27 April 2024
#දේශීය

ගුරුවරුන්ගේ ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු කරන්නේ නෑ -අධ්‍යාපන ඇමැති සුසිල්

කිසිම හේතුවක් නිසා අධ්‍යාපන අමාත්‍යාංශය දැනට ගුරුවරුන්ට, දරුවන්ට නියමිත ඒ පාසල්වල අදින ඇඳුම්වල කිසිදු වෙනසක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ විවේකානන්ද විද්‍යාලයේ පැවති නවෝත්පාදන ප්‍රදර්ශනයට එක්වෙමිනි.

පාසල් පද්ධතිය රඳා පවතින්නේ ලක්ෂ 42ක් වූ දරුවන්ගේ විනය මත බවත්, පාසලේ දී දරුවා අනුගමනය කරන්නේ විදුහල්පති සහ ගුරුවරයා බවත් වෙනත් රටවල සහ බටහිර සංකල්ප මත අපේ සංස්කෘතිය වෙනස් නොකළ යුතු බව හෙතෙම පැවසිය.

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *