රුසියානු විදේශ අමාත්‍ය සර්ජි ලැව්රොව් මහතා හෙට නිල සංචාරයක් සඳහා චීනය බලා පිටත්ව යෑමට නියමිත අතර එහිදී ඔහු සිය චීන සගයා වන වැන්ග් යී මහතා හමුවී ද්විපාර්ශ්වික සබඳතා සහ සියලු ක්ෂේත්‍රවල ඒකාබද්ධ සහයෝගීතාව පිළිබඳව සාකච්ඡා කරනු ඇත. මෙම හමුවේදී දෙරටටම වැදගත් වන කලාපීය සහ ජාත්‍යන්තර ප්‍රශ්න පිළිබඳව අදහස් හුවමාරු කර ගැනීමටත්, ඒ සම්බන්ධයෙන් පොදු ස්ථාවරයන් සම්බන්ධීකරණය කිරීමටත් දෙපාර්ශවයම අපේක්ෂා කරයි.
විශේෂයෙන්ම මැදපෙරදිග අර්බුදය, හෝමුස් සමුද්‍ර සන්ධියේ පවතින නොසන්සුන්තාව සහ යුක්රේන ගැටුම වැනි තීරණාත්මක කරුණු මෙහිදී සාකච්ඡාවට බඳුන් වනු ඇත. බටහිර බලපෑම් හමුවේ රුසියාව සහ චීනය සිය උපායමාර්ගික හවුල්කාරිත්වය තවදුරටත් තහවුරු කිරීමටත්, එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ BRICS වැනි ජාත්‍යන්තර සංසදවලදී එක්ව කටයුතු කිරීමටත් මෙම සංචාරය ඉවහල් වනු ඇති බව දේශපාලන විචාරකයෝ පෙන්වා දෙති.
තොරතුරු උපුටා ගැනීම: china pulse(x) ඇසුරින්














