• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

රටපුරා ගෑස් පිපිරීමේ සුලමුල හෙළි කරනු.!- විපක්ෂනායක

30 November 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

ශ්‍රී ලංකාවේ මිලියන 6කට ආසන්න ගෘහස්ථ පාරිභෝගිකයන් සංඛ්‍යාවක් තම දෛනික අවශ්‍යතා සඳහා ගෑස් පරිභෝජනය කරනු ලබන බවත් මේ වනවිට රටපුරා ගෑස් සිලින්ඩර පිපිරීම් සිදුවන නිසා අතිශය බරපතළ තත්ත්වයක් රටේ උද්ගතව ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂනායකවරයා අද (30) පාර්ලිමේන්තුවේදී මේ සම්බන්ධයෙන් විපක්ෂ නායකතුමා පසුගිය සෙනසුරාදා දින එනම්, 2021 නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අතර, ඒ සම්බන්ධයෙන් පැහැදිලි ප්‍රමාණවත් පිලිතුරක් ආණ්ඩුව පාර්ශවයෙන් නොලැබිණි. එබැවින්, පාරිභෝගික සුරක්ෂිතතාවයට, රටේ ගෘහණියන්ගේ හා නිවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්, නිවැරදි හා වගකීම් සහගත තොරතුරු ලබා ගැනීම අපේක්ෂා කරමින් විපක්ෂ නායකතුමා ස්ථාවර නියෝග 27 (2) ප්‍රශ්නයක් යටතේ ඉදිරිපත් කරනු ලැබීය.

ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායකතුමා අසනු ලබනු ලැබූ ප්‍රශ්නය මෙසේය ” ශ්‍රී ලංකාවේ මිලියන 6කට ආසන්න ගෘහස්ථ පාරිභෝගිකයන් සංඛ්‍යාවක් තම දෛනික අවශ්‍යතා සඳහා ගෑස් පරිභෝජනය කරනු ලබන බව වාර්තා වේ. මෙම සියලුම පාරිභෝගිකයන් සඳහා ගෑස් සැපයීම සිදු කරනු ලබන්නේ සමාගම් දෙකක් මගින් ය. පසුගිය කාලසීමාව තුළ වැලිගම, අලව්ව, රත්නපුර, කොළඹ, කොට්ටාව හා නිකවැරටිය යන ප්‍රදේශවල දිගින් දිගටම සිදු වූ ගෑස් ආශ්‍රිත පිපිරීම් සමග ලංකාවේ ගෘහස්ථ ගෑස් භාවිතය සම්බන්ධයෙන් භීතියක් ජනතාව තුළ හටගෙන තිබේ.

මේ සම්බන්ධයෙන් මවිසින් පසුගිය සෙනසුරාදා දින එනම්, 2021 නොවැම්බර් 26 දින පාර්ලිමේන්තුවේ අවධානය යොමු කළ අතර, ඒ සම්බන්ධයෙන් ගරු රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මැතිතුමා යම් කරුණු පැහැදිලි කිරීමක් සිදු කරන ලදී. එම පැහැදිලි කිරීම ප්‍රමාණවත් නොවන බැවින්, පාරිභෝගික සුරක්ෂිතතාවයට, රටේ ගෘහණියන්ගේ හා නිවැසියන්ගේ ආරක්ෂාව වෙනුවෙන්,  නිවැරදි හා වගකීම් සහගත තොරතුරු ලබා ගැනීමට මෙම ගැටලුව ස්ථාවර නියෝග 27 (2) ප්‍රශ්නයක් යටතේ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කළෙමි.

මෙහි මූලාරම්භය සිදු වනුයේ, මෙම වසරේ මුල් භාගයේ දී ලීටර 18 ක හයිබ්‍රිඩ් නමින් හඳුන්වාගත් ගෑස් සිලින්ඩරයක් හඳුන්වාදීමත් සමග ය. පාරිභෝගික ජනතාව නොමඟ යවමින්, අධික ලාභයක් ලැබීම සඳහා මෙම වංචනික ක්‍රියාව සිදු කර ඇත.  එසේම, පාරිභෝගික අධිකාරිය හෝ වෙනයම් අදාල රාජ්‍ය ආයතනයක් හෝ නිසි පරිදි දැනුම්වත් කොට මෙය සිදු නොකළ හෙයින් එම ක්‍රියාව නැවැත් වූ බවත්, එම ගෑස් වෙළඳපොළෙන් ඉවත් කළ බවත් ගරු රාජ්‍ය අමාත්‍යතුමා පසුගිය සෙනසුරාදා පාර්ලිමේන්තුවේ දී පැවසීය.

ගරු රාජ්‍ය අමාත්‍යතුමාට අනුව එම වංචනික ක්‍රියාව අවසන් විය. එය සිදුකළ පුද්ගලයන්ට එරෙහිව නඩු පවරා ඇත. කෙසේ වෙතත් ගෑස් කාන්දු වීම් මගින් පිපුරුම් අනතුරු රටපුරා වාර්තා වේ. ලීටර 18 ගෑස් සිලින්ඩර වංචාවේ දී අනාවරණය වූ එක් ප්‍රධානතම ගැටලුවක් වනුයේ, සංයුතිය වෙනස් කොට ගෑස් සිලින්ඩරයේ බර අඩු කිරීමයි. දෙවැනි බරපතලම ගැටලුව වූයේ, අප වැනි ඝර්ම කලාපීය රටකට කිසිසේත් ම නොගැලපෙන සංයුතියකට ගෑස් සිලින්ඩරයේ ප්‍රොපේන්, බියුටේන් මිශ්‍රණ ප්‍රතිශත වෙනස් කිරීමයි. එනම්, ගරු රාජ්‍ය අමාත්‍යතුමා මෙම සභාවට පැහැදිලි කළ අයුරින් මෙම වංචාව සදහා ගෑස් සිලින්ඩරයක එතෙක් පැවති බියුටේන් හා ප්‍රොපේන් සංයුතිය 70:30 සිට 50:50 දක්වා වෙනස් කර ඇත.

මෙම සංයුතියේ වෙනස සම්බන්ධයෙන් තහවුරු කළ වාර්තා තිබෙන බවට පාරිභෝගික සේවා අධිකාරියේ හිටපු විධායක අධ්‍යක්ෂ හා සපුගස්කන්ද පිරිපහදුව රසායනාගාර හිටපු ප්‍රධානී විසින් මෑතකදී මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කොට තිබිණ. ඒ සම්බන්ධයෙන් වන Intertek වාර්තාව එය වැඩිදුරටත් තහවුරු කරයි.

සංයුතියේ වෙනස නිසා සිලින්ඩරය තුල හටගන්නා දැඩි පීඩනය, ගෑස් සිලින්ඩරයේ වැල් එකට හෝ රෙගියුලේටර් කොටස් වලට ඔරොත්තු නොදීමෙන් සිලින්ඩරයෙන් ගෑස් කාන්දු වී යෑමේ ඉඩකඩක් හටගනී. මේ සම්බන්ධයෙන් රජයේ රසායනාගාර පරීක්ෂණ වාර්තා කෙසේ වෙතත් බියට පත් මහජනතාව සබන් දියර හා ජලය යොදා ගනිමින් ගෑස් කාන්දු වන සිලින්ඩර රට පුරා තවමත් ඇති බවට බොහෝ වීඩියෝ පට සමාජ ජාල වලට මුදා හැර ඇත.

මෙසේ ගෑස් කාන්දු වීමක් නිසා බරපතළ හානි සිදුවිය හැකි බවට අනතුරු ඇඟවීම් පාරිභෝගික අධිකාරියේ සභාපතිතුමන්ට, ගරු විෂයභාර අමාත්‍යවරුන්ට මෙන්ම අතිගරු ජනාධිපතිතුමාට ද සිදු කළ බවට සාක්ෂි මාධ්‍ය ඔස්සේ වාර්තා වේ. බෙදුම්වාදීන්ගේ පිපුරුම් වලින් වසර තිහකට ආසන්න කාලයක් බැට කෑ සහ, ආගමික අන්තවාදීන්ගේ පිපුරුම් වලින් නැවතත් මරණ බිය ඇති කර ගත් අප රටේ ජනතාවට සිදුව ඇත්තේ ආරක්ෂිත යැයි විශ්වාසයෙන් මිලටගත් ගෑස් සිලින්ඩරයක් කුමන මොහොතේ පිපිරේදැයි යන බියෙන් මුළුතැන්ගෙට යාමටයි.

ඒ අනුව මෙය ජාතික වැදගත්කමකින් යුතු ගැටලුවක් වශයෙන් සලකා පහත ප්‍රශ්න වලට නිශ්චිත පිළිතුරු හා පැහැදිලි කිරීම් රජයෙන් බලාපොරොත්තු වෙමි.

01.  ගෘහස්ථ පරිභෝජනය සඳහා වෙළඳපොලේ විකුණනු ලබන ගෑස් සිලින්ඩරයක සංයුතිය සම්බන්ධයෙන් දැනට ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය විසින් නිකුත් කර ඇති ප්‍රමිතිය කවරේ ද? එහි ප්‍රොපේන් හා බියුටේන් සංයුතියේ ප්‍රමිතිය සඳහන් නොවන්නේ නම් දැනට හදුනාගෙන ඇති අනෙකුත් ප්‍රමිතීන් ගෑස් සැපයුම සිදු කරන ආයතන දෙකම අනුගමනය කරන බවට රජයට සහතික විය හැකි ද? ඒ සම්බන්ධයෙන් මෙම වසරේ දී සිදු කළ පරීක්ෂණ වාර්තා සභාගත කරන්නේ ද?

02.  2021 ජනවාරි පළමු වනදා සිට අද දක්වා මෙම සමාගම් දෙක විසින් ගෑස් ආනයනය සඳහා සිදුකළ ඇනවුම් ප්‍රමාණයන් කවරේ ද? එසේ මිලදී ගත් රටවල් හා ආයතන කවරේ ද? ඒවායේ සම්පූර්ණ පිරිවිතරයන් හා වටිනාකම් සභාගත කරන්නේ ද? එම එක් එක් ඇණවුම වෙනුවෙන් ඉල්ලා සිටි ඇණවුමේ සඳහන් ප්‍රොපේන් බියුටේන් සංයුතිය සභාගත කරන්නේ ද? නොඑසේ නම් ඒ මන්ද?


03.  ඒ අනුව 50:50 සංයුතියන්ගෙන් මෙරටට ගෙන්වූ ගෑස් ධාරිතාවය මෙට්‍රික් ටොන් කොපමණ ද? එම සංයුතියේ ගෑස් සිලින්ඩර කීයක් වෙළඳපොළට නිකුත් කළේ ද? ඒ සියල්ල වෙළඳපොලෙන් මේ වන විට ඉවත් කර තිබේ ද? ඒ සම්බන්ධයෙන් රජයට සහතික විය හැකි ද?

04.  ප්‍රමිතියෙන් තොරවීම නිසා වෙළඳපොළෙන් ඉවත් කළේ යැයි අමාත්‍යතුමා විසින් පැවසූ ගෑස් සඳහා සිදු කළේ කුමක් ද? ඒ සියල්ල විනාශ කළේ ද? ප්‍රති නැව්ගත සිදු කළේ ද? නැතහොත් වෙනයම් කාර්යයක් සඳහා යොදා ගත්තේ ද? මෙසේ ප්‍රමිතියෙන් තොර සියලු ගෑස් වෙළෙඳපොළෙන් මෙන්ම ශ්‍රී ලංකා භූමියෙන් ද ඉවත් කොට ඇති බවට විගණනයක් සිදු කර ඇත් ද? එම විගණන වාර්තාව සභාගත කරන්නේ ද? නොඑසේනම් ඒ මන්ද?

05.  බාල ප්‍රමිතියෙන් යුතු ගෑස් නියමිත පරිදි වෙළඳපොලෙන් ඉවත් නොවීම හෝ නැවත වෙළඳපොළට මුසු වීම හෝ එම ගෑස් පිරවූ අවස්ථාවේ හානි වූ ගෑස් සිලින්ඩර නිසා හෝ මෙම පිපිරීම් ඇතිවීමේ ඉඩකඩක් ඇතිවිය හැකියි. එම නිසා වර්තමාන රජය විසින් අකර්මණ්‍ය කළ තෙල් පිරිපහදුවේ මේ වන විට භාවිතා නොකරන රසායනාගාරය හා වෙනත් සුදුසු රසායනාගාර භාවිතා කොට කඩිනමින් සැලකිය යුතු  සාම්පල පරීක්ෂාවක් දිවයින පුරා සිදු කිරීම සුදුසු නොවේ ද? එසේ නම්, එය සිදු නොකරන්නේ මන් ද යැයි විපක්ෂනායකවරයා වැඩිදුරටත් අසා සිටියේය.

Post Views: 1
Previous Post

ඇගුලුම්හලක වැසිකිලියක් තුල බිළිදු මළ සිරුරක්..

Next Post

රජයේ ප්‍රතිපත්තිය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි – රාජ්‍ය අමාත්‍ය අරුන්දික

editor

editor

Next Post

රජයේ ප්‍රතිපත්තිය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි - රාජ්‍ය අමාත්‍ය අරුන්දික

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
තිරිංග අක්‍රීය වීමෙන් වන්දනා නඩය රැගත් බස් රථය අනතුරේ

තිරිංග අක්‍රීය වීමෙන් වන්දනා නඩය රැගත් බස් රථය අනතුරේ

15 August 2025
සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න රහසිගත කුමන්ත්‍රණයක් ?

සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න රහසිගත කුමන්ත්‍රණයක් ?

15 August 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

15 August 2025

Recent News

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
තිරිංග අක්‍රීය වීමෙන් වන්දනා නඩය රැගත් බස් රථය අනතුරේ

තිරිංග අක්‍රීය වීමෙන් වන්දනා නඩය රැගත් බස් රථය අනතුරේ

15 August 2025
සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න රහසිගත කුමන්ත්‍රණයක් ?

සමලිංගිකත්වය ප්‍රචලිත කරන්න රහසිගත කුමන්ත්‍රණයක් ?

15 August 2025
අද දවසේ කාලගුණය

අද දවසේ කාලගුණය

15 August 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

ලෝකයේම වෛරල් වූ සංවේදී  AI වීඩියෝවේ කතාව ඇත්තක්

15 August 2025
තිරිංග අක්‍රීය වීමෙන් වන්දනා නඩය රැගත් බස් රථය අනතුරේ

තිරිංග අක්‍රීය වීමෙන් වන්දනා නඩය රැගත් බස් රථය අනතුරේ

15 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved