කළුතර උතුරු පොලිස් වසමට අයත් වාඩිය මංකඩ ප්‍රදේශයේදී අද (පෙබරවාරි 14) පස්වරුවේ සිදුවූ වෙඩි තැබීමකින් 32 හැවිරිදි පුද්ගලයෙකු බරපතළ තුවාල ලබා තිබේ. පොලිසිය සඳහන් කරන්නේ අද පස්වරු 7:50ට පමණ යතුරුපැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසින් මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ පුද්ගලයා මේ වන විට රෝහල් ගත කර ඇති අතර ඔහුගේ තත්ත්වය අසාධ්‍ය බව වාර්තා වේ. සිද්ධිය සම්බන්ධයෙන් කළුතර උතුරු පොලිසිය වැඩිදුර විමර්ශන ආරම්භ කර තිබේ.














