5 May 2024
#දේශීය #පුවත්

වීරසේන ගමගේ මහතා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙයි

වීරසේන ගමගේ මහතා 09 වැනි පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරයෙක් ලෙස කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඉදිරියේ අද (24) දිවුරුම් දුන්නේය.

කථානායකවරයා ඉදිරියේ දිවුරුම්දීමෙන් පසු ඒ මහතා පාර්ලිමේන්තුවේ මහ ලේකම් කුෂානි රෝහණදීර මහත්මිය ඉදිරියේදී මන්ත්‍රී නාමලේඛනයේ අත්සන් තැබීය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් අනුරාධපුරය දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු ලෙස කටයුතු කළ කේ. එච්. නන්දසේන මහතාගේ අභාවය හේතුවෙන් ඇති වූ පුරප්පාඩුවට වීරසේන ගමගේ මහතා මෙලෙස පත් කරනු ලැබීය.

2020 මහ මැතිවරණයේදී වීරසේන ගමගේ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ තරග කරමින් අනුරාධපුර දිස්ත්‍රික්කයේ හයවෙනි ස්ථානය ලබා ගත්තේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කැකිරාව ආසනයේ ප්‍රධාන සංවිධායක ලෙස කටයුතු කරමින් සිටින එ් මහතා උතුරුමැද පළාතේ යන්ත්‍රෝපකරණ නිර්මාණ ආයතනයේ සභාපතිවරයා ලෙස ද කටයුතු කරමින් සිටි.

Leave a comment

Your email address will not be published. Required fields are marked *