27 April 2024
#දේශීය

රට හදන්න නම් මත්පැන් ප්‍රවර්ධනය කරන්න එපා – විපක්ෂ නායක සජිත්

රජය දෙබිඩි පිලිවෙතක් අනුගමනය කරන බවත් සමහර ප්‍රදේශවල විහාරස්ථානය අසළ බියර් හල් සදහා බලපත්‍ර ලබා දී ඇති බවත් රාජ්‍ය පාර්ශ්වයට සම්බන්ධ මන්ත්‍රීවරුන්ගේ නිර්දේශ මත බියර් බලපත්‍ර රැසක් ලබා දී ඇති බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

විපක්ෂ නායකවරයා මේ බව කියා සිටියෙ අද (20) පාර්ලිමෙින්තුවේදී ස්තාවර නියෝග 27 (2) යටතේ ප්‍රශ්න කරමිනි.

මීට අමතරව ආණ්ඩුවේ ඇතැම් පුද්ගලයන් ගංජා වගාව ප්‍රවර්ධනය කිරීමට පිබුරු පත් සකසමින් සිටින බවත් ලෝකයේ බොහෝ රටවල අන්තරාය ඖෂධ ලෙස නම් කර ඇති සමහර මත්ද්‍රව්‍ය මෙරට තුළ ප්‍රවර්ධනය කිරීමට යාම රටේ සංස්කෘතිය හා සදාචාරය ට බලපා ඇති බව හෙතෙම පැවසීය.

ළමුන් සදහා වූ පාර්ලිමේන්තු සංසදයේදී පවා මේ සම්බන්ධයෙන් සාකච්ඡා වූ බවත් මේ මත්ද්‍රව්‍ය නිසා සමාජයට මේ වන විටත් විශාල හානි සිදුව ඇති නිසා රජයක් ලෙස වහාම පියවර ගත යුතු බව විපක්ෂ නායකවරයා කියා සිටියේය.

ඡන්දෙ කාලෙට මතට තිත කිය කියා සුදු ඇදුමින් සැරසි සාටක පැලද වේදිකාවල කැ ගැහුවට දැන් මතට කිසි තිතත් තියා නැති බවත් මේ වන විට බංකොලොත් වී ඇති අපෙි රට ගොඩගන් හදන්නේ ගංජා හා මත්පැන් හරහාද කියා ප්‍රශ්න කර සිටින බවත් ඔහු අනාවරන කලේය.

එසේම දුම්කොළ හා මධ්‍යසාර සමාගම් සදහා නිවැරදිව බදු අය කිරිම සිදු නොවන බවත් එය ඔප්පු කල හැකි බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී පැවසීය.

තවද මත්පැන් හා මධ්‍යසාර සම්බන්ධයෙන් පවතින යල් පැනගිය නීතිරීති වෙනස් කර එම නීතිරීති තවදුරටත් තද කල යුතු බවත් ගම හදා රටහදන්න නගරය හදා රට හදන්න බියරි බලපත්‍ර මන්ත්‍රීවරුන් හරහා බෙදා දීම නතර කරන ලෙසත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් ඉල්ලා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *