ශ්‍රී ලංකාවේ මහජන චීන සමූහාණ්ඩුවේ තානාපති කාර්යාලයේ අලුතින් පත් වූ ආරක්ෂක උපදේශක ජ්‍යෙෂ්ඨ කර්නල් FU Xiao මහතා සහ ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්ත (විශ්‍රාමික) මහතා අතර සුහද හමුවක් පෙරේදා (04) දින ආරක්ෂක අමාත්‍යාංශයේදී පැවැත්විණි.
මෙම හමුවේදී ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ද්විපාර්ශ්වික ආරක්ෂක සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම සහ දෙරටටම අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ආරක්ෂක අංශයේ කරුණු පිළිබඳව දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිණි. මෙම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා සහ නාවික ආරක්ෂක උපදේශකවරයා ද සහභාගී වී සිටියහ.
















