27 April 2024
#දේශීය

ඇගුලුම්හලක වැසිකිලියක් තුල බිළිදු මළ සිරුරක්..

පුඩළුඔය, නියන්ගන්දර ප්‍රදේශයේ ඇඟලුම් කර්මාන්ත ශාලාවක වැසිකිලිය තුල බිළිදු සිරුරක් තිබි ඊයේ (29) පෙරවරුවේ දි සොයා ගෙන ඇත.

පුඩළුඔය පොලිසිය පැවසුවේ බිළිඳු සිරුර කොත්මලේ රෝහලට ඇතුලත් කරන අවස්ථාවේදිත් මිය ගොස් ඇති බවට වෛද්‍යවරයා තහවුරු කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර සැකකාර කාන්තාව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර ඇය පුඩළුඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 23 ක් වයසැති අයෙකි.

සැකකාර කාන්තාව නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර ලබන 08 වනදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග නිකුත් කර ඇත. අදාළ කාන්තාන බන්ධනාගාර නිලධාරින්ගේ ආරක්ෂාව යටතේ නාවලපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

පුඩළුඔය පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන පවත්වනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *