“කොළඹ මැරතන් 2026” ජාත්‍යන්තර මැරතන් තරගය හේතුවෙන් හෙට (13) උදෑසන 6.00 සිට කොළඹ ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව ශ්‍රී ලංකා පොලිසිය පවසයි.
ජාතික ක්‍රීඩා අමාත්‍යාංශ පරිශ්‍රයෙන් හෙට උදෑසන 6.00ට ආරම්භ වන මෙම මැරතන් තරගය කොල්ලුපිටිය සහ මරීන් ඩ්‍රයිව් හරහා ගාලු මුවදොර වෙත ළඟැස්වීමට නියමිත අතර, පෙරවරු 6.00 සිට 10.00 දක්වා තරගය ගමන් කරන මාර්ගවල රථවාහන සීමා පනවා ඇත. ඒ අනුව, මරීන් ඩ්‍රයිව් ඔස්සේ කොළඹ දෙසට පැමිණෙන වාහන කොල්ලුපිටිය හන්දියෙන් හරවා යැවෙන අතර, දෙහිවල සහ ගල්කිස්ස ඇතුළු ප්‍රදේශවල සිට පැමිණෙන රියදුරන්ට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලිසිය උපදෙස් දී ඇති අතර, ආරක්ෂාව සහ රථවාහන පාලනය සඳහා යතුරුපැදි 175කට අධික සංඛ්‍යාවක් යොදවා තිබේ.














