• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

කෙරවලපිටිය බලාගාරයේ කොටස් විකුණුවේ නෑ – මන්ත්‍රී සාගර

27 September 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

කෙරවලපිටිය බලාගාරයේ කොටස් විදේශ ආයෝජන සමාගමකට ලබාදීමක්, විකිණීමක් සිදුව නොමැති බවත් එහි කොටස්වලින් 40% දුන්නත් එය යලි වසර 15 න් පසු සම්පූර්ණයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වන බලාගාරයක් බවට පත්වෙන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නිතීඥ සාගර කාරියවසම් මහතා පවසයි.

ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පක්ෂයේ මාධ්‍ය සාකච්ඡාව අද (27)එක්වෙමින් කාරියවසම් මහතා පැවසුවේ අප පක්ෂය ප්‍රමුඛ රජය අප රට භාර ගත්තේ මේ රටේ අනාගත පරපුර වෙනුවෙන් වඩාත් යහපත් සුභදායි රටක් තිළිණ කිරීමට බවයි.

එහිදී කාරියවසම් මහතා මෙසේ අදහස් පල කලේය “නමුත් අපිට පෙනි යනවා සමහර ජනතාව සහ ජනමාධ්‍ය තවම ඉතාමත් සෘණාත්මක තත්වයක තමයි ජිවත් වෙන්නේ. මෙතනින් මිදිලා මේ රට ධනාත්මක පැත්තකට ගෙනියන්න අවශ්‍ය කාලය උදාවෙලා තිබෙනවා. සිංගප්පුරුව, මැලේෂියාව, බංගලාදේශය වගේ රටවල් විදේශ ආයෝජන මත තමයි දියුණුවෙලා ඉදිරියට ගියේ. මෙම රටවල්වල ගම්බඳ ප්‍රදේශ දියුණු කරන විට ඒ රටවල ජනතාව පාරට බැහැලා කිව්වේ නෑ දියුණු කරන්න එපා කියලා. ඒ රටවල්වල ජනතාව ඒ සඳහා සහයෝගය දුන්නා. නමුත් අපේ රටේ අවාසනාවකට වගේ විවිධ දේශපාලන අරමුණු තියෙන කණ්ඩායම් මේ රටේ දියුණුවට විවිධ බාධා මතු කරන්න විවිධ කණ්ඩායම් පෙල ගැසි සිටිනවා. කෙරවලපිටිය බලාගාරය සකස් කරන්නේ පුද්ගලික සමාගමක්. ඒ පුද්ගලික සමාගමට අවශ්‍ය මුදල් නිසා ඒ සමාගම වෙත රජය විසින් මුදල් යෙදෙව්වා භාණ්ඩාගාරයෙන්. ඒ අනුව භාණ්ඩාගාරයට එම සමාගමේ 50% ක කොටස් හිමිවිමක් තිබුණා. මේ විදුලිබල ප්‍රශ්නය මේ රටේ අපි ඉතාම ඉක්මණින් විසඳගතයුතු ප්‍රශ්නයක්. මේ කෙරවලපිටිය බලාගාරය විවෘත කරන අවස්ථාවේ ප්‍රධාන අදහසක් තමයි හැකි ඉක්මණින් ස්වභාවික ගෑස්වලින් දුවන බලාගාරයක් බවට පත් කරන්න අවශ්‍යයි කියලා. නමුත් අපි කියන්න ඕන අවසනාවන්ත ලෙස වසර 10 ක් තිස්සේ එය කරගන්න අපිට රටක් හැටියට නොහැකි වෙලා තිබෙනවා. ඉතින් අපේ රජය පැමිණ කරන්න දරන උත්සහයේදී මෙයට විරුද්ධ වෙනවා නම් කවුරුහරි මේ රටේ අනාගත බලශක්ති සැපයුමට විරුද්ධ විමක් වෙන්නේ. මෙය කිසිම හෝ ආකාරයකින් කෙරවලපිටිය බලාගාරයේ කොටස් විදේශ ආයෝජන සමාගමකට ලබාදීමක්, විකිණීමක් වෙන්නේ නෑ. කොටස්වලින් 40% ප්‍රමාණයක් විතරයි අපි ලබාදෙන්නේ. ඒ වගේම ඒ කොටස් 40% ලබාදීම පසුත් අදාල ආයෝජනයෙන් වසර 15 න් පසු මෙම බලාගාරය සම්පූර්ණයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට අයත් වන බලාගාරයක් බවට පත්වෙනවා.මේ රටේ අනාගතය වෙනුවෙන් රටේ බලශක්ති අර්බුදය නැති කිරීමට මේ රටේ ආයෝජන වැඩිදියුණු කිරීම වෙනුවෙන් සිදුකරනු ලබන සුවිශේෂි ව්‍යාපෘතියක් වෙනවා. මම හිතන්නේ මේ වගේ ව්‍යාපෘතියට කවුරුහරි විරුද්ධ වෙනවා නම් ඒ පිරිස කුහුකත්වය මත මිසක් මේ රටට ආදරය නොවෙයි කියන එක අපි විශේෂයෙන් කියන්න ඕන.

Post Views: 4
Previous Post

හැඟීම්වලට ඉඩනොදී එන්නත්කරණයට යොමු වන්න – මහාචාර්ය මංජු විරසිංහ 

Next Post

කුමන්ත්‍රණවලට හසුනොවි සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීමට සහාය වන්න – අමාත්‍ය ප්‍රසන්න කියයි

editor

editor

Next Post

කුමන්ත්‍රණවලට හසුනොවි සංචාරක ව්‍යාපාරය ගොඩනැංවීමට සහාය වන්න - අමාත්‍ය ප්‍රසන්න කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

භාතිය ගැන මේ දැන් ලැබුණු ආරංචිය

8 July 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

වාහන ආනයනය ගැන ජනපතිගේ තීරණය මොකද්ද?

7 August 2025
රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

රජයට දෙන්නේ පැය 72 යි! ප්‍රශ්නය විසඳුවේ නැත්තම් දැවැන්ත වර්ජනයකට සූදානමින්

7 August 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

The Hobbit පොත වාර්තාගත මුදලකට අලෙවි වෙයි

7 August 2025
වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා –  ටී.බී. සරත්

වීදුරුගෙවල් වල ඉදලා ගල්ගහන්න සූදානම් වෙන්න එපා – ටී.බී. සරත්

7 August 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved