මහා විහාර වංශික ශ්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි විහාර පාර්ශ්වයේ විංශද් වර්ගික කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික, උපාධ්‍යාය පූජ්‍ය ගොමගොඩ විමලකීර්ති ශ්‍රී සුමන ගුණරතන නායක ස්වාමින්ද්‍රයාණන් වහන්සේ අපවත් වී තිබේ. අපවත් වන විට උන්වහන්සේ මහනුවර ඓතිහාසික ශ්‍රී නාථ දේවාලය පුරාණ විහාරය, ගැටඹේ ශ්‍රී සුධර්මාරාමය විහාරය සහ හීපිටිය පුරාණ බෝධිමළු විහාරය යන විහාරත්‍රයාධිපති ධුරය මෙන්ම මාතලේ ගලේවෙල ඓතිහාසික බම්බාව රාජමහා විහාරාධිපති ධුරය ද හොබවනු ලැබූහ.
අස්ගිරි මහා විහාරීය කාරක සංඝ සභාවේ ජ්‍යෙෂ්ඨතම හිමිනමක වූ උන්වහන්සේ, ශාසනික හා සාමාජීය වශයෙන් සුවිශාල මෙහෙවරක් ඉටු කළ යතිවරයාණන් වහන්සේ නමක ලෙස කාගේත් ගෞරවාදරයට පාත්‍ර වී සිටියහ. අපවත් වූ නාහිමියන්ගේ ශ්‍රී දේහය පිළිබඳ අවසන් කටයුතු ඉදිරියේදී දැනුම් දීමට නියමිතව ඇත.















