6 May 2024
#දේශීය #පුවත්

නිදහස් පක්ෂය සම්බන්ධයෙන් අධිකරණ තීන්දු කිහිපයක්

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සභාපතිවරයා ලෙස හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය විසින් අද (24) අතුරු තහනම් නියෝගයක් නිකුත් කෙරිණ.

ඒ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක සභිකයෙකු වූ මොන්ටේගු සරත්චන්ද්‍ර මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අදාළව කොළඹ දිසා විනිසුරු සඳුන් විතාන මහතා විසින් මෙම නියෝගය නිකුත් ලබා දී තිබේ.

මෙම ස්ථිර අතුරු තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන බවත් නියෝගයේ සඳහන් වුණි.

එමෙන්ම අමාත්‍ය මහින්ද අමරවීර, ලසන්ත අලගියවන්න සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද දිසානායක යන මහත්වරු ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජාතික සංවිධායක, භාන්ඩාගරික, ජ්‍යෙෂ්ඨ උපසභාපති යන තනතුරුවලින් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය ක්‍රියාත්මක වීම වළක්වාලමින් නිකුත් කර තිබෙන වාරණ නියෝගය මැයි මස 08 වනදා දක්වා දීර්ඝ කරන ලෙස කොළඹ දිසා අධිකරණය අද (24) නියම කළේය.

Leave a comment

Your email address will not be published. Required fields are marked *