ඉන්ධන අර්බුදය හමුවේ නැවත දැනුම් දෙන තුරු සෑම බදාදා දිනයක්ම පාසල් නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇති බැවින්, එම දිනයන්හි සිසුන් නිවසේ සිට ස්වයං ඉගෙනුම් කටයුතුවල නිරත වීම සඳහා අවශ්‍ය පැවරුම් සහ අභ්‍යාස ලබා දෙන ලෙස අධ්‍යාපන අමාත්‍යාංශය සියලුම විදුහල්පතිවරුන්ට දැනුම් දෙයි.
අධ්‍යාපන ලේකම් නාලක කළුවැව මහතා විසින් නිකුත් කරන ලද නව උපදෙස් මාලාවට අනුව පාසල් පද්ධතිය තුළ ක්‍රියාත්මක විය යුතු වැදගත් තීරණ කිහිපයක් මෙසේය
විෂය නිර්දේශ ආවරණය කිරීමට පවතින කාලය සීමිත බැවින්, පාසල් පැවැත්වෙන කාලය තුළ බාහිර උත්සව හෝ අනවශ්‍ය වැඩසටහන් පැවැත්වීම සඳහා යොදා නොගත යුතුය
ඉන්ධන පරිභෝජනය අධික ලෙස සිදුවන රථ පෙළපාලි වැනි උත්සව සංවිධානය කිරීම තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන තිබේ
පාසල් අධ්‍යාපන චාරිකා සංවිධානය කිරීම සහ දැනට සැලසුම් කර ඇති චාරිකා සඳහා සිසුන් සහභාගී කරවීම නැවත දැනුම් දෙන තුරු වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇත
පවතින දුෂ්කරතා මධ්‍යයේ වුවද සිසුන්ගේ අධ්‍යාපන කටයුතු බාධාවකින් තොරව පවත්වාගෙන යාම සඳහා මෙම ක්‍රියාමාර්ග ගෙන ඇති අතර, තත්ත්වය යහපත් වූ පසු පාසල් සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාම පිළිබඳව වැඩිදුර උපදෙස් ලබා දෙන බව අමාත්‍යාංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කරයි.














