හම්බන්තොට සිට පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශ සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
අද පෙරවරු 11.00 ට නිකුත් කර ඇති මෙම නිවේදනය හෙට (13) පෙරවරු 11.00 වන තෙක් බලංගු වන අතර, එම මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය විටින් විට පැයට කිලෝමීටර් 50ත් 60ත් දක්වා වැඩි විය හැකි බැවින් මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැක. මීට අමතරව, හලාවත සිට ගාල්ල, මාතර සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා මුහුදු ප්‍රදේශවල රළ මීටර් 2.0ත් 3.0ත් අතර ඉහළ යාමේ හැකියාවක් පවතින අතර, බේරුවල සිට ගාල්ල හරහා මාතර දක්වා ප්‍රදේශවල මුහුදු රළ ගොඩබිමට පැමිණීමේ අවදානමක්ද පවතින බැවින් ධීවර සහ නාවික ප්‍රජාව මේ පිළිබඳ දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස ඉල්ලා සිටී.














