27 April 2024
#දේශීය #පුවත්

නිවසක් ලබා දෙන බව පවසමින් මුදල් වංචාකල අයෙකු අත්අඩංගුවට

නිවසක් ලබා දෙන බවට පවසා කාන්තාවකගෙන් රුපියල් ලක්ෂ 15 ක මුදලක් වංචා කල අයෙකු කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇත. නාගරික සංවර්ධන අධිකාරියට අයත් මෝදර ප්‍රදේශයේ පිහිටි හෙළමුතු නිවාස සංකීරණයේ පිහිටි නිවසක් ලබා දී එයට අදාල කුඨ ලේඛණ සකස් කර එම මුදල් වංචා කිරීම සහ සාපරාධි පරිහරණය සහ සාපරාධි විශ්වාසය කඩ කිරීම සම්බන්ධව කොළඹ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශනයක් සිදු කර ඇත.

එම කොට්ඨාසයේ නිලධාරින් විසින් ඊයේ (31) දින කොටුවිල ප්‍රදේශයේදී අදාළ වංචාව සිදු කල පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු 32 ක් වන වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. සිද්ධිය සම්බන්ධ කොළඹ අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදු කරනු ඇත.

Leave a comment

Your email address will not be published. Required fields are marked *