27 April 2024
#දේශීය

ඇතැම් නිලධාරින් තීරණ ගන්න බයයි.. හිරේ යන්න වෙයි කියලා – ජනපති

අසත්‍ය චෝදනා මත සිරගත වීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ බැවින් වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි යන බියෙන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක වීමට මැලි වී ඇති බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

නිරෝගිමත් අනාගත පරපුරක් වෙනුවෙන් කාබනික පොහොර භාවිතයට ගත් පියවර කිසි විටෙකත් පසුපසට නොගන්නා බව හෙතෙම පැවසිය‍.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ අද (27) පෙරවරුවේ අස්ගිරි පාර්ශ්වයේ මහා නායක හිමියන් ඇතුළු මහා සංඝරත්නය බැහැදුටු අවස්ථාවේදිය.

එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ එම වැඩපිළිවෙළ ක්‍රියාවට නැංවීමේදී ගොවීන් අපහසුතාවට පත්වීමට ඉඩ නොතබන බවයි.

රසායනික පොහොර භාවිතය නිසා දිවයිනේ ප්‍රදේශ රැසක ගොවීන් වකුගඩු රෝගය ඇතුළු බෝ නොවන රෝග රැසකින් පීඩා විඳින අතර එමගින් පරිසරයට සිදුවන හානිය අති විශාලය.
එමෙන්ම රසායනික පොහොර ආනයනය සඳහා වාර්ෂිකව ඩොලර් මිලියන 400කට අධික මුදලක් රජය වැය කරයි. විදේශීය ආයතන වෙත ඇඳී යන එම මුදල රටේ ගොවි ජනතාව වෙත ලබාදීමට කාබනික පොහොර භාවිතය මගින් හැකි වන බව ද ජනාධිපතිවරයා මහා සංඝරත්නයට පෙන්වා දුන්නේය.

2015 ට පෙර රජයේ නිලධාරීන් තීරණ ගැනීමේදී පසුබට නොවීම නිසා කෙටි කාලයක් තුළ රට තුළ දැවැන්ත සංවර්ධනයක් සිදු කිරීමට හැකි වූ බව ජනාධිපතිවරයා සඳහන් කළේය.

එහෙත් එම නිලධාරීන් අසත්‍ය චෝදනා මත සිරගත වීම ඇතුළු විවිධ පීඩනයන්ට පසුගිය රජය සමයේ දී මුහුණ පෑමට සිදු වූ බව පෙන්වා දුන් ජනාධිපතිවරයා රජයේ වර්තමාන සංවර්ධන සැලසුම් ක්‍රියාත්මක කිරීමේදී නිලධාරීන් අනාගතයේ දී දඬුවම් විඳීමට සිදු වෙතැයි යන බියෙන් තීරණ ගැනීමට සහ ක්‍රියාත්මක වීමට මැලි වී ඇති බව සඳහන් කළේය. එම නිසා රට තුළ බොහෝ වැඩ කටයුතු අඩපණ වීම කණගාටුදායක තත්ත්වයක් බව ද ජනාධිපතිවරයා සඳහන් කරනු ලැබිණ.

 

 

President Gotabaya Rajapaksa has informed the Maha Sangha, including the Asgiri Mahanayaka Thero, that he will not take back the decision to use organic fertilizer towards endowing a healthy future generation to the country. The President also assured that he will not allow any farmer to face inconveniences during the implementation of the programme.

Due to the use of chemical fertilizers, farmers in many parts of the island suffer from many non- communicable diseases including kidney disease and the damage it has done to the environment is immense. The government also spends more than $ 400 million annually on chemical fertilizer imports. The President pointed out to the Maha Sangha that the use of organic fertilizer would enable the farmers to receive the funds that flow out to foreign companies when importing chemical fertilizers.

The President made these remarks when he called on the Maha Sangha including the Mahanayake Theros of the Asgiri Chapter today (27).

President Rajapaksa said that prior to 2015 the country made tremendous progress in a short period of time as the government officials did not hesitate to take decisions. Nevertheless, the President pointed out that these officials had to face various difficulties during the previous government’s tenure, including imprisonment on false charges, and added that the government officials are reluctant to take decisions and implement them for fear that they would be punished in the future for implementing development plans.

Therefore, it is unfortunate that many activities in the country are being disrupted due to this unnecessary fear, the President said.

Leave a comment

Your email address will not be published. Required fields are marked *