8 September 2024
#දේශීය #පුවත්

නව අස්වැසුම ප්‍රතිලාභින් ලක්ෂ 04 ක් තෝරාගැනීම් ලබන 10 වනදායි ආරම්භ කරනවා – මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත්

ලක්ෂ 20 ක් පමණ වූ අස්වැසුම ප්‍රතිලාභීන් සංඛ්‍යාව තවත් ලක්ෂ 04 කින් වැඩිකිරීම සඳහා අයදුම්පත් කැඳවීම පෙබරවාරි මස 10 වන දින පමණ වන විට ආරම්භ කිරීමට නියමිත බව මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා පවසයි.

රාජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසුවේ අද(01) පෙරවරුවේ රුවන්වැල්ල ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.

රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ මෙම ප්‍රතිලාභීන් තෝරාගැනීමේදී විවිධ පාර්ශව වලින් ලද යෝජනා අනුව නිර්ණායක සංශෝධනය කිරීම කෙරෙහිද අවධානය යොමු වී ඇති බවයි.

පවුල් තෝරා ගැනීමේදී සිදුවූ, නිර්ණායක වලට බර තැබීමේදී යමෙකුට මෙම වැඩපිලිවෙලට අයදුම් කිරීමට නොහැකි වූයේ නම් එමගින් ඔවුන්ටද අයදුම් කිරීමට අවස්ථාව උදාවන බව සඳහන් කළ හෙතෙම , මේ වන විට අස්වැසුම ප්‍රතිලාභ හිමිවන පරණ ප්‍රතිලාභීන්ට මේ සඳහා අයදුම් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බවත්, එම අයදුම්කරුවන් ලබාදුන් තොරතුරු තහවුරු කර ගැනීමට රජය බලාපොරොත්තු වන බව රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළා.

පසුගිය වසරේදී අස්වැසුම ප්‍රතිලාභීන්ට ප්‍රතිලාභ ලබාදීම සඳහා ලෝක බැංකුවෙන් ප්‍රතිපාදන ලබාදුන්නද , මෙම වසරේ මහා භාණ්ඩාගාරය මගින් ඊට ප්‍රතිපාදන ලබාදෙන බවත්, රුපියල් බිලියන 205 ක මුදල සපයා ගැනීම සඳහා රාජ්‍ය ආදායම වර්ධනය කර ගැනීම සඳහා වූ සැලසුම් සියල්ල සකස් කර ඇති බව රාජ්‍ය අමාත්‍ය සියඹලාපිටිය මහතා එහිදී සඳහන් කළා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *