27 April 2024
#සංවර්ධන

අනවසරයෙන් වගා කටයුතු කළ ගොවින්ට ස්ථිර වගාබීම් ලබා දෙනවා – රාජ්‍ය අමාත්‍ය දුමින්ද

සියඹලාණ්ඩුව සූර්යබල උද්‍යානය ඉදිකිරීම කටයුතු සඳහා යෝජනා වී තිබු ඉඩම්වල මේ වන විට පවුල් 80 ක ගොවින් විසින් අනවසරෙන් වගා කටයුතු සිදු කර ඇති බව සුර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ යෝජිත සූර්ය බල උද්‍යානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වසර පහක පමණ කාලයක් ප්‍රමාද වීම සම්බන්ධයෙන් සහ එයට අදාල නිර්දේශ පිළිබඳ අදහස් ලබා ගැනීම සඳහා සූර්යබල සුළං හා ජල විදුලි ජනන ව්‍යාපෘති සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේ ඊයේ (11) පැවති සාකච්ඡාවකදිය.

එහිදී රාජ්‍ය අමාත්‍යවරයා කියා සිටියේ යෝජිත සියඹලාණ්ඩුව සූර්යබල උද්‍යානය ඉදිකිරීමේ ව්‍යාපෘතිය වසර පහක පමණ කාලයක් ප්‍රමාද වී ඇති බවයි. එහි ඉදි කිරීම් සිදු නොවීමෙන් ගොවින් විසින් එහි වගා කටයුතු සිදු කර ඇති බව හෙතෙම පැවසිය. එහිදී යෝජිත ව්‍යාපෘතිය සඳහා අනවසරෙන් අත්පත් කර ගත් ඉඩම් වෙනුවට ගොවින්ට ස්ථිර වගාබීම් ලබා දීමට රජය කටයුතු කරන බව රාජ්‍ය අමාත්‍යවරයා මෙහීදි කියා සිටියේය.

එසේම ඉඩම් අත්පත් කර ගැනීමේදී අදාළ ඉඩම්වලින් ඉවත් කිරීමට සිදුවන ගස් වෙනුවෙන් ද නැවත වගා කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන බව ද හෙතෙම අවධාරණය කලේය. එය රුක්රෝපණ අදාළ ප්‍රදේශයේ දේශගුණික හා කාලගුණික තත්ත්වයන්ට ගැපෙන අයුරින් සිදු කරන බව ඔහු වැඩිදුරටත් කියා සිටියේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *