• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

විසර්ජන (2020 ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය ආරම්භ වේ

12 November 2020
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

මුදල් අමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසර්ජන (2020 ) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීමේ විවාදය අද (12) පාර්ලිමේන්තුවේ දී ආරම්භ කළේ ය.

අග්‍රාමාත්‍යවරයා කවිවාදය ආරම්භයේදීම පැවසුවේ මුදල් අමාත්‍යවරයා ලෙස එකොළොස්වැනි වරට මෙවරත් විසර්ජන පනත් කෙටුම්පතක් විවාදය සඳහා ඉදිරිපත් කරනයි. මෙවර පනත් කෙටුම්පත වඩා වෙනස් මුහුණුවරක් ගන්නා බව හෙතෙම පැවසිය.

 

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මුදල් අමාත්‍යවරයා වශයෙන් 2020 අය-වැය කතාව සම්පුර්ණයෙන් පහත පරිදි වේ.

2020 වර්ෂය තුළ රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වී ඇත්තේ අතුරු සම්මත ගිණුම් 4ක් තුළ බව පෙන්වා දුන් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, රට විශාල ණය උගුලක පැටලී, ණය සේවා පැහැරහරින රටක් වන බවට විපක්ෂය සහ ඔවුන්ට උපදෙස් දෙන දෙස් විදෙස් විශේෂඥයන් පුරෝකථනය කළ අදුරු චිත්‍රය වෙනුවට සිය රජය විදෙස් ණය ඇතුළු සියලු ණය ගෙවු බව අවධාරණය කළේය.

සියයට 6ක පමණ වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගත් රටේ ආර්ථික වර්ධනය 2015 සිට වර්ෂයෙන් වර්ෂය අඩුවන ප්‍රවණතාවයකට ලක්කර වසර 5ක් තුළ කලාපයේ අඩුම ආර්ථික වර්ධන වේගයවන, 2019 දි සියයට දෙකයි දශම තුනකට (2.3) පත්කිරීමට පසුගිය ආණ්ඩුව ක්‍රියා කිරීම කිසිසේත් සාධාරණීය කළ නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා පැවැසීය.

අතුරු සම්මත ගිණුම්වල ඇති සීමා හා හිමව තිබු දුර්වල අයවැය හා ආර්ථිකය තුළ වුවද කොවිඩ්-19 අර්බුධය කළමනාකරණයට රජය විශාල ප්‍රයත්නයක් දරා තිබෙන බව සිහිපත් කළ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා, රෝගීණ් හදුනාගැනීම, නිරෝධායනය, නියමු පරීක්ෂණ හා ආශ්‍රිත සුබ සාධනය වෙනුවෙන් රජය මේ වනවිට රුපියල් මිලියන 70000ක් වැය කර ඇති බව පෙන්වා දුන්නේය.

කොළඹට සීමා වු රෝහල් පහසුකම් වසරකට අඩු කාලයක් තුළ රටේ විවිධ ප්‍රදේශ ආවරණය වන පරිදි රෝහල් 17ක් දක්වා වැඩි කිරීම, රෝගීන්ට විශේෂ ප්‍රතිකාර ඇදන් සංඛ්‍යාව 600කට ඉහළ දැමීමට කටයුතු කළ බව සදහන් කළ අග්‍රාමාත්‍යතුමා, PCR ධාරිතාවය දිනකට 7,500 – 10,000 දක්වා වැඩි කරමින් එම එක් පරීක්ෂණයකට වැය වන රුපියල් 6,000ක මුදල් ඇතුළත්ව දිනකට ඒ සදහා රුපියල් මිලියන 50 වැය කරන බව කියා සිටියේය.

මෙයට අමතරව 2021 අයවැය කතාව ඔස්සේ ලබන නොවැම්බර් 17 වැනිදා සෞභාග්‍ය යේ දැක්ම තුළින් නවීන ආර්ථිකයක් ඇති කිරීමේ යෝජනාව රට හමුවේ තබන බවට අග්‍රාමාත්‍යතුමා විශ්වාසය පළ කළේය.
අග්‍රාමාත්‍යතුමා 2020 අය වැය යෝජනාව ඉදිරිපත් කරමින් කළ සම්පූර්ණ කතාව මෙසේය.

ගරු කතානායකතුමනි,

2020 සඳහා විසර්ජන පනත දෙවැනි වර කියවීම මෙම උත්තරීතර සභාවට ඉදිරිපත් කරන්නේ ඉමහත් සතුටකින්.

මෙම විසර්ජන පනත, මා මුදල් ඇමතිවරයෙක් වශයෙන් ඉදිරිපත් කරන 11 වන අවස්ථාව වුවත්, මේ වන තෙක් මෙම පාර්ලිමේන්තුවට ඉදිරිපත් වූ විසර්ජන පනත් වලට වඩා මෙය වෙනස් මුහුණුවරක් ගන්නවා‍. ඒ මෙය අතුරු සම්මත ගිණුම් 4ක් අන්තර්ගත වන විසර්ජන පනතක් වීම හා ඒ ආශ්‍රීතව අප රජය රාජ්‍ය මුදල් කළමනාකරණය කිරීම පිළිබඳ ගිණුම් වාර්තාවක් වීම නිසයි.

ගරු කතානායකතුමනි,

අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා 2019 නොවැම්බර් මස 16 වන දින පැවති ජනාධිපතිවරණයෙන් ලක්ෂ 69ක ජනතා කැමැත්තක් ලබාගෙන සියයට පනස් දෙකයි දශම දෙකයි පහක (52.25) බහුතර ජනවරමක් ලබා ගත්තා.

ඒ වන විට එවකට පැවති රජය 2020 වර්ෂය සඳහා විසර්ජන පනතක් ඉදිරිපත් කර තිබුණේ නැහැ. මැතිවරණයෙන් පසු එය ඉදිරිපත් කිරිමේ අපේක්ෂාවෙන් අතුරු සම්මත ගිණුමක් සම්මත කර තිබුණා. ජනාධිපතිවරණයෙන් පසු එම රජය ඉල්ලා අස්වීමත් සමඟ පාර්ලිමේන්තුවේ සුළුතර බලයක් පැවති අප, පාර්ලිමේන්තු මැතිවරණයක් අපේක්ෂාවෙන් රජයක් පිහිටවනු ලැබූ අතර අනුමත කර තිබූ අතුරු සම්මත ගිණුමට අනුකූලව අයවැය කළමනාකරණය කළා.

2020 මාර්තු මස 02 වන දින මැතිවරණයකට දින නියම කිරීමත් සමඟ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 150 වගන්තියට අනුව අතුරු සම්මත ගිණුමක් මාර්තු – මැයි කාලය සඳහා අතිගරු ජනාධිපතිතුමා අනුමත කළා.

කොරෝනා වසංගත තත්ත්වය මුල් කරගෙන මැතිවරණ කොමිසම විසින් මැතිවරණය අගෝස්තු දක්වා කල් දැමීමත් සමඟ අතිගරු ජනාධිපතිතුමා ජුනි – අගෝස්තු කාලය සඳහා නැවත අතුරු සම්මත ගිණුමක් අනුමත කළා.

2020 අගෝස්තු මාසයේ පැවති මහ මැතිවරණයෙන් අප ඡන්දදායකයින් සියයට පනස් නමයයි දශම බිංදුවයි නමයක (59.09) කැමැත්තෙන් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 149 දෙනෙකුගෙන් සමන්විත අති බහුතර රජයක් පිහිටවූ අතර, ඔබතුමා මෙම උත්තරීතර සභාවේ කතානායකවරයා වශයෙන් තෝරා පත්කරගනු ලැබුවා.

අනුමත වී තිබූ අතුරු සම්මත ගිණුමේ කාලය තුළ 2020 සඳහා විසර්ජන පනතක් ඉදිරිපත් කිරීමට ප්‍රමාණවත් කාලයක් නොමැති බැවින් 2020 අගෝස්තු මස මුදල් ඇමතිවරයා වශයෙන් සැප්තැම්බර් සිට මාස 4ක කාලයක් සඳහා මා ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුමට මෙම ගරු සභාව අනුමැතිය දෙනු ලැබුවා. ඒ අනුව, 2020 වර්ෂය තුළම රාජ්‍ය මූල්‍ය කළමනාකරණය වී ඇත්තේ අතුරු සම්මත ගිණුම් 4ක් තුළයි.

ගරු කතානායකතුමනි,

අතුරු සම්මත ගිණුමකින් අවකාශ ලැබෙන්නේ රාජ්‍ය සේවා පවත්වා ගැනීමටත්, අනුමත වී ඇති වියදම් සඳහා ප්‍රතිපාදන සැලසීමටත් පමණයි. එයින් රජයකට විශේෂයෙන් පැහැදිලි ජනතා වරමකින් වෙනසක් ඇති කිරීමේ අපේක්ෂාවෙන් පත්වන නව රජයකට අළුත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ඇති ඉඩ ප්‍රස්ථා සීමාවෙනවා.

ඒ නිසා, ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමාගේ නායකත්වයෙන් පත්වූ පොදු ජන පෙරමුණ රජයේ පළමු වසර මීට පෙර මැතිවරණ වලින් බලයට පත්වූ රජයන්ට වඩා වෙනස් අභියෝගාත්මක තත්ත්වයකට මුහුණ දුන් බව මා මේ ගරු සභාවට ප්‍රකාශ කිරීමට කැමතියි.

ගරු කතානායකතුමනි,

මේ වන විට ලෝකයේ සෑම රටක්ම පාහේ කොරෝනා වසංගත උවදුරෙන් විශාල පසුබෑමකට ලක් වී තිබෙන බව ජාත්‍යත්තර මූල්‍ය අරමුදල (IMF) මෑතකදී නිකුත් කර ඇති (World Economic Outlook 20th October 2020) පුරෝකථන මගින් පෙන්වා දෙනවා. ලෝකයේ ප්‍රධාන ආර්ථිකයන් සියල්ලම මේ පසුබෑම තුළ වාර්තා කරන්නේ සෘණ ආර්ථික වර්ධනයක්. අපේ කලාපයේ ප්‍රධාන ආර්ථිකය වන ඉන්දියාව සඳහා පුරෝකථනය කරන්නේ සියයට දහයයි දශම තුනක (10.3) ආර්ථික පසු බැසීමක්. ඉහළ වර්ධන වේගයක් පවත්වා ගෙන ලෝකයේ දෙවන ප්‍රබල ආර්ථිකය ලෙස ඉදිරියට ආ චීනය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අපේක්ෂා කරන්නේ සියයට එකයි දශම නමයක (1.9) වර්ධන වේගයක්.

ලෝකයේ ප්‍රබල ආර්ථිකය වන ඇමරිකා එක්සත් ජනපදය සියයට හතරයි දශම තුනක (4.3) පසුබැසීමක් වාර්තා කරන අතර යුරෝපයේ ප්‍රබල රටවල් ඇතුළුව එම කලාපය සියයට අටයි දශම තුනක (8.3) පසුබෑමකට ලක්ව තිබෙනවා. ශ්‍රී ලංකාවේ ආර්ථික වර්ධන වේගය සියයට හතරයි දශම හයක (4.6) ඍණ අගයක් ගනු ලබන බවද පෙන්වා දෙනවා.

යුරෝපය, ඇමරිකාව හා දකුණු ආසියාතික රටවල ඇති ආර්ථික කඩා වැටීමට අමතරව කොරෝනා වසංගතයෙන් ආසාධිත වූ හා මරණයට පත්වූ විශාල සංඛ්‍යාවෙන් මෙම වසංගතයේ බියකරු බව පෙන්වා දෙනවා පමණක් නොව එම රටවල සෞඛ්‍ය හා රාජ්‍ය සේවාවන්වල ප්‍රමාණවත් නොවන ධාරිතාවද පෙන්නුම් කෙරෙනවා. ඒ වගේම සෞඛ්‍ය හා සමාජ සුභසාධන අවශ්‍යතා, වෙළඳපළ ආර්ථිකය තුළ පමණක් ඉටු කර ගැනීමේ සීමාවන්ද පෙන්වා දෙනවා.

අපේ රට හා අපගේ රජයේ සුවිශේෂි තත්ත්වය වන්නේ නිදහස් සෞඛ්‍ය හා සමාජ සුභසාධනය මූලික ප්‍රතිපත්තිමය බැඳීමක් සේ පිළිගැනිමයි.

2020 මහ මැතිවරණයෙන් මේ රටේ අති බහුතර ජනතාව, විපක්ෂයේ අසුන් ගන්වා ඇති 2015-2019 රජය මෙන් නොව “සෞභාග්‍යයේ දැක්ම” රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය තුළ අප රජය වෙළෙඳපළ සීමාවන්ද හඳුනාගෙන රාජ්‍ය අංශයේ පුළුල් කාර්යභාරය ඉටුකිරීමට කැපවූ රජයක් ලෙස ක්‍රියාත්මක වෙනවා. අනපේක්ෂිත දෙවන රැල්ලේ බලපෑමද සහිතව මරණ සංඛ්‍යාව වැඩි වුවත් අපට වඩා ඉදිරියෙන් ඇති බොහෝ රටවලට සාපේක්ෂව මරණ අනුපාතය සියයට බිංදුවයි දශම තුනක (0.3) තරම් අඩු මට්ටමක තබා ගනිමින් රෝග මර්දනය හා නිරෝධායන ක්‍රියාවලියේ අපට ඉදිරියෙන් සිටිමට හැකි වී තිබෙන්නේ ඒ නිසයි.

එයට ප්‍රධාන හේතුව අප රටේ සෑම පලාතක්ම ආවරණය වන පරිදි ක්‍රියාත්මක වන නිදහස් සෞඛ්‍ය පද්ධතිය හා සෞඛ්‍ය සේවාව බව අප අමතක කළ යුතු නැහැ. මෙම දුෂ්කර කාලය තුළ සෞඛ්‍ය සේවය ශක්තිමත් කරමින් අප රටේ රාජ්‍ය සේවාවන්,ආරක්ෂක හමුදාව හා පොලීසිය ඉටු කරනු ලබන ප්‍රශංසනීය කාර්යභාරය තුළ එම සේවාවන්වල ජාතික අවශ්‍යතාවය මෙම උත්තරීතර සභාවේ පිළිගැනීමට ලක්විය යුතු යැයි මා විශ්වාස කරනවා.

රාජ්‍ය මූල්‍ය බලය පැවරී ඇති මෙම පාර්ලිමේන්තුව, මේ සේවාවන් සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කළ යුත්තේ මෙම පිළිගැනීම තුළ පමණක් නොව නිදහස් සෞඛ්‍ය සේවය මුළු දිවයින පුරා තව තවත් ශක්තිමත්ව පවත්වා ගත යුතුය යන ස්ථාවරයද මෙම ගරු සභාව එක හඩින් තහවුරු කරමිනුයි.

ගරු කතානායකතුමනි,

අතුරු සම්මත ගිණුම් වලින් ඇති සීමාවන් මෙන්ම අපට හිමිව ඇති දුර්වල අයවැය හා ආර්ථිකය තුළ වුවත් කොරෝනා වෛරසය කළමනාකරණයට විශාල ප්‍රයත්නයක් දරා තිබෙනවා. කෙසේ වුවත් රෝගීන් හඳුනාගැනීම, නිරෝධායනය නියමු පරීක්ෂණ හා ආශ්‍රිත සුභසාධන කටයුතු සඳහා මේ වන විට රජය වියදම් කර ඇති මුදල් ප්‍රමාණය දැනට රුපියල් මිලියන 70,000 පමණ වෙනවා.

රෝග නිවාරණ කටයුතු සඳහා කොළඹට පමණක් සීමා වී තිබූ රෝහල් ධාරිතාවය වසරකටත් අඩු කාලයකින් දිවයිනේ විවිධ ප්‍රදේශද ආවරණය වන පරිදි රෝහල් 17 දක්වා වැඩිකර තිබෙනවා. රෝගයට ගොදුරු වූවන් සඳහා විශේෂ ප්‍රතිකාර කිරීමේ ඇඳන් සංඛ්‍යාව 600ක් පමණ මට්ටමකට වැඩි කර තිබෙනවා.

රෝග පරීක්ෂා කිරීමේ PCR ධාරිතාවය දිනකට 7,500 – 10,000 ට වැඩි කර ගැනීමට හැකි වී තිබෙන අතර එම එක් පරීක්ෂණයකට වැය වන රුපියල් 6,000ක ප්‍රමාණය තුළ දිනක වියදම රුපියල් මිලියන 50 ඉක්මවා තිබෙනවා.

දින 14ක රෝග නිවාරණයට ලක් කරන පුද්ගලයින්ගේ ආහාර හා සුභසාධනයට ද විශාල මුදලක් රජය වැය කරනවා. ඒ අතරට මෙම COVID වසංගතය නිසා ආදායම් තත්ත්වය අඩු වීමේ බලපෑම් වලට ලක් වු පවුල් වලට රුපියල්. 5,000/-ක දීමනාවක්ද ලබා දෙනවා. මෙම වියදම්වලට අමතරව එම සේවාවන්වල යෙදෙන රාජ්‍ය සේවකයින්ගේ දීමනා හා අනෙකුත් වියදම් දැරීමටද රජයට සිදු වී තිබෙනවා.

එමෙන්ම, අප රටේ අපනයන, සංචාරක හා විදේශ රැකියා ක්ෂේත්‍ර වලට මේ වතාවරණය දැඩි අහිතකර බලපෑමක් ඇති කර තිබෙනවා. එමගින්, විදේශ විනියම ලබාදෙන රැකියා හා ජීවනෝපායන්ට, පෞද්ගලික ව්‍යාපාර හා රජයේ ආදායම්වලට මෙන්ම ජනතාවගේ ආගමික හා සමාජ ජීවිතවලට එල්ල කර ඇත්තේ දැඩි පීඩනයක්.

ගරු කතානායකතුමනි,

අපට හිමිව ඇති ආර්ථිකය හා මූල්‍ය තත්ත්වයද ඉතා බරපතලයි. ආදායම් වියදම් පරතරය තුළින් මෙම කතාවට ප්‍රවේශ වුනොත්, 2014 පැවති මගේ රජය ජාතික ආදායමෙන් සියයට පහයි දශම හතකට (5.7) අඩු කර තිබූ අයවැය හිඟය වෙනුවට අපට 2019 දී පැවරුවේ සියයට නමයයි දශම හයක (9.6) අයවැය පරතරයක්. එය 2005 වර්ෂයේ මා රජය භාර ගන්නා විට සියයට 7ක හිඟයටත් වඩා වැඩියි.

2015 වර්ෂය සඳහා මා 2014 දී ඉදිරිපත් කළ අයවැය දිසාව වුනේ 2020 වන විට අයවැය පරතරය සියයට 4 කට අඩු කරගන්නා ගමන් අපේ රට දුප්පත්කම නැති ඉහළ ආදායම් රටක් කිරීමයි. පසුගිය වසර වල අයවැය පරතරය පියවීමේදි දක්නට ලැබූ ප්‍රධාන ලක්ෂණයක් වී තිබුණේ රජය විසින් කර ඇති වියදම් සඳහා වසර ගණනාවක් තුළ සැපයුම්කරුවන් හා ප්‍රතිලාභීන්ට එම මුදල් නොගෙවා තිබීමයි. එම හිඟ මුදල් ප්‍රමාණය රුපියල් බිලියන 243 වී තිබූ අතර විදේශ ණය වලින් කර තිබූ වියදම් අනුමත ප්‍රතිපාදන ඉක්මවා තිබීම නිසා ගිණුම් ගත නොකරන ලද ප්‍රමාණය රුපියල් බිලියන 212 මේ නිසා 2019 වර්ෂයේදී වාර්තා කර ඇති අයවැය හිඟය ද සැබෑ රාජ්‍ය මූල්‍ය තත්ත්වය වසන් කිරීමක් වෙනවා.

රජයේ ආදායම් වියදම් පරතරයෙන් සැඟවූ පොහොර සඳහා රුපියල් බිලියන විසි තුනයි දශම නමයක (23.9) හිඟ මුදල, ඖෂධ මිලදි ගැනීමේදී නොපියවා තිබූ රුපියල් බිලියන තිස් එකයි දශම හතරක් (31.4), ඉදිකිරීම් කර්මාන්තය සඳහා නොගෙවා තිබූ රුපියල් බිලියන 119ක්, වැඩිහිටි පොලී සහනාධාර රුපියල් බිලියන හතලිස් පහයි දශම අටක් (45.8) හා විවිධ අමාත්‍යාංශවල හා දෙපාර්තමේන්තුවල සේවා සැපයීම සඳහා නොගෙවා තිබූ රුපියල් බිලියන විසි දෙකයි දශම එකක් (22.1) ඇතුළත් වෙනවා. මෙය පසුගිය රජය රාජ්‍ය මූලය කළමනාකරණයේදී සිදුකළ ප්‍රධාන වගකීම් පැහැර හැරීමක් ලෙස මා දකිනවා. මුදල් නොගෙවීම නිසා ඉදිකිරීම්කරුවන්, පොහොර හා ඖෂධ සැපයුම්කරුවන්, පොලී සහන මත ජීවත්වන වැඩිහිටියන් මුහුණ දී තිබූ දුෂ්කරතා පසුගාමී ආර්ථිකයක් ඇති කිරීමට දායක වී තිබුණා.

ගරු කතානායකතුමනි,

2014 දී දළ දේශීය ජාතික ආදායමෙන් සියයට 70ක්ව පැවති රාජ්‍ය ණය 2019 වන විට සියයට 85 දක්වා වැඩි කර තිබුණේ එවකට ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපතිතුමා විසින් ණය කළමණාකරනය කිරීමට යැයි සාධාරණීය කළ හම්බන්තොට වරාය දීර්ඝ කාලීන බදු ක්‍රමයක් තුළ විකිණිමටත් අමතරවයි.

එම වරාය සඳහා වසරකට ගෙවීමට තිබූ ණය සේවා ප්‍රමාණය ඇමරිකානු ඩොලර් මිලියන 90ක් වුවත් මුළු වරායම විකුණා ලබාගත් ඩොලර් මිලියන 1,200ක මුදලින් එම වරායට ගණු ලැබූ විදේශ ණය ප්‍රමාණය ගෙවා තිබුණේද නැහැ.

තවමත් මහා භාණ්ඩාගාරය විසින් චීන එක්සිම් බැංකුවට වාර්ෂිකව එම ණය ගෙවනවා. වරාය විකිණීමෙන් ලබාගත් මුදල යොදාගෙන තිබෙන්නේ එදිනෙදා අයවැය කටයුතු වලට පමණක් බව පෙනී යනවා.

2020 සිට වාර්ෂිකව ගෙවීමට ඇති විදේශ ණය සේවා ප්‍රමාණය ඩොලර් මිලියන 4,200ක් පමණ වෙනවා. විපක්ෂයේ සහ ඔවුන්ට උපදෙස් දෙන දේශීය හා විදේශීය විශේෂඥයින් පුරෝකථනය කළේ රට විශාල ණය උගුලකට පැටලී ණය සේවා පැහැරහරින රටක් වන බවයි.

එම පුරෝකථන වලින් පෙන්වූ අඳුරු චිත්‍රය වෙනුවට අපේ රජය 2020 සඳහා ගෙවීමට තිබූ විදේශ ණය ඇතුළු සියලු ණය ගෙවූ බව ද මේ ගරු සභාවට වාර්තා කරන්නේ ඉමහත් සතුටකිනි.

එය ඉටුකර ගැනීමට හැකිවුණේ අනවශ්‍ය ලෙස විදේශ ණය ගැනීම් අඩු කිරිම මෙන්ම ආනයන යම්තාක් දුරකට කළමනාකරණයට ගෙන ඇති උත්සාහය වගේම, ණය භීතිකාව හුදෙක් මේ රටේ සම්පත් විකිණීමට හා නව ලිබරල්වාදී ප්‍රතිපත්ති සාධාරණය කිරීමටත් ගත් උපාය මාර්ගයක් බව අප හොදින්ම වටහාගත් නිසයි.

වසර 5ක කාලය තුළ එකදු විදුලිබල ව්‍යාපෘතියක්, වැව් හා ජලාශ ඉදිකිරීමක්, ජල සම්පාදන ව්‍යාපෘතියක්, දුම්රිය මාර්ගයක්, අධිවේගී මාර්ගයක්, පාලමක්, නාගරික නිවාස ව්‍යාපෘතියක්, වරාය නගරය හෝ ආර්ථික කලාපයක්, ධීවර වරායක් වගේ ආයෝජනයකින් නිෂ්පාදන ධාරිතාවය වැඩිකිරීමක් සිදු වී නැහැ. ගම් නගා සිටුවීමට සැලසුම් කළ ගම්පෙරලියෙන් බලසම්පන්න වූ ගමක් දැකගන්න නැහැ. දේශීය ගොවීන් නිපදවන තේ, පොල්, රබර්, කුරුඳු, ගම්මිරිස් අපනයන වෙළඳපළට යොමු කිරීම වෙනුවට ඒවා පිටරටින් ගෙන්වා ප්‍රතිඅපනයනයකට ප්‍රවේශ වීමෙන් වැවිලි ක්ෂේත්‍රයට ද අහිතකර බලපෑම් ඇති කළා.

ඉහළ මැදි ආදායම් රටක් වෙනුවට ඒක පුද්ගල ආදායම එක්සත් ජනපද ඩොලර් මිලියන 4,000ක මට්ටමක එක තැන පල් වෙමින් පැවතුණා.
සියයට 6ක පමණ වාර්ෂික වර්ධන වේගයක් පවත්වා ගත් රටේ ආර්ථික වර්ධනය 2015 සිට වර්ෂයෙන් වර්ෂය අඩුවන ප්‍රවණතාවයකට ලක්කර 2019 සියයට දෙකයි දශම තුනකට (2.3) අඩුවී තිබුණා. එය දකුණු ආසියාවේ අඩුම ආර්ථික වර්ධනයයි. කලාපයේ අඩුම ආර්ථික වර්ධනයකට අපේ රට පසුගිය වසර 5 තුළ පත්කිරීම කිසිසේත් සාධාරණීයකරණය කළ නොහැකියි. ජනගහනයෙන් සියයට 40කට ආසන්න පිරිසක් සෘජුව හා එයට ආසන්න පිරිසක් ජීවත්වන ග්‍රාමීය ආර්ථිකය ලිබරල්වාදී ආර්ථික ප්‍රතිපත්තිය නිර්මාණය කළ ආනයන වෙළදාම විසින් බලහීන කර ඇති බව නොරහසක්.

අපනයනය වෙනුවට ආනයනය වැඩිවන ආර්ථික ප්‍රතිපත්තියක් අනුගමනය කිරීමේ ප්‍රතිවිපාකය වී ඇත්තේ ඩොලර් බිලියන 8ක පමණ වෙළඳ හිඟයක් තුළ හිරවීමයි. පසුගිය පස් අවුරුදු පාලන කාලය තුළ ගෙන ගිය අසාර්ථක ආර්ථික හා මූල්‍ය කළමනාකරණ වැඩපිළිවෙළ මෙන්ම සැබෑ නිෂ්පාදන ආර්ථිකයක් වෙනුවට ආනයන මත රඳාපවතින වෙළඳ ආර්ථිකයක් ගොඩනැගීමට ගත් උත්සාහය මෙම ඛේදනීය තත්ත්වයට හේතුව බව දැන් පිළිගත යුතුව තිබෙනවා.

ගරු කතානායකතුමනි,

2010 විදේශ රැකියා වලින් ඉපයූ එක්සත් ජනපද ඩොලර් මිලියන 4,000 වර්ෂ 2014 වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 7,000ට අප නංවා තිබුණා. එම ක්ෂේත්‍රයේ විදේශ ආදායම 2019 වන විට එක්සත් ජනපද ඩොලර් මිලියන 6,700ක මට්ටමකට අඩු වී තිබුණා.

ජාතික ආරක්ෂාව හා බුද්ධි අංශ දුර්වලවීම තුළ හිස එසවූ පාස්කු ප්‍රහාරය නිසා දස වසරක් අඛණ්ඩව ප්‍රසාරණය වූ සංචාරක ක්ෂේත්‍රයද කඩා වැටීමට ඉඩ හැරියා. බදු ක්‍රමය සංකීර්ණවීම තුළ ජනතාව පිට අධික බදු බරක් පටවා තිබුණා පමණක් නොව ජාතික ව්‍යාපාර දුර්වල කරන බදු ක්‍රමයක්ද පැවතියා. ණය පොලී අනුපාතය සියයට 14 සිට සියයට17 වැනි ඉහළ අගයකට වැඩිවීමත් විනිමය අනුපාතය සීඝ්‍ර ලෙස කඩා වැටීමත්, තුළ ව්‍යාපාරික පරිසරය අවිනිශ්චිත වී තිබුණා. 2014 ජාතික ආදායමෙන් සියයට තිස්දෙකයි දශම තුනක් (32.3) වූ සමස්ථ ආයෝජනය 2019 වන විට සියයට විසිහතයි දශම හතරක් (27.4) දක්වා අඩු වී 483,000ක පමණ විරැකියාවකට රට පත්වීම අවසාන ප්‍රතිඵලය වීම තුළම අසාර්ථකත්වය මැනවින් පෙනුණා.

ගරු කතානායකතුමනි,

අභියෝග රැසක් මැද වුවත් 2020 වර්ෂය තුළ අප ඉටුකළ කාර්යභාරය ඉතා විශාලයි. ඉන් ප්‍රධාන තැනක් ගන්නේ වසර ගණනාවක් තුළ රැකියා විරහිතව සිටි උපාධිධාරින් 60,000කට අධික පිරිසකගේ රැකියා ප්‍රමාණය විසඳිමයි. එමෙන්ම අපේ රටේ දිළිඳුම පවුල් ලක්ෂයක් ඉලක්ක කරගෙන රැකියාදීමේ වැඩපිළිවෙළ යටතේද මේ වන විට 40,000කට ආසන්න පිරිසකට රැකියා ලබාදී තිබෙනවා. වසර නිමවීමට පෙර ලක්ෂයේ ඉලක්කය සම්පූර්ණ කිරීම අපේ අරමුණයි.

ගරු කතානායකතුමනි,

සියයට 17ක්ව පැවති වැට් (VAT) හා ජාතිය ගොඩනැගීමේ බද්ද (NBT) සියයට 8කට අඩු කිරීම, රුපියල් මිලියන 25ක පිරිවැටුම (කලින් මසකට රුපියල් මිලියන 1කට) පහල සුළු හා මධ්‍යම පරිමාණ ව්‍යාපාර වැට් බද්දෙන් නිදහස් කිරීම, කෘෂිකර්ම, වැවිලි වගාවන්, පශු සම්පත්, ගොවිපල හා කටයුතු ආදායම් බද්දෙන් නිදහස් කිරීම, තොරතුරු තාක්ෂණ හා විදේශ රැකියා ඉපයීම් ආදායම් බදු වලින් නිදහස් කළා. භාණ්ඩාගාර බිල්පත් හා බැඳුම්කර වාර්ෂික පොලී අනුපාත සියයට 15ක පමණ මට්ටමක සිට සියයට 5ක මට්ටමකට අඩුකිරීම නිසා රටේ ණය පොලී පීඩනය අඩු කිරීමට කටයුතු කලා පමණක් නොව විවිධ දුෂ්කරතාවයන්ට මුහුණ දී තිබූ රජයේ හා පෞද්ගලික ව්‍යාපාර සඳහා බැංකු මගින් රුපියල් බිලියන 250ක පමණ ණය මුදල් සැපයනු ලැබුවා. අඛණ්ඩව කඩා වැටෙමින් තිබූ විදේශ විනිමය අනුපාතය රුපියල් 185/-ක මට්ටමක ස්ථාවරව පවත්වා ගැනීමටත් ඩොලර් මිලියන 4,200ක විදේශ ණය සේවාවන් 2020 වසර තුල ගෙවා ණය පැහැර හැරීම් ගනයට රට පත්වීම‍ට ඉඩ නොදීමත් අප විසින් ඉටු කළා.
වී සඳහා කිලෝවකට රුපියල් 50/-ක අවම මිලක් ලබාදීම‍ට සහතික මිල ක්‍රමය ක්‍රියාත්මක කිරීම හා ආනයනය නතර කිරීම, වී, බඩ ඉරිඟු, ධාන්‍ය වර්ග, අල සහ ළූණු නිෂ්පාදනය පුළුල් කිරීම සඳහා ආකර්ෂණීය සහතික මිලක් ඇති කිරීමට ආනයන බදු කළමනාකරණය කරණු ලැබුවා. මාර්ග ලක්ෂයේ වැඩසටහන යටතේ කිලෝමීටර 10,000ක ව්‍යාපෘති 3ක් ක්‍රියාත්මක වෙමින් පවතින අතර මාර්ග බාධක ඉවත් කිරීම සඳහා ඉදිවන පාලම් ප්‍රමාණය 10,000ක් වන අතර පාලම් 5,000ක් පමණ අවසන් අදියරට පැමිණ තිබෙනවා.

සැමට ජලය සැපයුම යටතේ පානීය ජල සැපයුම නිවාස 429,000 ක්‍රියාත්මක වෙමින් පවතිනවා. එක් ගමකට එක් නිවසක් වැඩසටහන යටතේ ආවරණය වන නිවාස 14,000ක් ඉදි‍ කෙරෙමින් පවතින අතර නාගරික නිවාස 100,000ක් ඉලක්ක කරගත් නගර සංවර්ධන වැඩපිළිවෙළ තුළ ඉදිවන ප්‍රථම නිවාස 20,000ක නිවාස ව්‍යාපෘතින්ද ආරම්භ කර තිබෙනවා.

ගරු කතානායකතුමනි,

ඖෂධ, පොහොර හා ඉදිකිරීම්කරුවන්ට නොගෙවා තිබූ හිඟ මුදල්ද මේ අතුරු සම්මත ගිණුම මගින් ගෙවා දැමු අතර ඒවාට අවශ්‍ය ප්‍රතිපාදනද 2020 විසර්ජන පනතට ඇතුල් වෙනවා. රාජ්‍ය ව්‍යාපාර පෞද්ගලීකරණය වෙනුවට ඒවා ශක්තිමත් කිරීම අප රජයේ දැක්මක්. එම ව්‍යාපාර ශක්තිමත් කිරීම සඳහා වෘත්තිමය අධ්‍යක්ෂ මණ්ඩල පත්කර ඇති අතර ඒවා ශක්තිමත් කිරීමට අවශ්‍ය රාජ්‍ය ප්‍රාග්ධනය සැපයීම අවශ්‍ය වෙනවා.

ශ්‍රී ලංකා ගුවන් සේවය ජාතියේ ගුවන් සේවයයි. එය ශක්තිමත් කිරීමට 2013 සිට පස් අවුරුද්දක කාලයක් තුළ ඩොලර් මිලියන 500ක ප්‍රාග්ධනයක් යෙදීමේ වැඩපිළිවෙළ 2015 දී නතර කිරීමෙන් හා එය පෞද්ගලීකරණය කිරීමට ගත් උත්සාහයන් නිසා එය මූල්‍යමය වශයෙන් දුර්වල වී තිබෙනවා. ඒ සඳහා ප්‍රාග්ධනය මධ්‍යකාලීනව ඩොලර් මිලියන 500ක් යෙදවීමට බලාපොරොත්තු වන අතර 2020 වර්ෂයේදී ඩොලර් මිලියන 150ක් ලබා දීමට කටයුතු කරනවා. ඒ අතරම 2020 විසර්ජන කෙටුම්පතේ දක්වා ඇති වියදම් ශීර්ෂ කිහිපයක් සංශෝධනය කරන අතර ඒවා මම සභාගත කරනවා.

එම වියදම් සංශෝධන සමඟ 2020 විසර්ජන කෙටුම්පතේ සඳහන් ණය ගැනීමේ සීමාව රුපියල් බිලියන 180කින් වැඩි කිරීමට යෝජනා කරනවා. 2020 සඳහා වන අයවැය සාරාංශය හා ණය ගැනීමේ සීමාව සඳහන් සටහනද මේ සමඟ සභාගත කරනවා. ඒ අතරම රාජ්‍ය මුල්‍ය කලමනාකරණ (වගකීම) පනතෙහි අඩංගු ඇපකර සීමාව සියයට 15 දක්වා සංශෝධනය කිරීමටත් යෝජනා කරනවා.

ගරු කතානායකතුමනි,

අප රජයේ අයවැය ප්‍රතිපත්තියේ අන්තර්ගතය වන්නේ පසුගිය වසර පහ තුළ සිදු වූ විනාශකාරී සමාජ හා ආර්ථික ගමන් මග වෙනස් කිරීමයි.අපේ රටේ ආර්ථික ස්වාධීනත්වය ඇති කිරීමට මෙම ගමන් මගෙන් ඉවත්වීම අත්‍යවශ්‍යයෙන්ම කළ යුතුව තිබෙනවා.

දැනට පවත්නා සියයට 10කට ආසන්න ආදායම් වියදම් පරතරය 2025 වන විට සියයට 4කට අඩුකිරීම වගේම සමස්ත ණය සියයට 75කට ඉදිරි වසර 4 තුළ අඩු කිරීම අපගේ රජයේ මූල්‍ය වගකීමයි. අපනයන මෙන්ම අපටම නිපදවා ගත හැකි, ආනයනයන් අවම වන නිෂ්පාදන ආර්ථිකයක් ගැන විශ්වාසය තැබීම ජාතික ප්‍රමුඛතාවක් වී තිබෙනවා. ඇගළුම් හා තේ මත පමණක් රඳාපවතින අපනයන ආර්ථිකය විවිධාංගකරණය නොකර, අපනයනය මෙන් දෙගුණයක් ආනයනය කරමින්, දේශීය සම්පත් හා අමුද්‍රව්‍යයන්ට වටිනාකම් එකතු නොකරන වෙළඳ ආර්ථිකයක් තිරසාර සංවර්ධනයක් ඇති කරන්නේ නැහැ.

කෘෂි, ධීවර හා පශු සම්පත් වලින් ආහාර සුරක්ෂිතතාව හා කෘෂිකාර්මිකරණයක් හා ඒ වටා ගොඩනැගිය යුතු සේවාවන් මතු නොකර ආනයනය මත ගොඩනැගුන පරිභෝජනය හා කාර්මිකරණය තුළින් ජනතා අභිලාෂයන් ඉටුවන සංවර්ධනයක් ඇති වන්නේද නැහැ.

සෘණ ආර්ථිකය ධනාත්මක සියයට 6ක ඉහළ වර්ධන වේගයකට නංවා ගැනීම පමණක් නොව එයට සමගාමීව හා එහි ප්‍රතිපලයක් ලෙස දුප්පත්කම තුරන් කරගත යුතු වෙනවා. එය අතිගරු ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉදිරිපත් කළ “සෞභාග්‍යයේ දැක්ම” බව මා මෙම සභාවට මතක් කර දෙනවා.

2020 නොවැම්බර් මස 17 වන දින, මා මෙම ගරුතර සභාවට ඉදිරිපත් කරනු ලබන 2021 අයවැය කතාව මගින් “සෞභා‍ග්‍යයේ දැක්ම තුළින්” අපේ රටේ නවීන ආර්ථිකයක් ඇති කිරීමට යෝජනා ඉදිරිපත් කරනවා.

 

Post Views: 3
Previous Post

කොරෝනා දෙවන රැල්ලේ ආසාදිතයින් 11,858 දක්වා ඉහලට

Next Post

අනවසරයෙන් වගා කටයුතු කළ ගොවින්ට ස්ථිර වගාබීම් ලබා දෙනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

editor

editor

Next Post

අනවසරයෙන් වගා කටයුතු කළ ගොවින්ට ස්ථිර වගාබීම් ලබා දෙනවා - රාජ්‍ය අමාත්‍ය දුමින්ද

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට හදිසියේ මොකද උනේ ?

30 April 2025
ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

ගනේමුල්ල සංජීව ඝාතනයේ සහායිකාව, සෙව්වන්දි ?

20 February 2025
බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

බන්ධනාගාරයේදී දේශබන්දු නිරුවත් කරලා..? – මානසිකවත් වැටිලාලු

21 March 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

30න් පහළ විශිෂ්ටයින් අතරට 3ක් ලංකාවෙන්

16 May 2025
ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

ජීවිත නැති කරනවාට වඩා බලය අත හැරීම ගෝඨාභය තෝරාගත්තා

16 May 2025
ttvnews.lk

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

තුසිත හල්ලොලුවට වෙඩි ප්‍රහාරයක්

17 May 2025
එළවලු මිලට වෙච්ච වැඩේ

එළවලු මිලට වෙච්ච වැඩේ

16 May 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved