• About
  • Advertise
  • Privacy & Policy
  • Contact
ttvnews.lk
Advertisement
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us
No Result
View All Result
ttvnews.lk
No Result
View All Result
Home පුවත් දේශීය

මානව අවශ්‍යතා සමග පරිසරය සමබර කර ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකාව මනාව වටහාගෙන සිටිනවා – ජනපති

27 October 2021
in දේශීය
0
SHARES
0
VIEWS
Share on FacebookShare on Twitter

බුදුන් වහන්සේගේ ඉගැන්වීම අනුව හැඩගැසුණු පොහොසත් දාර්ශනික උරුමයක් සහිත ශ්‍රී ලංකාව මානව අවශ්‍යතා සමග පාරිසරික පරාසයන් සමබර කර ගැනීමේ වැදගත්කම මනාව වටහාගෙන සිටින බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව පැවසුවේ එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 76 වැනි සැසිවාරයේ සභාපති අබ්දුල්ලා ෂාහීඩ් (Abdulla Shahid) මහතා විසින් කැඳවා තිබු “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍යය වෙනුවෙන් : දේශගුණික ක්‍රියාවලිය වර්ධනය කිරීම” මැයෙන් වූ රාජ්‍ය නායක සංවාදයට අද (27) වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක්වෙමිනි.

නිව්යෝර්ක් නුවර එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේ දී එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්ටෝනියෝ ගුටරේස් (Antonio Guterres) මහතාගේ ප්‍රධානත්වයෙන් ඇරඹි සංවාදයට එක්සත් ජාතීන්ගේ සාමජික රටවල රාජ්‍ය නායකයෝ සහ නියෝජිතයෝ වීඩියෝ තාක්ෂණය ඔස්සේ එක් වූහ.

දේශගුණික ප්‍රමුඛතා ආමන්ත්‍රණය කරලීමට රාජ්‍යයන්ට ඇති හැකියාවන් කොවිඩ් 19 වසංගතය විසින් යටපත් කර ඇති අවස්ථාවක පවතින හදිසි අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් “මිනිසා, පෘථිවිය සහ සෞභාග්‍ය උදෙසා දේශගුණික ක්‍රියාකාරී සැලැස්මක්” ඉදිරිපත් කරලීමට සභාපතිවරයා විසින් මෙම ඉහළ මට්ටමේ සංවාදය කැඳවා තිබිණි.

සංවර්ධිත ජාතීන් පෘථිවිය සුවපත් කරලීමට ඔවුන්ගේ කැපකිරීම් ඉටු කළ යුතු බව අවධාරණය කළ ජනාධිපතිවරයා සංවර්ධනය වෙමින් පවතින රටවල දේශගුණික විපර්යාස අවම කිරීමේ හා උපයෝජනය වීමේ පියවර ක්‍රියාත්මක කිරීම සඳහා අර්ථවත් බහුපාර්ශ්වික සහ ද්විපාර්ශ්වික සහයෝගය අවශ්‍ය බව ද කියා සිටියේය.

අද අප සිටිනුයේ මානව ඉතිහාසයේ තීරණාත්මක අවධියකය. ඒ නිසාම දේශගුණික විපර්යාසයන්ට කඩිනමින් හා තීරණාත්මකව අවධානය යොමු කරමින් විසඳුම් සෙවිය යුතුය. ජාත්‍යන්තර වශයෙන්, ගල් අඟුරු විරහිත නව බලශක්ති සම්මුතියේ සම – නායකයෙකු වීම පිළිබඳව ශ්‍රී ලංකාව ආඩම්බර වන බව පැවසූ ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩලීය නිල ප්‍රඥප්තිය යටතේ කඩොලාන පරිසර පද්ධති සහ ජීවනෝපාය පිළිබඳ ක්‍රියාකාරී කණ්ඩායමට ද ශ්‍රී ලංකාව නායකත්වය සපයන බව සඳහන් කළේය.

තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ කොළඹ ප්‍රකාශනය මඟින් වසර 2030 වන විට නයිට්‍රජන් අපද්‍රව්‍ය නිකුත් කරන ප්‍රමාණය අඩකින් අඩු කිරිමට ශ්‍රි ලංකාව උත්සාහ කරයි. ශ්‍රී ලංකාවේ දේශීය ප්‍රතිපත්ති රාමුව, තිරසාරභාවය කෙරෙහි අවධානය යොමු කර ඇති බවට තමා සහතික වන බව ජනාධිපතිවරයා සඳහන් කළේය. මෙය බලපැවැත්වීම සඳහා කෘතිම පොහොර අධික ලෙස භාවිතය සීමා කිරීමට ශ්‍රී ලංකාව පියවර ගත් අතර එමඟින් සෞඛ්‍ය ගැටලු විසඳාගැනීමට මෙන්ම නයිට්‍රජන් අපද්‍රව්‍ය අඩු කර ගැනීමට හැකිවනු ඇති බව ද ජනාධිපතිවරයා කීය.

2050 වන විට ශ්‍රී ලංකාවේ කාබන් ශුන්‍යතාව සාක්ෂාත් කර ගැනීම ඉලක්කය වන අතර, වසර 2030 වන විට මෙරට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන්ගෙන් සපුරා ගැනීමේ ඉලක්කය වෙත ශ්‍රී ලංකාව ගමන් කරමින් සිටී. මෙම ප්‍රශංසනීය අරමුණු සාක්ෂාත් කර ගනු පිණිස අපගේ සංවර්ධන න්‍යාය පත්‍රය සඳහා තාක්ෂණික හුවමාරුව, කුසලතා සංවර්ධනය, ආයෝජන සහ මූල්‍ය ආධාර යන ක්ෂේත්‍රයන්හි ශ්‍රී ලංකාවට ලබාදෙන සහය සතුටින් පිළිගන්නා බව ද රාජපක්ෂ මහතා සඳහන් කළේය.

වර්තමානයේ පවතින හා අවශ්‍ය තාක්ෂණික නිපුණතා සහ මූල්‍ය හැකියාවන් අතර පරතරය කෙරෙහි මෙම සංවාදයේදී අවධානය යොමු කෙරුණු අතර එම පරතරය සපුරා ගන්නේ කෙසේද යන්න පිළිබඳ දීර්ඝ වශයෙන් සංවාදයට ලක් විය.

Post Views: 6
Previous Post

ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ සංවර්ධනයට සෘජුවම බලපානවා – ඇමැති නාමල්

Next Post

චීනයේ නැව ආපහු යනවා – ඇමැති මහින්දානන්ද කියයි

editor

editor

Next Post

චීනයේ නැව ආපහු යනවා - ඇමැති මහින්දානන්ද කියයි

Leave a Reply Cancel reply

Your email address will not be published. Required fields are marked *

Stay Connected test

  • 23.9k Followers
  • 99 Subscribers
  • Trending
  • Comments
  • Latest
BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

BOC බැංකුවෙන් ගනුදෙනුකරුවන්ට පණිවිඩයක්

5 June 2025
72 Miss World  තරඟයෙන්  ඈ ඉවත් වෙයි

72 Miss World තරඟයෙන් ඈ ඉවත් වෙයි

22 May 2025
මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

මහින්ද රාජපක්ෂ රෝහල් ගත කරයි? ඇත්ත නැත්ත මෙන්න

4 April 2025
අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

අනතුරු අඟවමින් විශේෂ නිවේදනයක් !

4 June 2025
The blog was launched asresult organizing

The blog was launched asresult organizing

0
The inbound marketing methodology method of drawing the right

The inbound marketing methodology method of drawing the right

0
onprofit organization that seeks provide inform

onprofit organization that seeks provide inform

0
the blog include climate politics, lgbq issue,

the blog include climate politics, lgbq issue,

0
සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
කෙහෙළියගේ දියණියට ඇප

කෙහෙළියගේ දියණියට ඇප

20 June 2025
කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

කර්මාන්ත හා සේවා දියුණු කිරීමට දිස්ත්‍රික්කයට වගකියන මන්ත්‍රීවරයෙක්!

20 June 2025

Recent News

Follow Us

Browse by Category

  • 2020 පාර්ලිමේන්තුවට යන 225 කවුද?
  • Uncategorised
  • ක්‍රීඩා
  • දේශීය
  • පුවත්
  • විදෙස්
  • විනිවිද
  • විලාසිතා
  • විශේෂාංග
  • වීඩියෝ
  • වෙනත්
  • ව්‍යාපාර
  • සංවර්ධන

Recent News

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

සජබයේ කලහකාරී හැසිරීමත් සමගින් ගාල්ලේ මහ නගර සභා බලය මාලිමාවට යයි

20 June 2025
ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

ඉරාන-ඊශ්‍රායල ගැටුමට ඇමරිකාව සම්බන්ධ වෙනවාද ? තීරණය ඉදිරි සතියේ

20 June 2025
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved

No Result
View All Result
  • දේශීය
  • ව්‍යාපාර
  • විදෙස්
  • ක්‍රීඩා
  • විශේෂාංග
  • සංවර්ධන
  • වෙනත්
  • Contact Us

© 2024 TTVnews.lk All Rights Reserved