27 July 2024
#විදෙස්

පාසල් ළමුන්ට ස්මාර්ට් ජංගම දුරකතන තහනම් 

ප්‍රංශයේ පාසල්වල ස්මාර්ට් ජංගම දුරකතන තහනම් කිරීමට තීරණය කර තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. එම වාර්තා සදහන් කළේ එමෙන්ම ටැබ් යන්ත්‍ර වැනි වෙනත් අන්තර්ජාල සබදතා සහිත උපකරණ ද තහනම් වනු ඇති.

මෙම තහනම බලපැවැත්වෙන්නේ අවුරුදු තුනත් පහළොවත් අතර පාසල් දරුවන්ට වන අතර ප්‍රංශයේ උසස් පාසල්වල වයස අවුරුදු 15 සහ ඊට වැඩි දරුවන්ට මෙම තහනම බලපැවැත්වීම සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත.

මෙම නීතිය ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්රෝන්ගේ මැතිවරණ පොරොන්දුවක් බවත් මෙම නව පනත 62කට 1ක් ලෙස ප්‍රංශ පාර්ලිමේන්තුවේදී සම්මත කෙරුණා.

Leave a comment

Your email address will not be published. Required fields are marked *