• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මහින්දට ඉල්ලා අස්වෙන්නැයි සජිත් කියයි

6 November 2022
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මහින්ද දේශප්‍රිය මහත්තයාට ඔබ සැබෑ සමාජවාදියෙක් නම් ඔබ සැබැවින්ම රටට ආදරය කරනවා නම් ඔබ සැබැවින්ම මැතිවරණ වෙලාවට පවත්වන මතයේ සිටින පුද්ගලයෙක් නම් කරුණාකරලා මැතිවරණ කල් දමන්නට නිර්මාණය කරපු මැතිවරණ සිතියම හකුළාගන්නට නිර්මාණය කරපු මෙන්න මේ තනතුරෙන් ඔබ ඉල්ලා අස්වෙන ලෙස විපක්ෂ නායක සජිත්‌ ප්‍රේමදාස මහතා පවසයි.

ඒ මහතා මේ බව පැවසුවේ සමඟි ජන බල වේගයේ අනුරාධපුර දිස්ත්‍රික් කළාවැව ආසන බල මණ්ඩල රැස්වීම ඊයේ (05) දින අමතමිනි.

රජයට අභියෝගයක් කරනවා පුලුවන් නම් මැතිවරණයක් තබන්න, මේ රටේ ලක්ෂ 220 ක් ජනතාව බලාගෙන ඉන්නවා වර්ථමාන ආණ්ඩුව පිළිබඳව ජනතා තීන්දුව ලබා දෙන්න යැයි විපක්ෂ නායකවරයා පැවසීය.

එහිදී විපක්ෂනායකවරයා මෙසේ වැඩිදුරටත් කියා සිටියේය ” අද මේ මොහොත වන විට අපේ රටේ මිලියන ගණනාවකට මානුෂීය ආධාර අවශ්‍යයයි කියලා ජාත්‍යන්තර ආයතන කියනවා.අපේ රටේ ජනග්‍රහණයෙන් 96% ක් ආර්ථික අහානියකට ලක් වෙලා කියන එක ජාත්‍යන්තරය පිළිගන්නවා.මුළු රටම දැවැන්ත ප්‍රපාතයකට අර්බුධයකට ලක් වී තිබෙන මොහොතක්. දූ දරුවන් උහුලාගන්න බැරි කුසගින්නේ පාසල් වල පන්ති කාමර වල කලන්තේ දාලා වැටෙන යුගයක්, මවුවරුන්ට පෝෂණ සලාකය කප්පාදු කරපු යුගයක්, ගොවි ජනතාවට අදටත් හරි ආකාරව පොහොර ටික නැති යුගයක්, තරුණ පරපුර විරැකියා පෝළිමට එකතු වන යුගයක්, ලක්ෂ ගණනින් තරුණ පරපුර රට අතහැර යන යුගයක්, මෙවන් විනාශකාරී තත්වයකට රට ඇද වට්ටවලා කීපදෙනෙකුගේ කිහිළිකරු වලින් රට විනාශ කරපු රාජපක්ෂලා හදනවා ආපහු නැගිටින්න, නැවත ආරම්භ කරනවා. අපි එක දෙයක් කියන්න කැමතියි, ලඟදීම පැවැත්වෙන පළමුවැනි මැතිවරණයෙන් රටේ ජනතාව රාජපක්ෂලාට හොඳ පණිවිඩයක් ලබා දෙන්න බලාගෙන ඉන්නවා.රාජපක්ෂලා රට විනාශ කරලා අළු පිසදමලා නැගී සිටින්න හදන කොට වර්ථමාන ජනාධිපතිවරයා රාජපක්ෂලාට හුලං ගහනවා.රාජපක්ෂලාට ඔක්සිජන් දෙනවා, මම කියන්න කැමතියි, මේ අවස්ථාවේ රජයට අභියෝගයක් කරනවා පුලුවන් නම් මැතිවරණයක් තබන්න, මේ රටේ ලක්ෂ 220 ක් ජනතාව බලාගෙන ඉන්නවා වර්ථමාන ආණ්ඩුව පිළිබඳව ජනතා තීන්දුව ලබා දෙන්න. අද රාජ්‍යය ත්‍රස්තවාදය, රාජ්‍යය මර්ධනය හිරිකිතයකින් තොරව මේ ආණ්ඩුව ක්‍රියාත්මක කරනවා, රාජ්‍යය ත්‍රස්තවාදය, රාජ්‍යය මර්ධනය ක්‍රියාත්මක කරන කොට රටේ ජනතාව මහ පාරට බහිනවා, රටේ ජනතාව මහ පාරට බහින කොට ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව වෙව්ලනවා.

සමහරු කියනවා අපිත් එක්ක එකට හිටගන්න බැහැල්ලු, මට හිතාගන්න පුලුවන්, 74 වසරක දේශපාලන ඉතිහාසය ගැන පම්පෝරී ගහන මේ කොට්ඨාශයට ඇයි අපිත් එක්ක හිටගන්න බැරි කියන කාරණාව.හුස්ම වැඩසටහන තුළින් රජයේ රෝහල් 53 කට ලක්ෂ එක් දහස් හයසිය දෙකක, (මිලියන 160.2 ක ) රෝහල් උපකරණ බෙහෙත් හේත් ලබා දීලා , මේ රටේ ජනතාව ජීවත් කරන කොට ඒ අයට අපිත් එක්ක හිට ගන්න අමාරුයි,ඒක අපිට තේරෙනවා. සක්වල වැඩසටහන තුළින් මේ රටේ රජයේ පාසල් 40 කට ලක්ෂ 1892 ක, (මිලියන 189.2) බස් රථ ප්‍රධානය කරන කොට අපිට තේරෙනවා ඒ ගොල්ලන්ට බෑ අපිත් එක්ක හිට ගන්න.මොකද ඒ අය හැමදාම වෛරීදේශපාලනය, එදිරිවාදී දේශපාලනය, ගෂ්ඨනකාරී දේශපාලනය, මැර දේශපානය, මිනීමැරුම් දේශපාලනය ක්‍රියාම්තක කරපු ඇත්තෝ,ඒ අයට බෑ අපිත් එක්ක හිටගන්න, අපිට තේරෙනවා අමාරුකම.සක්වල තොරතුරු තාක්ෂණ වැඩසටහන තුළින් පාසල් 22 කට ලක්ෂ එකසිය හැත්තෑ අටක් සඳහා පරිගණක උපකරණ, සුහුරු පුවරු, මේ රටේ ඩිජිටල් විප්ලය, තොරතුරු තාක්ෂණ විප්ලවය මහ පොලවේ යථාර්ථයක් බවට පත් කරන්නට අපි විපක්ෂයේ ඉඳන් කටයුතු කරන කොට අපිත් එක්ක එකට හිටගන්න බැරි කාරණාව අපිට හොඳටම තේරෙනවා.ඒ මොකද ඒ අයට වැඩ බෑ, අපිට වැඩ පුලුවන්.

අද මේ වේදිකාවේ ඉන්න කොට තඹුත්තේගම ජාතික පාසලේ දූ දරුවන් 4000 ක් ඉගෙනමු ලබන, ඒ දූදරුවන්ගෙන් දෙමාපියන්ගෙන් මට ඉල්ලීමක් ආවා, පුලුවන්නම් බස් රථයක් තඹුත්තේගම පාසලට ලබා දෙන්න කියලා, එහා පැත්තේ තියන තලාව කොට්ඨාශයේ පාසලෙනුත් මට ඒ ඉල්ලීම ආවා, අර කණ්ඩායමට බෑ අපිත් එක්ක හිට ගන්න, ඔය වගේ ඉල්ලීමක් රටේ විකල්පය කියන කණ්ඩායමෙන් රටේ ජනතාව විපක්ෂයේ ඉන්න කොට ඉල්ලනවාද? නෑ, ඒ අයට බෑ.වැඩක් කරන්න බෑ, කයිවාරුව, සෝබනය, දේශපාන රංගනය පමණයි ඒ අයට ක්‍රියාත්මක කරන්න පුලුවන්, පුදුම වෙන්න එපා, අපිට එදිරීවාදීකම් කරන මේ කණ්ඩායම් ටික එකතු වෙලා, මේ රටේ එකම විකල්පය වන සමඟි ජන බලවේගය, සමඟි ජන සන්ධානයට විරුද්ධව දේශපාලන කුමන්ත්‍රණ දියත් කළොත් ඔබලා පුදුම වෙන්න එපා, අපි ඒවායෙන් සැලෙන්නේ, වැටෙන්නේ නෑ,  අනිවාර්යෙන් මේ රටේ ජනතාවගේ දුක් ගින්න, කුසගින්න, පිපාසය වෙනුවෙන් නැගී හිටපු සාමකාමී ප්‍රජාත්‍රන්තවාදී පොදු ජන අරගලයත් සමඟ එදත් හිටයා, අදත් ඉන්නවා, හෙටත් ඉන්නවා කියන එක මම කියන්න කැමතියි.

අපිට අහන්නට ලැබෙනවා, වර්ථමාන රජය සැලසුම් දියත් කරමින් සිටිනවාලු පළාත් පාලන ඡන්දය, ඉදිරියට එන ඡන්ද ටික විවිධ උපක්‍රම තුළින් දමන්න, ඒකේ පළමු වෙඩි මුරය තමයි, මහින්ද දේශප්‍රිය හිටපු මැතිවරණ කොමිසමේ සභාපතිවරයාව අග්‍රඅමාත්‍යයවරයා පත් කරලා තියෙනවා සීමා නිර්ණය කමිටුවක සභාපතිකම් දරන්න, ඒකේ සරල තේරුම තමයි මැතිවරණය කල් දමලා, සීමානිර්ණය කිරීම එළියට පෙන්නලා, මේ ආණ්ඩුව හදන්නේ රටේ ජනතාවට, ජනතා මතය ඉස්මතු කරන්න තිබෙන අවස්ථාව අහිමි කිරීමයි, අපි මේ උප්පරවැට්ටි වලට රැවටෙන්‌නේ නෑ, අපි මේ දේශපාලන සූදුවත් එක්ක එකඟ නෑ, අපි පැහැදිලිවම කියනවා මහින්ද දේශප්‍රිය මහත්තයාට ඔබ සැබෑ සමාජවාදියෙක් නම් ඔබ සැබැවින්ම රටට ආදරය කරනවා නම් ඔබ සැබැවින්ම මැතිවරණ වෙලාවට පවත්වන මතයේ සිටින පුද්ගලයෙක් නම් කරුණාකරලා මැතිවරණ කල් දමන්නට නිර්මාණය කරපු මැතිවරණ සිතියම හකුළාගන්නට නිර්මාණය කරපු මෙන්න මේ තනතුරෙන් ඔබ ඉල්ලා අස්වෙන්න, ඒකයි අපේ යෝජනාව, ඔබ මේ තනතුරේ ඉන්නවා කියන්නේ මෙවන් සීමානිර්ණය කිරීමේ කමිටුවකට සහයෝගය ලබා දෙනවා කියන්නේ, මැතිවරණ කල් දැමීමේ දේශපාලන කුමන්ත්‍රණයේ හවුල්කරුවෙක් බවට පත් වීමයි, රටේ ජනතාවට අපි පණිවිඩයක් දෙනවා,  සූදානම් වෙන්න, අපි ඉඩ තියන්නේ නෑ, පළාත් පාලන මැතිවරණය හකුලාගන්නා කිසිම උත්සහයකට අපි ඉඩ තියන්‌නේ නෑ ,පොදු ජනතාවත් එක්ක මහ පාරට බැහැලා ජනතාව අවශ්‍යයි කියන මැතිවරණය දිනා ගන්නට අපි අනිවාර්යෙන්ම කැප වෙනවා යැයි විපක්ෂනායකවරයා පැවසීය.

 

මෙම අවස්ථාව සඳහා හිටපු අමාත්‍යවරුන් වන ගයන්ත කරුණාතිලක,විජිත් විජිතමුණි සොයිසා, ඉමිතියාස් බාකීර් මාකර්,පී හැරිසන්,රාජිත සේනාරත්න,චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය ඇතුලු පිරිසක් මෙන්ම පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහණ ගමගේ මහතා ඇතුලු පිරිසක් එක්විය.

 

තිසර සමල් – අනුරාධපුර

Post Views: 2
Previous Post

ගුරුවරුන්ගේ ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු කරන්නේ නෑ -අධ්‍යාපන ඇමැති සුසිල්

Next Post

කිසිදු රාජ්‍ය ආයතනයක් රජයට බරක් නොවී පවත්වාගෙන යාම සියළු දෙනාගේ වගකීමක් – රාජ්‍ය ඇමැති රෝහණ

editor

editor

Next Post

කිසිදු රාජ්‍ය ආයතනයක් රජයට බරක් නොවී පවත්වාගෙන යාම සියළු දෙනාගේ වගකීමක් - රාජ්‍ය ඇමැති රෝහණ

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

ශ්‍රී ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල

19 June 2025
ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

ගාසාවට එල්ල වූ  ඊශ්‍රායල ප්‍රහාරවලින් 140ක් මරුට

19 June 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

ඊශ්‍රායලයේ හිර වෙලා ඉන්න ලංකාවේ 20,000 ට මොකද වෙන්නෙ ?

19 June 2025
ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

ප්‍රබලයන් 26කගේ දේපල රාජසන්තකයි…? – ලැයිස්තුව මෙන්න

19 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved