2019 පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරයෙන් වින්දිතයන් වූ පිරිස් සිහිපත් කිරීම සහ ඔවුන් වෙනුවෙන් සෙත් පැතීම සඳහා 2026 අප්‍රේල් 19 වන දින විශේෂ යාඥා දිනයක් ලෙස ශ්‍රී ලංකාවේ කතෝලික සභාව ප්‍රකාශයට පත් කර තිබේ.
කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල් හිමිපාණන් සඳහන් කළේ එදිනට දිවයින පුරා පිහිටි සියලුම කතෝලික දේවස්ථානවල විශේෂ යාඥා මෙහෙයන් පවත්වන බවයි. වින්දිත පවුල්වල ප්‍රාර්ථනාවන් පරිදි මෙම ප්‍රහාරය පිටුපස ඇති සත්‍යය අනාවරණය කර ගැනීම සඳහා දේව ආශිර්වාදය හා මඟපෙන්වීම මෙහිදී ප්‍රාර්ථනා කරන බව උන්වහන්සේ වැඩිදුරටත් අවධාරණය කළහ.














