27 April 2024
#Uncategorised

බුද්ධ රශ්මි ජාත්‍යන්තර වෙසක් දින සඟරාව එළි දැක්වේ

ජාත්‍යන්තර වෙසක් දින සැමරුමට සමගාමීව මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය විසින් නිකුත් කරනු ලබන ‘බුද්ධ රශ්මි’ සඟරාව එළි දැක් වේ.

ඒ, මල්වතු විහාර පාර්ශවයේ කාරක සංඝ සභික උඩුගොඩ ශ්‍රී ධම්මක්කන්ද , ගෙලිඔය තෙලඹුගල ශ්‍රී නි‍ග්‍රෝධකෙත්ත පිරිවෙණාධිපති ගොඩමුන්නේ පඤ්ඤාකිත්ති යන ස්වාමීන්වහන්සේලා ප්‍රමුඛ සංඝ රත්නයේ අනුශාසනා මධ්‍යයේ මධ්‍යම පළාත් ආණ්ඩුකාර නීතීඥ ලලිත් යු ගමගේ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය 07 වනදා මහනුවර පිහිටි ආණ්ඩුකාර කාර්යාලීය ශ්‍රවණාගාරයේදීය.

වාර්ෂිකව නිකුත් කරනු ලබන මෙම සඟරාව ආර්ථික අපහසුතා මධ්‍යයේ වූවද නිකුත් කිරීම සම්බන්ධයෙන් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා විසින් සිය ස්තූතිය මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානය වෙත පුද කිරීම සදහා මෙහිදී කටයුතු කළ අතර, ශ්‍රී ලාංකීය ඉතිහාසය, සංස්කෘතිය ඉතා සුවිශේෂී බවත් ඒ සම්බන්ධයෙන් වර්තමාන පරපුරට ඇති දැනුම ඉතා අල්ප බවත් මෙහිදී පළාත් ආණ්ඩුකාරවරයා සදහන් කර සිටියේය.
වැඩිහිටියන්ගේ ආකල්ප සංවර්ධනය කිරීමටත් වඩා අද දවසේ දරු පරපුරේ ආකල්ප සංවර්ධනය කිරීම මගින් හෙට දවසට හෝ රටට ජාතියට සංස්කෘතියට හිතැති මතු පරපුරක් නිර්මාණය කළ හැකි වන බව ද මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් හෙතෙම සදහන් කර සිටියේය.

මහනුවර දිස්ත්‍රීක් ලේකම් චන්දන තෙන්නකෝන්, පළාත් ආණ්ඩුකාර ලේකම් මංජුලා මඩහපොල, මහනුවර බෞද්ධ හා සංස්කෘතික සංවිධානයේ සභාපති විලමසේන කළුගමගේ, ආණ්ඩුකර සම්බන්ධීකරණ ලේකම් වී.එන් .විජේරත්න යන මහත්ම මහත්මීන් ඇතුලු පිරිසක් ද මෙ අවස්ථාවට එක්විය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *