27 April 2024
#දේශීය

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286 ක සීමා ඉවත් කළා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

ආනයන සීමා පනවා තිබූ තවත් භාණ්ඩ වර්ග 286 ක ආනයන සීමා ඊයේ රාත්‍රී සිට ඉවත් කළ බව මුදල් රාජය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද (10) පෙරවරුවේ රුවන්වැල්ල්දී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

එහිදී තවදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පැවසූයේ 2022.04.16 දින භාණ්ඩ වර්ග 747 ක් , 2022.05.22 භාණ්ඩ වර්ග 1077 ක් සහ 2022.08.24 වන දින භාණ්ඩ වර්ග 1467 කට පැවති ආර්ථික අර්බුධය හමුවේ ආනයන සීමා පැනවීමට සිදු වූ බවයි.

ආර්ථික යම් ස්ථාවර තත්ත්වයකට පත්වීමත් සමඟ වරින් වර එම භාණ්ඩ වලට පනවා තිබූ ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු කළ බවත් , ඒ අනුව ඊයේ රාත්‍රිවේ සිට තවත් භාණ්ඩ වර්ග 286 ක ආනයන සීමා ඉවත් කිරීමට කටයුතු තළ බවත් රාජ්‍ය අමාත්‍යවරයා එහිදී පැවසූවා.

ඒ අනුව ආනයන සීමා පැනවූ භාණ්ඩ වර්ග 928 ක් සඳහා පමණක් තව දුරටත් ආනයන සීමා පවතින බවත්, ඒ අතරින් 306 ක්ම වාහන බව හෙතෙම පැවසුවා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *