පකිස්ථාන ක්‍රිකට් ක්‍රීඩකයන් වන මොහොමඩ් රිස්වාන් සහ ඉමාම්-උල්-හක් එරට ජාතික සයිබර් අපරාධ විමර්ශන ඒකකය (NCCIA) විසින් ප්‍රශ්න කරනු ලැබ තිබේ.
පකිස්ථාන කණ්ඩායම ඉංග්‍රීසි සංචාරයේදී ක්‍රීඩාගාරයේ (dressing room) තොරතුරු කාන්දු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් පකිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය (PCB) විසින් කරන ලද පැමිණිල්ලකට අනුව ලාහෝර් හි පිහිටි NCCIA කාර්යාලය වෙත මෙම ක්‍රීඩකයන් කැඳවා ඇති අතර, ඔවුන්ගේ ජංගම දුරකථන සහ මූල්‍ය ගනුදෙනු පිළිබඳවද මේ වන විට තාක්ෂණික සහ ෆොරෙන්සික් විශ්ලේෂණ සිදු කරමින් පවතී. කෙසේ වෙතත්, මේ දක්වා කිසිදු වරදක් කර ඇති බවට නිල වශයෙන් තහවුරු කර නොමැති අතර, එංගලන්ත ටෙස්ට් සංචාරයේදී කණ්ඩායම ලැබූ අන්ත පරාජයන් සහ විනය විරෝධී වාර්තා හේතුවෙන් ක්‍රීඩකයන් හත්දෙනෙකු මීට පෙර පාකිස්ථානය වෙත නැවත කැඳවා තිබිණි.














