ඊයේ (21) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වූ දැවැන්ත ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ නව බස් ගාස්තු සංශෝධනය අද (22) ප්‍රකාශයට පත් කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව (NTC) නිවේදනය කරයි. ඩීසල් මිල 31%කින් පමණ ඉහළ යාම හේතුවෙන් බස් රථ කර්මාන්තය පවත්වාගෙන යාම සඳහා ගාස්තු වැඩිකිරීම අත්‍යවශ්‍ය වී ඇති බවත්, ඒ සම්බන්ධ ගණනය කිරීම් මේ වන විට අවසන් අදියරේ පවතින බවත් වාර්තා වේ.
මීට පෙර අවස්ථා කිහිපයකදී ඉන්ධන මිල ඉහළ ගිය ද බස් ගාස්තු සංශෝධනයක් සිදු නොවූ බැවින්, මෙවර අවම වශයෙන් 15%ක හෝ ඊට වැඩි ගාස්තු වැඩිවීමක් බලාපොරොත්තු වන බව ලංකා පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමය පවසයි. ඩීසල් ලීටරයක මිල රුපියල් 79කින් පමණ ඉහළ යාම මත පදනම්ව මෙම ගාස්තු සංශෝධනය සිදුවනු ඇත.
නව ගාස්තු ව්‍යුහය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව ලංගම සහ පෞද්ගලික බස් රථ සඳහා එය එකලෙස ක්‍රියාත්මක වීමට නියමිතය. ගාස්තු සංශෝධනයත් සමඟ මගී ජනතාවට සිදුවන බලපෑම අවම කිරීම සඳහා විධිමත් ක්‍රමවේදයක් අනුගමනය කරන ලෙස ප්‍රවාහන බලධාරීන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.














