27 April 2024
#ක්‍රීඩා

ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ සංවර්ධනයට සෘජුවම බලපානවා – ඇමැති නාමල්

ක්‍රීඩාව හරහා ක්‍රීඩකයා තුළ නිර්මාණය වන විනය රටේ සංවර්ධනයට සෘජුවම බලපාන බව තරුණ හා ක්‍රීඩා, සංවර්ධන සම්බන්ධීකරණ හා අධීක්ෂණ අමාත්‍ය සහ ඩිජිටල් තාක්ෂණ හා ව්‍යවසාය සංවර්ධන රාජ්‍ය අමාත්‍ය නාමල් රාජපක්ෂ මහතා පවසයි.

අමාත්‍යවරයා මේ බව පැවසුවේ ඊයේ (26) දින ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති කාර්යාලය මගින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ පැවත් වූ 2021 කොරියානු තානාපති ටයිකොන්ඩෝ ශූරතාවලියේ සම්මාන ප්‍රදාන උත්සවය අමතමිනි.

මෙහිදී කාණ්ඩ 04ක් යටතේ සම්මාන ප්‍රදානය කෙරිණි.

 ප්‍රශංසා ඵලක පිළිගැන්වීම

1. ශ්‍රී ලංකා ටයිකොන්ඩු සම්මේලනය විසින් කොරියානු තානාපති අතිගරු වූජින් ජියොන් මහතා වෙත ප්‍රශංසා ඵලකය පිළිගැන්වීම.

2. කොරියානු තානාපතිවරයා විසින් ශ්‍රී ලංකා ටයිකොන්ඩෝ සම්මේලනය වෙත ප්‍රශංසා ඵලකය පිළිගැන්වීම.

 හොඳම විනිසුරුවන් සඳහා වන සම්මාන

1. වයි.ඩී.කුමාර ද සිල්වා

2. ඩබ්.ඒ.ඩී.එම්. අසිත වික්‍රමතුංග

3. එම්.ආර්.රත්නසේකර

 YouTube ජයග්‍රාහකයන් සඳහා වන සම්මාන

1. YouTube හි වැඩිම Likes සඳහා වන සම්මානය – ආර්. එම්. දුනීෂා උවන්දි – බදුල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය.

2. YouTube හි වැඩිම නැරඹුම් කාණ්ඩය (Views) සඳහා වන සම්මානය – ආර්. එම්. දුලක්ෂා දේවින්දි – බදුල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය.

 මුහුණු පොතේ ජයග්‍රාහකයන් සඳහා වන සම්මාන

1. Face Book හි වැඩිම Likes සඳහා වන සම්මානය – ආර්.එම්. දුලක්ෂා දේවින්දි – බදුල්ල දිස්ත්‍රික් ටයිකොන්ඩෝ සංගමය.

2. Face Book හි වැඩිම Shares සඳහා වන සම්මානය – යූ.එල්.ටී.එම්.ප්‍රේමකුමාර – රත්නපුර ධර්මපාල ටයිකොන්ඩෝ සමාජය.

 

මෙම අවස්ථාවට කොරියානු තානාපති අතිගරු වූජින් ජියොන් මහතා (HE Woonjin Jeong), කොරියානු තානාපති කාර්යාලයේ දෙවන ලේකම් ලිම් සො යොන් (Lim So Yeon), ක්‍රීඩා සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අමල් එදිරිසූරිය, ටයිකොන්ඩෝ සම්මේලනයේ සභාපති චමින්ද පුංචිහේවා, උප සභාපති කංචන ජයරත්න, ලේකම් රුවන් අලහකෝන්, Master Korea government Kukkiwon යන මහත්ම මහත්මීහු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

 

 

Leave a comment

Your email address will not be published. Required fields are marked *