• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result

රාජ්‍ය වියදම් කමිටු සමාලෝචන වාර්තාව යළි සමාලෝචනය කරන්න – නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය

20 September 2023
in දේශීය

සිය අමාත්‍යාංශයට අදාළ රාජ්‍ය වියදම් කමිටු සමාලෝචන වාර්තාව යළි සමාලෝචනය කරන්නැයි ඉල්ලා සිටීමට තීරණය කල බව නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශය පවසයි.

ඒ අනුව අදාළ කමිටු වාර්තාව ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩලය ගත් තීන්දුව ද යළි සලකා බලන ලෙස ඉල්ලා සිටීමට ද එම අමාත්‍යාංශය අපේක්ෂා කරයි.

මෙම වාර්තාව සැකසීමේ දී අදාල ආයතනවල අදහස් ලබා නොගැනීමත් විෂය භාර ඇමතිවරයා හා රාජ්‍ය අමාත්‍යවරුන් මේ පිළිබදව නිසි ලෙස දැනුවත් නොකිරීමත් හේතුවෙන් මෙම ඉල්ලීම් මුදල් අමාත්‍යාංශයට හා කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (19) රුස්වූ එම අමාත්‍යාංශයේ ඉහළ නිලධාරීන් හා අදාළ ආයතන ප්‍රධානීහු තීරණය කළහ.

මෙම තීරණය ගත්තේ පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවති රැස්වීමකදීයි. විෂය භාර ඇමති ප්‍රසන්න රණතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍යවරුන් වන තේනුක විදානගමගේ හා අරුන්දික ප්‍රනාන්දු යන රාජ්‍ය අමාත්‍යවරුන්ගේ සහභාගීත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි. රැස්වීම කැදවා තිබුණේ අදාළ රාජ්‍ය වියදම් සමාලෝචන කමිටුව විසින් අමාත්‍යාංශයේ අදාළ ආයතන වලට අදාළව ලබා දී තිබූ නිර්දේශ ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණයක් ගැනිම සදහායි.

රාජ්‍ය වියදම් සමාලෝචන කමිටුව පත් කර තිබුණේ මුදල් ආර්ථික ස්ථායීකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යාංශය මගිනි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ වියදම් සමාලෝචනය සදහා පත් කළ කමිටුවේ සභාපතිවරයා වූයේ භාණ්ඩාගාර නියෝජ්‍ය ලේකම් ආර්.එම්.පී. රත්නායක මහතායි. නාගරික සංවර්ධන හා නිවාස අමාත්‍යාංශයේ අතිරේක ලේකම් ආචාර්ය එම්.එම්.එස්.එස්.බී. යාලේගම, මොරටුව විශ්ව විද්‍යාලයේ ගෘහ නිර්මාණ පීඨයේ නගර හා ග්‍රාම නිර්මාණ දෙපාර්තමේන්තු ප්‍රධානී මහාචාර්ය ජගත් මුණසිංහ, සී/ස තුඩාවේ සහෝදරයෝ (පුද්ගලික) සමාගමේ ජ්‍යෙෂ්ඨ අධ්‍යක්ෂ අජිත් තුඩාවේ, වරලත් ප්‍රමාණ සමීක්ෂක නීතිඥ නදුන් ප්‍රනාන්දු යන මහත්වරු මෙම කමිටුවේ සෙසු සාමාජිකයන් වේ.

අදාළ කමිටුව යෝජනා 14ක් මුදල් අමාත්‍යාංශයට ඉදිරිපත් කර තිබේ. ඒ අනුව රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව ප්‍රතිව්‍යුහගත කිරීම, ජාතික යන්ත්‍රෝපකරණ ආයතනය විසුරුවා හැරීම, ගොඩනැගිලි ද්‍රව්‍ය සංස්ථාව විසුරුවා හැරීම හෝ ප්‍රතිව්‍යුහගත කිරීම, නාගරික ජනාවාස සංවර්ධන අධිකාරිය විසුරුවා හැරීම හෝ එය නාගරික සංවර්ධන අධිකාරියට අයත් ඒකකයක් ලෙස නම් කිරීම, වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුව හා සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය වඩාත් සුදුසු අමාත්‍යාංශයකට පැවරීම, බිම්බෝම්බ ඉවත් කිරීම අමාත්‍යාංශයේ විෂය පථයට අයත් නොවන බැවින් අදාළ රේඛීය අමාත්‍යාංශය යටතේ එය ක්‍රියාත්මක කිරීම ඇතුලු යෝජනා ඊට ඇතුලත් වේ. මෙම කමිටු වාර්තාව මුදල් ආර්ථික ස්ථායිකරණ හා ජාතික ප්‍රතිපත්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් 2023.08.08 වන දින කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර තිබේ.

සාකච්ඡාවේදී අදහස් දැක්වූ නාගරික ජනාවාස සංවර්ධන අධිකාරියේ සභාපති ප්‍රියන්ත රත්නායක මහතා සදහන් කළේ මේ සම්බන්ධයෙන් කමිටුව හෝ කමිටුව නියෝජනය කල අමාත්‍යාංශයේ අතිරේක ලේකම්වරයා සිය ආයතනයේ අදහස් සැලකිල්ලට ගෙන නොමැති බවය. අමාත්‍යාංශය යටතේ ඇති ආයතන සමග සාකච්ඡා නොකර ඔහුගේ තනි මතයට කමිටුවට යෝජනා ඉදිරිපත් කර ඇති බවට සභාපතිවරයා චෝදනා කලේය. සෙසු ආයතන ප්‍රධානීන්ද පෙන්වා දුන්නේ කමිටුව හෝ කමිටුව නියෝජනය කල අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා තමන් සමග මේ පිළිබද සාකච්ඡා නොකළ බවයි.

කමිටුව හෝ කමිටුව නියෝජනය කළ අමාත්‍යාංශ අතිරේක ලේකම්වරයා විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන් සමග හෝ රාජ්‍ය අමාත්‍යවරුන් සමග සාකච්ඡා නොකළ බවත් කමිටු වාර්තාව පිළිබදව හෝ තමන්ව දැනුවත් නොකළ බවත් ඇමති ප්‍රසන්න රනතුංග මහතා මෙහිදී කීවේය.

ඇමති ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කළේ ‘’මෙවැනි ආයතන ස්ථාපිත කිරීමටත් වසා දැමීමටත් යෝජනා කරන්නේ නිලධාරීන් බවයි. දේශපාලන අධිකාරිය මෙවැනි කටයුතු වලට මැදිහත් නොවුනද නිලධාරීන්ගේ වැරදි තීරණ වල වගකීම ගැනීමට සිදුව ඇත්තේ දේශපාලඥයන්ට බවද ඔහු පෙන්වා දුන්නේය.

මේ හැම ආයතනයකම බෝඩ් එකටම මුදල් අමාත්‍යාංශ නියෝජිතයෙක් ඉන්නවා. ඒ අය හරියට වැඩ කලානම් මේවා වහන්න වෙන්නේ නෑ. අමාත්‍යාංශ ලේකම්, විෂය භාර ඇමතිවරු ගෙන් රාජ්‍ය ඇමතිවරු ආයතන ප්‍රධානීන් දැනුවත් නොකර මෙලෙස තීන්දු ගැනීම වැරදියි. අපි පියන්ලා නෙමෙයි. අපිව දැනුවත් නොකර මේ වගේ තීන්දු ගන්නේනම් ඒවායේ වගකීමත් නිලධාරීන්ම ගන්න.’’ යැයි ද ඇමතිවරයා කීවේය.

අදාළ කමිටුවේ නිර්දේශ සම්බන්ධයෙන් අමාත්‍යාංශය එකග නොවන බවත් ඒ නිසා එම තීරණය යලි සමාලෝචනය කරන ලෙසත් කැබිනට් මණ්ඩලයෙන් හා මුදල් අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටීමට මෙහිදී තීරණය කෙරිණි.

Post Views: 69
Previous Post

ද්‍රවිඩ මන්ත්‍රිවරයෙක් ජාතිවාදය ඇති කරන්න උත්සහා කරනවා – මන්ත්‍රී එස්.එම්.චන්ද්‍රසේන

Next Post

රට හදන්න නම් මත්පැන් ප්‍රවර්ධනය කරන්න එපා – විපක්ෂ නායක සජිත්

editor

editor

Next Post

රට හදන්න නම් මත්පැන් ප්‍රවර්ධනය කරන්න එපා - විපක්ෂ නායක සජිත්

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • කාලගුණ
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved