විදේශිකයින්ට චිත්‍ර අඳින්න උගන්වන ගුරුවරියක් පිළිබදව මාතලෙ සීගිරිය ප්‍රදේශයෙන් වාර්තා වේ.
ඇය නමින් චිත්‍ර ශිල්පිණී චන්ද්‍රානී සුදුමැණිකේ විජේසූරිය මහත්මිය වන අතර ඇයගේ “Art Gallery’’ නම් චිත්‍ර ප්‍රදර්ශන මධ්‍යස්ථානය සහ ඉගෙනුම් ආයතනය සීගිරිය,කන්ඩලම 40 කොළණිය ප්‍රදේශයේ දී සුභ මොහොතින් විවෘත කිරිම ඉකුත්දා ජාතික උරුම,ප්‍රාසාංග කලා හා ග්‍රාමීය කලා ශිල්පී ප්‍රවර්ධන කටයුතු රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
“දේශීය ගැමි කාන්තාව“ මූලික තේමාව කර ගනිමින් තෙල් සායම් සහ දිය සායම් මාධ්‍යයෙන් තම නිර්මාණ සිදු කරන චන්ද්‍රානී සුදුමැණිකේ විජේසූරිය මහත්මිය වෘත්තියෙන් විශ්‍රාමික ගුරුවරියකි.
මෙම සිතුවම් සඳහා විදේශිකයින් අතර මහත් ඉල්ලුමක් සහ චිත්‍ර ඇඳීම සඳහා ඉගැනීම පිළිබඳව ඔවුන් උනන්දුවක් දක්වන බවත් එම නිසා විශේෂයෙන් මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමට කටයුතු කළ බවත් චන්ද්‍රානී මහත්මිය එහිදී සඳහන් කළා ය.
පසුගිය වසරේ කෑගල්ල ප්‍රදේශයේ දී අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සහ කලාකරුවන් අතර පැවැති හමුවකදී දේශීය කලාකරුවන් නගා සිටුවීම පිළිබඳව කළ සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස මෙම මධ්‍යස්ථානය ආරම්භ කිරීමේ මූලික සිතුවිල්ල ඇතිවූ බවත්, ග්‍රාමීය කලාකරුවන් ජාතික හා ජාත්‍යන්තර මට්ටමට ඔසවා තැබීම සඳහා අමාත්‍යවරයා සහ අමාත්‍යාංශය ගන්නා වූ වැඩපිළිවෙල පිළිබඳව ද චන්ද්‍රානී මහත්මිය එහිදී සිය ස්තුතිය පළ කළා ය.
දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත යන මහත්වරු සහ ප්රදේශවාසිහු පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.
මාතලේ මහේෂ් කිර්තිරත්න