27 April 2024
#දේශීය

රජයේ ප්‍රතිපත්තිය නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි – රාජ්‍ය අමාත්‍ය අරුන්දික

කොරෝනා වසංගතය හේතු කොටගෙන වසර 02 ක කාලයක් නිෂ්පාදන කාර්යයෙහි පසුබෑමක් සහ ඉලක්කගත අරමුණු කරා යෑමට නොහැකි බවත් එකි නිෂ්පාදන ආර්ථිකය, අපනයන ආදායම 2022 අයවැය තුළින් ශක්තිමත් කිරීම සහ ඉහළ නැංවීමට බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (30) පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වමිනි.

එහිදි රාජ්‍ය අමාත්‍ය අරුන්දික ප්‍රනාන්දු මහතා අදහස් දක්වමින්, “ අද මේ මොහොත වන විට පාර්මේන්තුව තුළ අයවැය සම්බන්ධව යෝජනාව සඳහා පක්ෂ විපක්ෂව අදහස් එක්කල විවාද යන අවස්ථාවක්. 2022 ක වර්ෂය අපි සම්පූර්ණයෙන් බලාපොරොත්තු වෙනවා සමස්ථ රටෙහිම නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්නත්, අපනයන ආදායම වැඩි කිරිම ඉලක්ක කරගෙන මේ රට මෙහෙයවන්න තමයි අපි රටක් හැටියට බලාපොරොත්තු වෙන්නේ. රජයක් හැටියට ජනතාවගේ පැත්තෙන් හිතලා , ජනතාවට අවශ්‍ය කරන දේවල් සපයාදීම, රට ආර්ථික වශයෙන් ශක්තිමත් වීම අත්‍යවශ්‍ය වන බව මත තමයි සමස්ථ අයවැයම අද මේ විදිහට සකස් වෙලා තිබෙන්නේ. ඉලක්කගත වැඩසටහනක් අනුවයි ඒ තුළ රට මෙහෙය වීමයි අපේ බලාපොරොත්තුව. අතිගරු ජනාධිපතිතුමා බලයට පත්වුණාට පසු ජනාධිපතිතුමාගේ සමස්ථ සෞභාග්‍ය දැක්ම වැඩසටහන ප්‍රතිපත්ති සහ රජයේ ප්‍රතිපත්තිය වුණේ මේ කියන නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි. අපිට වැඩ කරන්න අවුරුදු දෙකක් අහිමි වුණා. නමුත් මේ අයවැයෙහි ශක්තිය තුළින් ඊළඟ අවුරුදු තුන සමස්ථ ආණ්ඩුවම මේ ජනාධිපතිතුමාගේ සංකල්පය ශක්තිමත් කිරීමට අපි බලාපොරොත්තු වෙන්නේ. රටක් හැටියට නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කරන්න ඕන. අපේ රට තුළ තේ පොල් රබර් වගේම අනෙකුත් කුළුබඩු සහ කුරුඳු තුළින් නිෂ්පාදන ආර්ථිකය ශක්තිමත් කිරීමයි බලාපොරෙත්තුව. කොරෝනා වසංගතය තිබුණත් අපනයන ආදායම වැඩි වෙලා තිබෙනවා. අපි ආණ්ඩුව එනකොට රබර්වල මිල ඉතා අඩු තත්වයකයි තිබුණේ. දැන් අද රබර්වලට ආණ්ඩුවේ ප්‍රතිපත්තියත් එක්ක මිල වැඩිවෙලා තිබෙනවා. දැන් අපිට විවිධ ප්‍රශ්න ගැටළු තිබෙනවා. මේ ගෝලීය වසගංතය නිසා අද වන විට අලුත් ප්‍රභේදයක් තිබෙනවා. මේ තුළින් ජනතාව ආරක්ෂා කර ගැනිම සඳහා එකපැත්තකින් එන්නත්කරණ වැඩසටහන කරගෙන යනවා. අපි අවුරුදු 16 ට වැඩි අයට එන්නත් දෙකම ලබා දී තිබෙනවා. ලක්ෂ 05 කට වඩා වයස අවුරුදු 60 න් වැඩි අයට බූස්ටර් එන්නත ලබාදී තිබෙනවා. රජය විශාල වියදමක් මේ එන්නතකරණයට යොදවලා තිබෙනවා. මේ එන්නත්කරණ වැඩසටහනත් එක්ක මරණයෙන් බේරාගන්න පුළුවන්වෙයි කියලා යන තද බල විශ්වාසය අතිගරු ජනාධිපතිතුමාට පෞද්ගලිකව තියෙන නිසා තමයි ජනාධිපතිතුමා මේ සඳහා සම්බන්ධවෙලා කටයුතු කළේ. ඒනිසා ජනතාවගෙන් ඉල්ලා සිටිනවා මේ එන්නතකරණ වැඩසටහන ශක්තිමත් කරන්න රජය උපරිම දෙයක් කරන වෙලාවේදි ජනතාව සහ අපි මේ සෞඛ්‍ය උපදෙස් නිවැරදිව පිළිපදින්න කියලා. අද වෙනකොට තිරිඟු පිටිවල මිල වැඩි වෙලා කියලා.ජනතාව අමාරුවෙන් ඉන්න කාලයක අපිත් අනුමත කරන්නේ නෑ මේ දේ පිළිබඳව. මේ බහු ජාතික සමාගම් විශාල ලාභයක් ලබා තිබෙනවා. අපි අමාරු අවස්ථාවක අපිට මොවුන් උදව් කරන්නේ නෑ. ඒ නිසා අපි රජය හැටියට මේ වගේ අවස්ථා නවත්තන්න ඕන. ජනතාවට මේ සහනය ලබා දෙන්න ඕන. එක තමයි ආණ්ඩුවේ, ශ්‍රි ලංකා පොදුජන පෙරමුණේ ප්‍රතිපත්තිය. මේ ගිවිසුම්වල ඇත්ත කියලා ජනතාවට මේ සහනය ලබා දෙන්න ඕන. මේ තිරිඟු පිටි ගේන සමහරක් සමාගම් මේ සමඟ සෙල්ලම් කරන හැටි අපි දන්නවා. ඒ අය ලාභ අරගෙන අපිට අමාරු අවස්ථාවල වෙනකොට ඒ සහන සලස්වන්නේ නෑ. අපි නම්‍යශිලි වෙලා වෙනස් කරන්න ඕන තැන්වලදි වෙනස් කිරීමයි කළයුතු හොඳම දේ. අපි කිසියම් හොඳ දෙයක් කරද්දි වෙනස් කරන්න ඕන තැනකදි ඒ වෙනස් කරන්න කියන තැන රජය සිටනවා ජනතාවගේ පැත්තෙන්.” යැයි රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *