ඉතාලියේ සුප්‍රකට මොන්සා තරග පථයේ පැවැති ධාවන තරගයකදී ශ්‍රී ලංකාවේ නැඟී එන මෝටර් රථ ධාවන ශූර යෙවාන් ඩේවිඩ් ආරම්භක 17 වන ස්ථානයේ (P17) සිට ප්‍රබල තරගකාරීත්වයක් ලබාදෙමින් 4 වන ස්ථානය (P4) දක්වා ඉදිරියට පැමිණීමට සමත්ව ඇති බව Motorsport වාර්තා කරයි.
සිය දක්ෂතාව පිළිබඳව අදහස් දක්වමින් යෙවාන් ඩේවිඩ් ප්‍රකාශ කර ඇත්තේ, තරගය පුරාම මානසික සන්සුන්භාවය තබා ගැනීමට උත්සාහ කළ බවත්, තාක්ෂණික වශයෙන් වංගු අතරින් වේගවත් නික්මයාමක් ලබා ගැනීමට අවධානය යොමු කළ බවත්ය. ඔහුගේ මෙම විශිෂ්ඨ ක්‍රියාකාරීත්වය ජාත්‍යන්තර මෝටර් රථ ධාවන ක්ෂේත්රයේ දැඩි අවධානයට ලක්ව තිබේ.














