බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. මීට අමතරව ඌව පළාතේ සහ අම්පාර, මඩකළපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකියි. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල මෙන්ම උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් ඇතුළු තවත් ප්‍රදේශ කිහිපයක විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං තත්ත්වයක් බලාපොරොත්තු විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි. ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තද සුළං සහ අකුණු මඟින් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.
















