශ්‍යතාවයන් පිළිබඳ සාවද්‍ය වාර්තා සැපයීම නිසා බවත්, ඒ අනුව කෘෂිකර්ම ක්ෂේත්‍රයේ එවැන්නක් ඇති නොවීමට පියවර ගැනීමට කටයුතු කරන බවත් තෙන්නකෝන් මහතා සඳහන් කළේය.

කෘෂි වගාවන්ට භුමිතෙල් සැපයීමේ දී ඩොලර් ලක්ෂ 30 කට ආසන්න පිරිවැයක් රජයට දැරීමට සිදුවන බැවින් එහි උපරිම එලදායීත්වය තහවුරු කිරීමේ ජාතික වගකීම පළාත් ප්‍රධාන ලේකම්වරුන් හා දිසාපතිවරුන්ට පැවරේ.
කෘෂිකර්ම කටයුතු සඳහා අවශ්‍ය භුමිතෙල් මිලදී ගැනීම සඳහා සමූපකාර ඉන්ධන පිරවුම්හල් වෙත අවශ්‍ය ණය පහසුකම් ලබාදීමට ග්‍රාමීය බැංකු සමඟ එක්ව වැඩපිළිවෙළක් සකස් කරන ලෙස ද පළාත් සභා සමූපකාර කොමසාරිස්වරුන් වෙත ජනාධිපති කාර්යාලය විසින් උපදෙස් ලබා දී ඇත.

 

Post Views: 6
Previous Post

මාතලේ සිරිමාවෝ බණ්ඩාරනායක ආදර්ශ විදුහලේ සෞන්දර්යය ඒකකය විවෘත කරයි

Next Post

eRoC ක්‍රමවේදය ආර්ථිකයේ අනාගතය වෙනුවෙන් තැබූ විශාල ඉදිරි පියවරක් – කර්මාන්ත ඇමති

editor

editor

Next Post

eRoC ක්‍රමවේදය ආර්ථිකයේ අනාගතය වෙනුවෙන් තැබූ විශාල ඉදිරි පියවරක් - කර්මාන්ත ඇමති

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

ඊශ්‍රායල් – ඉරාන් ප්‍රහාර ගැන හිටපු ජනාධිපති රනිල් ජාත්‍යන්තරය අමතයි 

19 June 2025
කෙහෙළිය, බිරිඳ සහ දුව අල්ලස් කොමිසමේ අත්අඩංගුවට

කෙහෙළියගේ දියණියන් දෙදෙනා සහ බෑණා අත්අඩංගුවට

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

සබරගමු විශ්වවිද්‍යාලයේ සිසුවා සියදිවි නසාගැනීමට හේතුව තහවුරු වෙයි

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ඉරාන – ඊශ්‍රායල් (UPDATES)

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved