රට තුළ පවතින උග්‍ර බලශක්ති අර්බුදය හමුවේ විදුලිය සහ බලශක්ති සුරක්ෂිතතාව වෙනුවෙන් අත්‍යවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතාගේ අත්සනින් යුතුව දැඩි නව මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.
ඒ අනුව පුද්ගලයන් 100කට වැඩි සහභාගිත්වයෙන් පවත්වනු ලබන මහා පරිමාණ උත්සව සහ සංගීත සංදර්ශන සඳහා ජාතික විදුලි පද්ධතියෙන් විදුලිය ලබාගැනීම සම්පූර්ණයෙන්ම තහනම් කර ඇති අතර, එවැනි උත්සව සඳහා විකල්ප බලශක්ති ප්‍රභවයන් භාවිත කළ යුතු බව දන්වා ඇත. එසේම පළාත් පාලන ආයතන මගින් පාලනය වන සියලුම වීදි ලාම්පු පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළදී අක්‍රිය කර තැබීමට ද පියවර ගත යුතුය.
මීට අමතරව, සියලුම රාජ්‍ය සහ ව්‍යවස්ථාපිත ආයතනවල පවතින වායු සමීකරණ යන්ත්‍ර (AC) පස්වරු 3.00න් පසුව ක්‍රියා විරහිත කළ යුතු අතර, වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණය සඳහා විවිධ ස්ථානවල සවිකර ඇති විදුලි ආලෝක පුවරු සහ තිර පස්වරු 8.00න් පසුව නිවා දැමිය යුතු බවට ද මෙම නිවේදනය මගින් වැඩිදුරටත් දැඩිව අවධාරණය කර තිබේ.
















