ශ්‍රී ලංකාවේ දළ නිල සංචිතය 2026 අගෝස්තු මස අවසාන වන විට අමෙරිකානු ඩොලර් බිලියන 6.905ක් ලෙස තාවකාලිකව ඇස්තමේන්තු කර ඇති බව මහ බැංකු දත්ත පෙන්වා දෙයි.
චීන මහ බැංකුව සමඟ ඇති කරගත් මුදල් හුවමාරු (swap) ගිවිසුමේ අරමුදල් ද මෙම සංචිත ප්‍රමාණයට ඇතුළත් වන අතර, අගෝස්තු මාසයේ විදේශ ප්‍රේෂණ ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 748.6ක් ලෙස සටහන්ව තිබේ. එය ජූලි මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 777.6ට වඩා මඳක් අඩු අගයක් වුවද, 2025 අගෝස්තු මාසයේ වාර්තා වූ ඩොලර් මිලියන 680.8ක අගයට වඩා වැඩි අගයකි. මීට අමතරව, සැප්තැම්බර් 11 වන දින වන විට වසරේ ගත වූ කාලය තුළ ශ්‍රී ලංකා රුපියල අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව සියයට 5.7කින් අවප්‍රමාණය වී ඇති බවද මහ බැංකුව සඳහන් කරයි.














