දිවයිනේ පවතින ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් සිමෙන්ති මිල ද අද (2026 මාර්තු 24) සිට ක්‍රියාත්මක වන පරිදි ඉහළ දැමීමට සිමෙන්ති නිෂ්පාදන සමාගම් පියවර ගෙන තිබේ. මේ අනුව ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රධාන අමුද්‍රව්‍යයක් වන සිමෙන්ති මිල ඉහළ යාම නිසා ඉදිකිරීම් කටයුතුවල නියැලී සිටින ජනතාව දැඩි අසීරුතාවයට පත්වනු ඇතැයි අපේක්ෂා කෙරේ.
සිමෙන්ති නිෂ්පාදන සමාගම් සඳහන් කරන පරිදි, කිලෝග්‍රෑම් 50ක සිමෙන්ති කොට්ටයක මිල රුපියල් 150ත් 175ත් අතර මුදලකින් ඉහළ ගොස් ඇත. නිෂ්පාදන පිරිවැය සහ ප්‍රවාහන ගාස්තු ඉහළ යාම මෙම තීරණයට සෘජුවම බලපා ඇති බව එම සමාගම් වැඩිදුරටත් පෙන්වා දෙයි.
මෙම මිල සංශෝධනය අද මධ්‍යම රාත්‍රියේ සිට නොව, අද දිනයේ සිටම ක්‍රියාත්මක වන බව වෙළඳපොළ ආරංචි මාර්ග සඳහන් කරයි. පවතින ආර්ථික වාතාවරණය තුළ නිවාස සිහිනය සැබෑ කර ගැනීමට උත්සාහ කරන මෙරට මධ්‍යම පාන්තික ජනතාවට මෙය තවත් එක් බරපතල අභියෝගයක් වනු නොඅනුමානය.












